පියා බලන්න රෝහලට යන්න නොදුන්නාම පුතා අමුතුම විදියකට විරෝධය පාලා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය පියාට දහවල් බත්පත රැගෙන යාමට රෝහල් ආරක්ෂක අංශය ඉඩ නොදීමට විරෝධය පා ආරක්ෂක අංශ ඉදිරියේදී බිම වාඩිවී එම බත්පත ලිහාගෙන කෑ පුතකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ රෝහලකින් වාර්තා වේ. 13 June 2019
රෑට දාන කණ්ණාඩි පැළඳ නාන්න ආ තරුණයාට කතුන්ගෙන් පාඩමක් රියැදුරන් භාවිත කරන රාත්‍රියට පෙනෙන කණ්ණාඩියක් දමාගෙන පොදු නාන ලිඳක් ළඟ කාන්තාවන්ට වෙන්කළ කොටසට එබිකම් කළ අයකුට ජල ප්‍රහාරයක් එල්ලවීම නිසා පැනගිය සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 12 June 2019
ගෙදරට ගල්ගැසූ භූතයා ගෙදරම ඉඳලා සතියක පමණ කාලයක සිට රාත්‍රී කාලයේ නිවෙසකට ගල් ගසමින් වැලි ගසමින් සිටි භූතයකු නිවැසියන්ට අල්ලා දීමට දඹුල්ල නගරයට නුදුරින් පිහිටි කලුන්දෑව ගම්මානයේ තරුණයන් පිරිසකට හැකිවී තිබේ. 11 June 2019
බිත්තර වී මල්ල විකුණා බූරුපොළට රිංගලා කුඹුරේ වැපිරීම සඳහා අඳ අයිතිකරු විසින් ලබාදුන් බිත්තර වී මල්ලක් උකසට තබා බූරු පොළකට රිංගා හිස් අතින් නිවසට පැමිණි අඳ ගොවියකු පිළිබඳ පුවතක් වාර්තාවිය. 10 June 2019
යතුරු පැදියෙන් මඟුලට ගිහින් විල්බැරෝවෙන් ගෙදර ඇවිත් මංගල සාදයකට සහභාගී වී පදම ඉක්මවා සුරාව පානය කළ මැදිවියේ පසුවන්නකු තමන් පැමිණි යතුරුපැදිය වෙනුවට විල්බැරොවක් තල්ලු කරගෙන නිවෙසට ගිය සිද්ධියක් ගිරිබාව ප්‍රදේශයේ ගමකින් දැන ගැනීමට ලැබුණි. 08 June 2019
ලව් කරන්න පන්දාහක රීලෝඞ් කොන්දේසියක් ඔහු තිස් හතර හැවිරිදි වියේ පසුවන තරමක් මෝඩ පහේ අවිවාහකයෙකි. පියාගේ ඇවෑමෙන් පසු හැත්තෑ තුන් හැවිරිදි මව සමඟ ජීවත් වූ මොහු ගමේ කවුරුත් ඉතා කුළුපගව ඇසුරු කළේය. දිනක් ගමේ තරුණ පිරිසක් සමඟ කතාබහ කරමින් සිටින විටදී ඔවුන් ඔහුට යෝජනා කළේ අපි හැමෝම ගැහැනු ළමයි එක්ක යාළුවෙලා ඉන්නවා වාගේ ඔයත් ගැහැනු ළමයෙක් එක්ක යාළුවන ලෙසය. 08 June 2019
හොර ගෑනි එක්ක ලගින්න ගිහින් රැයක් පුරා කූඩුවේ රාත්‍රී කාලයේදී කාටත් හොරෙන් තම හිතවතියක සමග රැය පහන් කිරීමට යාබද ගම්මානයකට ඇතුළු වූ පුද්ගලයකු ගම්මානයේ පිරිසගේ සැකයට භාජනය වීම නිසා පොලිස් කූඩූවේ ලගින්නට සිදුවූ පුවතක් එළවළු වගාවට නම ගිය උඩරට ප්‍රදේශයේ ගොවි ගම්මානයකින් වාර්තා වේ. 08 June 2019
ගෑනු පස්සෙන් යනවාට ගෙදර ගෑනිගෙන් රිදෙන්න දඬුවමක් තම විවාහක ස්වාමි පුරුෂයා සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් නිසා ඔහුට අපූරු දඬුවමක් දුන් තරුණ බිරියක් පසුව පැමිණ පොලිසියට බාරවූ බව හලාවත පොලිසිය කියයි. 08 June 2019
කන්තෝරු මහත්තයාගේ බෑගයෙන් සූප්පුවක් බේබි සූට් බස්නාහිර පළාතේ සමාජ සේවා ආයතනයකට සම්බන්ධ මාණ්ඩලික නිලධාරියෙකි. පසුගියදා සේවයට යන ගමන් තම දරුවා ද රැගෙන පාසලට ගොස් ඔහු එහි නවතා කාර්යාලයට ගියත් බිරිඳගෙන් හදිසි දුරකතන ඇමතුමක් ලැබුණේ යළි දරුවා රැගෙන නිවෙසට එන ලෙසටය. 08 June 2019
ගස් බැන්ද හොරා ලවා වත්තේ පොල් කඩවාගෙන තම ගෙවත්තේ හොර පොල් කැඩීමට ආ සොරකුට එම ගෙවතු හිමියා විසින් ලබා දුන් දඬුවමක් පිළිබඳ පුවතකි. 08 June 2019
විවාහක කතකට මුහුණු පොතෙන් ගිය ආත්මයේ සොයුරා හමුවෙලා මුහුණුපොත මගින් දැන හඳුනගත් පුද්ගලයෙකු සැමියාගේ ද අනුදැනුම මත බිරිඳ සිය නිවසට ගෙන්වා ගෙන සිටිය දී නාඳුනන පුද්ගලයා ගැන අහල පහළ අයට සැක සිතී පොලිසියට දැනුම් දීමෙන් 07 June 2019
බසයේ සිටි පෙම් යුවළට මහලු මවගෙන් අපූරු යෝජනාවක් බස් රථයක සිටි පෙම් යුවළකට බස් රිය වෙනුවට ගිලන් රියකින් ගමන් කිරීමට කළ අපූරු යෝජනාවක් පිළිබඳ පුවතකි මේ. 06 June 2019
සෙල්ලම් බඩුවලින් හොරා අතටම අහුවෙලා සුදු ජාතිකයෙකු වූ ඔහු ආයතනයක උසස් නිලධාරියෙකි. ජීවත් වූයේ බිරිඳ සහ කුඩා දරු දෙදෙනා සමඟය. ඔහුට රියැදුරෙකු, අරක්කැමියෙකු සහ නිවසේ ආරක්ෂාවට පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ද ආයතනයෙන් සපයා තිබිණි. 05 June 2019
සේනා දළඹුවා උගසට තියා බිරියගේ රන් මාලෙට විදලා කිරි වැදීමට ආසන්න වෙමින් පවතින ගොයමට සේනා දළඹු උවදුර වැළඳී ඇතැයි පවසා කුඹුරට කෘමිනාශකයක් ඉසීම සඳහා බිරියගේ කරබැඳි රන් මාලය උකස් කිරීමට ඉල්ලා ගෙන ගිය ගොවියකු කටගොන්නක් බී එම කුඹුරේම හතරගාතෙන් වැටී සිටි බව කියැවෙන පුවතක් වාර්තාවේ. 04 June 2019
බිරිය හූනාට බියවී සැමියා දවසක්ම නිවාස අඩස්සියේ හූනු සාත්තරයට අනුව බිරියගේ රැකවරණය මත සැමියාට නිවාස අඩස්සියේ එදින දවස පුරා කල්ගත කිරීමට සිදුවීමේ පුවතක් වයඹ හා රජරටට මායිම් අතර පිහිටි ගම්මානයකින් අසන්නට ලැබුණි. 03 June 2019
මවගේ පින් පඩියට විද්ද පුතයි-ලේලියි ගමෙනුත් මාරුවෙලා වයෝවෘද්ධ මවට ලැබෙන වැඩිහිටි දීමනාව වංචා කළ පුතෙක් හා ලේලියක පිළිබඳ කතා පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවිය. 31 May 2019
පුතාට විභාගේ ලියන්න අම්මා අපූරු ගුරුකමක් කරදීලා පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කිරීම සඳහා මවක් කරදුන් අපූරු ගුරුකමක් පිළිබඳව මහනුවර ආසන්න ග්‍රාමීය පාසලකින් වාර්තා විය. 30 May 2019
රැග් එක දෙන්න ගිය අය රැග් වී හූ වරුෂාවක්... මගුල් උත්සවයේදී මංගල යුවළට රැග් එක දීමට සුදානම් වූ පිරිසකට මනාල යුවළ එක්ව රැග් එක දීමේ පුවතක් මොරගොල්ලාගමට නුදුරින් පිහිටි රජරට ප්‍රදේශයේ ගම් සීමවෙකින් අපට අසන්නට ලැබුණි. 29 May 2019
නරක්වූ පොල්ගෙඩිය ආපසු දෙන්න රු.500 ක් දී ත්‍රිරෝදරියක ඇවිත් රුපියල් හැටකට නාඋල නගරයෙන් මිලදී ගත් පොල් ගෙඩියක් නිවසට ගොස් බලන විට නරක්වීම හේතුවෙන් උරන වූ කාන්තාවක් රුපියල් පන්සීයක් වැයකර ත්‍රි රෝද රථයකින් පැමිණ අදාළ වෙළදසැලේ හිමිකරුට බැණ වැදීමේ සිද්ධියක් පසුගිය දා නාඋලින් වාර්තා විය. 28 May 2019
ආයතන ප්‍රධානියාගේ ඉල්ලීමට කොන්ත්‍රාත්කරුවාට තරු පෙනිලා රජයේ ආයතනයක අබලන් වූ ජල ටැංකියක් අලුත්වැඩියාව සඳහා පැමිණ අධික මුදලක් වැය වන බවට ඇස්තමේන්තුවක් සැකසූ පෙදරේරුවකුට එම ආයතනයේ ප්‍රධානියා විසින් බදාම තාච්චි හත අටක් සහ මේසන් හැන්දක් රැගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටි බව කියැවෙන පුවතක් වාර්තා විය. 27 May 2019
විභාගය කොටකර ගුරුවරිය නාන්න ගිහින් සත් කෝරළයේ එක්තරා ප්‍රසිද්ධ පාසලකි. මේ සියලු පාසල්වල වාර අවසාන විභාග පැවැත්වෙන සමයයි. මෙම ප්‍රසිද්ධ පාසලේ ද උසස් පෙළ පන්තියේ සිසුන් උදෑසනම පාසලට පැමිණ සිටියේ විභාගයට සාර්ථකව මුහුණ දීමේ අපේක්ෂාවෙනි. උදෑසන ආගමික වතාවත් නිමවා සියලු සිසුහු විභාග ශාලාවට ගොස් වාඩි වූහ. තමන් ළඟ තිබූ පොත්පත් ඉවත් කර පාඩම් කළ කරුණු මතකයෙහි රඳවාගෙන අපේක්ෂා සහිතව බලා සිටියහ. 25 May 2019
බසයේ අනඟ රැඟුමට කොන්දොස්තර මත්වෙලා රටේ පැවැති උණුසුම්කාරී තත්ත්වය මැද සෙනඟ පිරුණ බස් රථයක තරුණ යුවළකගේ අනඟ රැඟුම් දැක උද්දාමයට පත් වූ බස් කොන්දොස්තරවරයෙකු මුහුණ දුන් අපූරු පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ගයකින් වාර්තා වේ. 25 May 2019
පාසිකුඩා වෙරළේ තිබී හමුවූ රන් අබරණ අයිතිකරුවන්ටම පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සද්ක්‍රියාවක් පාසිකුඩා වෙරළ තීරයේ වැටී තිබී හමුවූ රුපියල් ලක්ෂ 03කට වැඩි වටිනාකමකින් යුතු පවුම් 06ක පමණ රන් ආභරණ කිපයක් එහි හිමිකරු වෙත බාරදීමට පාසිකුඩා පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීහු පිරිසක් කටයුතු කළහ. 25 May 2019
පිනට දුන් කොත්තුවක් එක්ක දාහෙ කොළේ කුණු බක්කියේ වේලාව රාත්‍රී නවයට පමණය. වසා ඇති ආයතනයක් ඉදිරියේ ආරක්ෂක නිලධාරියෙක් රාජකාරියේ යෙ දී සිටියේය. වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක රියදුරා “අංකල් චිකන් කොත්තුවක් තියෙනවා කන්නැයි” පවසා පාර්සලයක් ආරක්ෂක නිලධාරියා අත තැබීය. 25 May 2019
සැඟවුණු අමුත්තා සැඟවී දෙවියන් සිහිවෙලා දකුණු පළාතේ එක්තරා ප්‍රසිද්ධ ග්‍රාමීය මුල්‍ය සමාගමක් සංවිධානය කළ අවුරුදු උළෙලක සැඟවුණු අමුත්තා තරගයක දී අපූරු සිද්ධියක් සිදුවිය. 25 May 2019
අවුරුදු තෑගි වටේම ගිහින් ගෙටම එනවට අලුත් සූත්තරයක් සිංහල අලුත් අවුරුද්දට තෑගි බෝග අරන් නෑ හිත මිතුරන් බැලීමට යාම කොයි කවුරුත් චාරිත්‍රයක් විදියට කරනවා. විහිළුකාරයකුවන සුගතපාලගේ ගෙදරටත් වටපිටාවෙ හැම ගෙදරකින්ම වගේ ඇවිත් තිබුණත් ඔවුන්ට ඒ ගෙවල්වලට යන්න තරමක් ප්‍රමාද වුණා. 25 May 2019
නිර්දෝෂි බව තහවුරු කරන්න පොලිස් රාලහාමිට සරම ගලවා පෙන්වලා තමන් නොකළ වරදක් වෙනුවෙන් පොලිස් රාලහාමි කෙනෙකු නඩුවක් පැවැරීමට සූදානම් වූ අවස්ථාවේ තම නිරවද්‍යතාව ඔප්පු කිරීම සඳහා ඇඳ සිටි සරම ලිහා පොලිස් රාලහාමිට පෙන්වීමට රියැදුරෙකුට සිදුවූ අපූරු පුවතක් පොලොන්නරුව පෙදෙසින් ඇසුණි. 24 May 2019
තාත්තගෙ ඉල්ලීම ඉටුකරන්න ගිහින් අම්මටයි දුවටයි තරු පෙනිලා රැකියාව සඳහා විදේශගතව සිටින සිය සැමියාගෙන් ලද නියෝගයක් ඉටු කිරීමට පියවර ගත් මුසල්මානු බිරිඳකට හා ඇය සමග සිටි පාසල් වියේ වූ දියණියට ද පොලිස් අත්අඩංගුවට පත්වන්නට සිදුවීමේ පුවතකි මේ. 23 May 2019
කොග්ගල ඩිපෝවේ කොන්දොස්තරයකුට අයිති බස්රියක් දිනය ඉකුත් 20 වැනි සඳුදාය. කොග්ගල ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයකි. හැටන් සිට ගාල්ල බලා ධාවනය වන බස් රථය අම්බලන්ගොඩ බස් නැවතුම් පොළට ළඟා වන විට පෙරවරු නවයයි පහළොවත් විස්සත් අතර පමණ විය. 22 May 2019
පොලිසිය දැකලා අමුතු ගැටයක් ගහලා ගැණුම්කරුවන්ට විකිණීම සඳහා සකස් කරමින් සිටි ගංජා මිටි කීපයක් පොලිස් නිලධාරියකු එනු දැක ගිල දැමූ කාන්තාවක පිළිබඳ අපූරු සිදුවීමක් රත්නපුරයට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 21 May 2019
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026