ගෙදර අයට හොරෙන් දුම්වැටියක් බීමට ගොස් අමාරුවේ වැටුණු තරුණයකු පිළිබඳව ගම්බඳ ප්‍රදේශයකින් වර්තාවිය.
සිද්ධිය මෙසේය.

ඔහු අවිවාහක තරුණයකි. ඔහුත් නැගණියන් මවත් පමණක් නිවසේ ජීවත්වී තිබේ.
නිවස ඉදිරිපිට පුංචි කැලෑ රොදක් තිබෙන අතර ඔහු දුම්වැටි බීමට මෙම ස්ථානය තෝරාගත්තේ නිවසට නොපෙනෙන නිසාය. ඒ අසලම නිවසක විවාහක තරුණ යුවළක් ද පදිංචි වී සිටිති. එම නිසා නිවසේ තරුණයා රාත්‍රි කාලයේදී ආයතනයක මුර වැඩකට යන්නේය.
මුලින් කී තරුණයා සුපුරුදු පරිදි රාත්‍රි වෙනතුරු රූපවාහිනිය නරඹා රාත්‍රි 10ට පමණ කැලෑ රොදට ගොස් ඇත්තේ දුම්වැටියක් බීමටය.
සිගරැට්ටුවක් දල්වා පානය කරන අතරතුර ටික වේලාවකින් තමාව තරයේ කවුරුන් හෝ බදාගත් බව දැනුණ තරුණයාට දෙවියන් සිහි වී ඇත.
එවිටම ‘අනේ ඇයි ඔයා පරක්කු වුණේ. මෙතනට ඇවිත් මට හොරෙන් සිගරැට් බොනව නේද’ යැයි තරුණියක් අසනවා ඇසී ආයාසයෙන් ඇය දෙස හැරෙනවාත් සමග විදුලි වේගයෙන් ඇය අල්ලපු නිවස වෙත දිව ගොස් තිබේ. සිහි දල්වා ගත් තරුණයා කාරණය වැටහී තම නිවසට ගිය අතර අල්ලපු ගෙදර තරුණිය ඔහු හමුවීම මග හැරියේ තම අනියම් සම්බන්ධයතාව ගැන ඔහුට මාට්ටු වූ බැවිනි.
(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හොර වැඬේට කැලේ රිංගලා අනංගයා ඇඟට පැනලා