(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
අගනුවරට ආසන්න ප්‍රදේශයක සිට දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකට විවාහවී යාමට බලාපොරොත්තුව සිටින යුවතියකි.
එහිදී තේ දළු කැඩීමට සිදුවෙතැයි තේ දළු කැඩීම පුහුණුවක් ලැබීමට තැත් කළ පුවතකි මේ. අගනුවරට ආසන්න නාගරික ප්‍රදේශයක පදිංචි තරුණියකි. ව්‍යාපාරික කටයුතු සඳහා නගරයට පැමිණි ගමේ තරුණයකු සමග ඈ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත්තාය. මෙම සම්බන්ධයට තරුණියගේ මව්පියන් මුලදී විරුද්ධ වුවද තරුණයා පිළිබඳව සොයාබැලීමේදී දැනගැනීමට ලැබී ඇත්තේ ඔහු තේ ඉඩම් ආදී සැලකිය යුතු දේපළකට හිමිකම් ඇති අයකු බවයි. එම නිසා එම විරෝධය ටිකෙන් ටික අඩුවී ගියද එකවරම සිය කැමැත්ත ලබා නොදීමට මව්පියන් වගබලාගෙන ඇත්තේ එම ප්‍රදේශයට ඇති ගමනාගමන දුෂ්කරතා ආදීය නිසාය. මේ පිළිබඳව කතාබහකරන සෑම විටකම තරුණියගේ මව, “උඹට එහේ ගිහිල්ල කඳුවල බඩගාල තේ දළු කඩන්න තමා වෙන්නේ. නැන්දම්මගෙනුත් බේරුමක් නැති වේවි. ඔඩොක්කුවක් පිටේ බැඳලා තේ කන්දට දක්කාවි.” ආදී වශයෙන් ආඩපාලි කියන්නට ද විය. ඒ කිසිවකින් මෙම තීරණය වෙනස් නොකළ තරුණිය විවාහයෙන් පසුව එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට අදිටන් කර ගත්තාය. ඒ අනුව පෙම්වතාවට දුරකථනයෙන් ඇමතූ ඈ තේ දළු නෙළීම ගැනත් තේ දළු දැමීමට පිටේ එල්ලා ගන්නා කූඩය ගැනත් විමසුවාය. ඔහු නවීන තාක්ෂණය මගින් තේ දළු කැඩීම ගැන ඇය දැනුම්වත් කළේ ඡායාරූප ද පෙන්වමිනි. එපමණකින් සෑහීමකට පත්නොවූ තරුණිය ප්‍රායෝගික පුහුණුවද ලැබීම සඳහා නිවෙස ඉදිරිපිට තිබෙන මල් ගස් කීපයක් කප්පාදු කරගෙන ඒවායේ නැගෙන දළු කැඩීමට ඉගෙනගත්තේ නැන්දනියගෙන් එන ඕනෑම අභියෝගයකට මුහුණදීමේ අටියෙන්ලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාගරික අම්මලා කරන්නේ ඔයවගේ අනුවණ වැඩමයි. මමත් කොළඹට ආසන්නව පදිංචි අයෙක්... මම පිටිසරක පදිංචි ඉඩකඩම් ඇති කෙනෙක් සමග යාළුවුණා. අම්මලා අකමැති වුණා. නමුත් අපි විවාහ වුණා. ඉන් පස්සේ අම්මා මට කිව්වේ සියළු දේපල මගේ නමට ලියවාගන්න කියලා. මගේ සැමියා එයට අකමැති වුණා. එ් නිසා අම්මා මට බලකලා දික්කසාද වෙන්න කියලා. මගේ දෙමව්පියන්ගේ අදහස වෙලා තිබිලා තියෙන්නේ දේපලත් ලියාගෙන සැමියාගේ රැකියාවත් ස්ථිර වුණාම ඔහුට අණතුරක් කරලා මට විශ්‍රාම වැටුපත් ලබාගෙන එයින් අපේ පවුල ජීවත් කරන්න. අපි දැන් දික්කසාදවෙලා. එයා දැන් රාජ්‍ය ආයතනයක ලොක්කෙක්ලු මම අම්මලා නිසා අසරණව ඉන්නවා.
දිරිය දියණියට සුභ පතමු. අද තරුණියන්ට ඔබ ආදර්ශයක් වේවි. අනුන් යටතේ රැකියාවක් කරනවට වඩා තමන්ගේ වතුපිටි බලාගැනීම වැදගත් . අගෙයි.