IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අත්තම්මාගේ මළගම ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ

(වියලුව වාර්තාකරු)
සිය මිත්තණිය මියගොස් ඇතැයි ආයතන ප්‍රධානියාට බොරු කියා නිවාඩු ලබාගත් එක්තරා ආයතනයක සේවකයෙකු සිංහ ධජයක් ද අතැතිව කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරගයක් නරඹමින් සිටින අයුරු එම ආයතන ප්‍රධානියාට රූපවාහිනී තිරයක් හරහා දැකගන්නට ලැබීමේ පුවතකි.


එම ආයතනයේම සේවක පිරිසක් පැවැසූ අන්දමට සිද්ධිය මෙසේය.


 එය සේවක හිඟයක් පවතින ආයතනයකි. ඒ නිසාම අත්‍යවශ්‍ය කාරණාවන්හිදී හැර නිවාඩු ලබා නොගන්නා ලෙස එහි ප්‍රධානියා සේවක පිරිසට නියෝග කර තිබිණි.


නිවාඩු ලබාගැනීමට අවශ්‍යවන්නේ නම් තම සේවය ආවරණය කිරීම සඳහා තවත් අයෙකු ලවා නිවාඩු ඉල්ලුම්පත අත්සන් කරවා ගන්නා ලෙස ද ඔවුන්ට වැඩිදුරටත් දන්වා තිබිණි.


ක්‍රිකට් තරග නැරඹීම පුරුද්දක් කරගෙන සිටි එහි සේවකයෙකු තමුන් ආදරය කරන ක්‍රිකට් තරුවකගේ සමු ගැනීම සජීවීව දැක බලා ගැනීම සඳහා අදාල තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය වෙත යාමට කල් තබාම සියල්ල සූදානම් කර ගනු ලැබූවද පරහකට හිටියේ ආයතනයෙන් නිවාඩු ලබාගැනීම බව මිතුරෙකුට කියා සිටියේ ඔහුගෙන් හෝ උපදෙසක් බලාපොරොත්තුවෙනි.


මිතුරාගෙන් ලැබුණේ අපූරු උපදෙසකි.


ඒ අනුව සිය ආයතන ප්‍රධානියා වෙත ගිය හෙතෙම සිය මිත්තණිය මියගොස් ඇති බවත් අවමඟුල් කටයුතු පසුදින පැවැත්වෙන බැවින් නිවාඩු ලබාග ගත යුතු බවත් පැවසීය.


එම පුවතින් දැඩි ලෙස කම්පාවටපත් ආයතන ප්‍රධානියා ද ඔහුට නිවාඩු අනුමත කර දුන්නේ මිත්තණියගේ අවමංගල්‍යය වෙනුවෙන් තම ශෝකය ද ප්‍රකාශ කරමිනි.


තවත් ක්‍රිකට් පිස්සෙකු වූ ආයතන ප්‍රධානියා ද තමුන්ට ලද විවේකය අතරතුර නිවසේ වූ රූපවාහිනී තිරයේ ඒවන විටත් ප්‍රචාරය වෙමින් තිබූ තරගයක් දෙස බලා සිටියේ තමුන් ආදරය කළ ක්‍රිකට් තරුවේ පන්දුයැවීම පිළිබඳ පවුලේ උදවිය සමඟ ද පුරසාරම් දොඩවමිනි.


තරගය නරඹමින් සිටින අතරතුර තවමත් පස්වන පන්තියේ ඉගනුම ලබන ඔහුගේ වැඩිමහල් දරුවා එක්වරම රුපවාහිනී තිරය දෙසට ඇඟිල්ල දිගු කරමින් සිය පියාට පෙන්වා දුන්නේ පියාගේ ආයතනයේ සේවකයෙකු ජාතික කොඩියක් ද වනමින් මිතුරන් පිරිසක් සමඟ තරගය නරඹන ආකාරයයි.


කෙසේ වෙතත් සිය සේවකයා පිළිබඳ අනුකම්පා කළ ප්‍රධානියා පසුදින ඔහු මුණගැසී ඔයාගේ ආත්තම්මගේ මළගෙදර තිබුණේ ඛෙත්තාරාමයේද යනුවෙන් කියා සිටියේ කාර්යය මණ්ඩලයේ සෙසු පිරිස ද සිනහ සයුරේ ගිල්වමිනි.

 



අදහස් (1)

අත්තම්මාගේ මළගම ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ

apeksha Thursday, 08 August 2019 06:42 AM

අහිංසක බලාපොරොත්තුවක් ඉටුකර ගැනීමක්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 40 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site