(ගල්ගමුව නිහාල් ජයවීර)
දුර බැහැර ප්‍රදේශයක සිට මළගෙදරකට පැමිණි ඥාතීන් දෙදෙනකු තමන්ට නවාතැන් දුන් ඥාති ගෙහිමියාගේ රුපියල් 68000ක් පමණ වටිනා රන් බඩු තොගයක් සොරාගෙන යාමේ සිද්ධියක් ගල්ගමුව පොලිසියෙන් දැන ගැනීමට ලැබිණ.

ගෙහිමියාගේ වැඩිමහල් සහෝදරයකු මියයාම නිසා ඒ මළගමට සහභාගි වීමට දුර බැහැර ප්‍රදේශවල සිට ඥාති හිතවතුන් බොහෝ පිරිසක් පැමිණ තිබේ. ඇතැමුන් දේහයට අවසන් ගෞරව දක්වා එදිනම පිටව ගොස් ඇති අතර තවත් පිරිසක් මළගම අවසන් වන තෙක් නිවසේ රැඳී සිටියහ. ඒ පිරිස් අතර මහියංගණය ප්‍රදේශයේ සිට පැමිණි ඥාතීන් දෙදෙනකු ද විය. ඔවුන් හත් දවසේ දානය වන තෙක්ම එහි සිට ඇති අතර නවාතැන් ගෙන සිට ඇත්තේ පැමිණිලිකාර ගෙහිමියාගේ නිවසේය.
හත් දවසේ දානය අවසන් වීමෙන් පසු මහියංගණයෙන් පැමිණි ඥාතීන් දෙදෙනා ද සිය ගම්බිම් බලා ගොස් ඇති අතර සහෝදරයාගේ මියයාම නිසා අතකර පැළඳගෙන සිටි රන් අබරණ ගලවා අල්මාරි ලාච්චුවේ තබා තැබූ ගෙහිමියා ද එදින රාත්‍රියේ ලාච්චුව පරීක්‍ෂා කරන විට එහි රන් අබරණ අතුරුදන්ව ඇති බව දැක තිබේ.
ගෙහිමියා පැළඳ සිටි පෙන්ඩනය සහිත රන්මාලය, පුරුක් සහිත රන් මාලය, මුද්ද, ගෙහිමියාගේ දරුවාගේ පෙන්ඩනය සහිත රන් මාලය හා තවත් පෙන්ඩනයක් මෙසේ සොරාගෙන ගොස් ඇති බවට ඔහු ගල්ගමුව පොලිසියට පැමිණිලි කොට තිබේ.
නෑයෝ වේයන් වී තමාට අලාභ හානියක් කර ඇති බවත් දුර බැහැරින් පැමිණි ඥාතීන් යැයි කියැවෙන අයට නවාතැන් දීමෙන් තමන්ට සිදුවූයේ වඳින්න ගිය දේවාලය හිසට පාත් වූවාක් වැනි සිද්ධියක් බවත් ගෙහිමියන් පොලිස් නිලධාරීන්ට පවසමින් මේ පැමිණිල්ල සිදුකොට තිබේ.
ගල්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දුමින්ද නයනසිරි මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ සිදුවෙයි.
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මළගෙදර ඇවිත් රන් බඩුත් අරන් මාරුවෙලා