IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


විවාහ වී කඳුකරයට යන තරුණියට අපූරු පාඩමක්

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)

අගනුවරට ආසන්න ප්‍රදේශයක සිට දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකට විවාහවී යාමට බලාපොරොත්තුව සිටින යුවතියකි.

එහිදී තේ දළු කැඩීමට සිදුවෙතැයි තේ දළු කැඩීම පුහුණුවක් ලැබීමට තැත් කළ පුවතකි මේ. අගනුවරට ආසන්න නාගරික ප්‍රදේශයක පදිංචි තරුණියකි. ව්‍යාපාරික කටයුතු සඳහා නගරයට පැමිණි ගමේ තරුණයකු සමග ඈ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත්තාය. මෙම සම්බන්ධයට තරුණියගේ මව්පියන් මුලදී විරුද්ධ වුවද තරුණයා පිළිබඳව සොයාබැලීමේදී දැනගැනීමට ලැබී ඇත්තේ ඔහු තේ ඉඩම් ආදී සැලකිය යුතු දේපළකට හිමිකම් ඇති අයකු බවයි. එම නිසා එම විරෝධය ටිකෙන් ටික අඩුවී ගියද එකවරම සිය කැමැත්ත ලබා නොදීමට මව්පියන් වගබලාගෙන ඇත්තේ එම ප්‍රදේශයට ඇති ගමනාගමන දුෂ්කරතා ආදීය නිසාය. මේ පිළිබඳව කතාබහකරන සෑම විටකම තරුණියගේ මව, “උඹට එහේ ගිහිල්ල කඳුවල බඩගාල තේ දළු කඩන්න තමා වෙන්නේ. නැන්දම්මගෙනුත් බේරුමක් නැති වේවි. ඔඩොක්කුවක් පිටේ බැඳලා තේ කන්දට දක්කාවි.” ආදී වශයෙන් ආඩපාලි කියන්නට ද විය. ඒ කිසිවකින් මෙම තීරණය වෙනස් නොකළ තරුණිය විවාහයෙන් පසුව එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට අදිටන් කර ගත්තාය. ඒ අනුව පෙම්වතාවට දුරකථනයෙන් ඇමතූ ඈ තේ දළු නෙළීම ගැනත් තේ දළු දැමීමට පිටේ එල්ලා ගන්නා කූඩය ගැනත් විමසුවාය. ඔහු නවීන තාක්ෂණය මගින් තේ දළු කැඩීම ගැන ඇය දැනුම්වත් කළේ ඡායාරූප ද පෙන්වමිනි. එපමණකින් සෑහීමකට පත්නොවූ තරුණිය ප්‍රායෝගික පුහුණුවද ලැබීම සඳහා නිවෙස ඉදිරිපිට තිබෙන මල් ගස් කීපයක් කප්පාදු කරගෙන ඒවායේ නැගෙන දළු කැඩීමට ඉගෙනගත්තේ නැන්දනියගෙන් එන ඕනෑම අභියෝගයකට මුහුණදීමේ අටියෙන්ලු.



අදහස් (2)

විවාහ වී කඳුකරයට යන තරුණියට අපූරු පාඩමක්

නදීලා Wednesday, 18 September 2019 01:34 AM

නාගරික අම්මලා කරන්නේ ඔයවගේ අනුවණ වැඩමයි. මමත් කොළඹට ආසන්නව පදිංචි අයෙක්... මම පිටිසරක පදිංචි ඉඩකඩම් ඇති කෙනෙක් සමග යාළුවුණා. අම්මලා අකමැති වුණා. නමුත් අපි විවාහ වුණා. ඉන් පස්සේ අම්මා මට කිව්වේ සියළු දේපල මගේ නමට ලියවාගන්න කියලා. මගේ සැමියා එයට අකමැති වුණා. එ් නිසා අම්මා මට බලකලා දික්කසාද වෙන්න කියලා. මගේ දෙමව්පියන්ගේ අදහස වෙලා තිබිලා තියෙන්නේ දේපලත් ලියාගෙන සැමියාගේ රැකියාවත් ස්ථිර වුණාම ඔහුට අණතුරක් කරලා මට විශ්‍රාම වැටුපත් ලබාගෙන එයින් අපේ පවුල ජීවත් කරන්න. අපි දැන් දික්කසාදවෙලා. එයා දැන් රාජ්‍ය ආයතනයක ලොක්කෙක්ලු මම අම්මලා නිසා අසරණව ඉන්නවා.

:       0       2

gamarala Wednesday, 18 September 2019 07:31 AM

දිරිය දියණියට සුභ පතමු. අද තරුණියන්ට ඔබ ආදර්ශයක් වේවි. අනුන් යටතේ රැකියාවක් කරනවට වඩා තමන්ගේ වතුපිටි බලාගැනීම වැදගත් . අගෙයි.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1731 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1433 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 516 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site