තම කාර්යාලීය මිතුරාගේ මංගල උත්සවයට සහභාගීවන්නට මිතුරන් පිරිස සමග එකමග ගොස් මිතුරන්ට කලින් ඉක්මනින් නිවසට යන්න ගැසූ ප්ලෑන අකුරට ක්‍රියාත්මකවී මුදල් පසුම්බියත් නැතිව මහමගට වැටුණු මිතුරෙකු පිළිබඳ පුවතක් අගනුවරින් වාර්තා වේ.

විවාහ මංගල උත්සවයට සහභාගීවන ලෙසට ලැබුණු ආරාධනාව ඉහළින් පිළිගත් මේ මිතුරු පිරිස එදින මංගල උත්සවයට පිටත්ව යන්නේ තම කාර්යාලයටම ගෙන්වාගත් කුලී වෑන් රථයෙනි. උත්සවය තිබුණේ හංවැල්ල පැත්තේ හෝටලයකය.
විවිධ හේතූන් මත ඉක්මනින් සිය නිවෙස්කරා යාමට අවශ්‍යතා ඇති මිතුරන් දෙදෙනකු පමණක් වාහනයේ පසුපස අසුනේය. එකෙක් පස්දුන් පැත්තේය. අනෙකා සියනෑ පැත්තේය. “මේවාට ගියාම ආයි ඉතින් එන වේලාවක් හිතාගන්නවත් බැහැ. දන්නවනේ අපේ කට්ටියගේ හැටි. අරුන්ව රැග් කරන්න ඕනෑ කියයි. උන්ව ගෙදරට ඇරලවන්න යන්න ඕන කියයි. ඒකෙන් මේකෙන් වෙන්නේ මචං අපිට ගෙදර යන්න රෑ වෙන එකයි. හා නැද්ද හොඳයි.”
“උඹටත් ඉක්මනින් ගෙදර යන්න ඕනෑ නිසා අපි හොඳ ප්ලෑනක් ගහමු.” සියනෑ මිතුරා අනෙකාට කීය. මොකක්ද?. පස්දුන් මිතුරා ඇසීය. අපි මෙහෙම කරමු. ගිය ගමන්ම ජෝඩුවට කතා කරල ටක් ගාලා අතෙන්ට යං. බයිට් නැතත් කමක් නැහැ ළඟ ළඟම වනමු. පුළුවන්නම් කමු. බැරි නම් ඒකත් එහෙමයි. ඊට පස්සේ ජෝඩුවත් ඇදගෙන නටමු. පස්සේ ඔක්කොම නටන්න ගත්තාම අපි හීන් සැරේ පාරට පැනල දෙන්නා දෙපැත්තට එන බස් එහෙක නැගල මාරු වෙමු. අන්න හරි නියමයි. උඹට මොළෙත් තියනවා. ගිහින් අනිත්වුන්ට කෝල් එකක් දෙමු. එතකොට හරිනේ පස්දුන් මිතුරා කීය.
ප්ලෑන එලෙසම ක්‍රියාත්මක විය. පස්දුන් මිතුරා නිවසට ගොස් සියනෑ මිතුරා ඇමතීය. මචං උඹෙ ප්ලෑන නම් නියමෙට වැඩ කළා. මම දැන් ගෙදර. ඔව් ඔව් ප්ලෑන නම් නියමෙට වැඩ කළා. මං ඉන්නේ තාම කිරිඳිවැල. බස් එකේදි මට නින්ද ගිහින් කොන්දා තමයි ඇහැරෙවුවේ. මගේ පර්ස් එකත් නැහැ. බස් එකේදී කවුද උස්සලා. සියලු සේසතම පර්ස් එකේ. විස්තරේ කියලා දිගාට කෝල් කළා මාව එක්කන් යන්න එන්න කියල උන් ඔක්කොම ජෝඩුවගේ ගෙදර ගියාලු. අතේ සතේ නැහැ මචං. මං මේ තනියම තව ප්ලෑනක් ගහනව “ඒ මොකක්ද?” “මීරිගමට යන්න විදියක් ගැන.” කොහොම හරි එළිවෙන්න කලින් ගෙදෙට්ට යන්න එපැයි ඒකයි. සියනෑ මිතුරා කීය.
(සුමති කුඩලිගම)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් ඔය වගේ ප්‍රශ්න නෑ. අපි බොන්නේ නෑ. හොඳට නටලා, කාලා, අාතල් එකේ ගෙදරත් එනවා. අපේ මෝඩ සිංහල හරකුන්ට බීම නවත්තගන්න බැහැ. මුන්ගේ ටෝක් රට හදන්න... මගේ යාලුවෙක් බීලා බීලා බිම වැටිලා ඇඟපුරා වැලි නාගෙන.. හැමෝම ඉදිරියේ නෝණ්ඩි වෙලා තමයි ගෙදර යැව්වේ.. මොන ජීවිතද අප්පා මෙව්වා.. යකුනේ නොබී ඉන්න පුරුදු වෙයල්ලා... මේ පෝස්ට් එක බලලා 10ක් හැදුනොත් එ්ත් ප්‍රමාණවත්.. මන් නම් හිතන්නේ නෑ එ්ත් බොන එක නවත්තයි කියලා.. බුදු සරණයි !