(පොල්ගස්ඕවිට - එස්. වික්‍රමආරච්චි)
වියපත් යුවළකට උදවුවක් කිරීමට යතුරුපැදියෙන් ගොස් ත්‍රිරෝද රියකින් පැමිණි බව අඟවා ඔවුන්ගෙන් වාහන කුලිය වශයෙන් වැඩි මුදලක් ලබාගැනීමට උත්සාහ කළ මිතුරන් දෙදෙනෙකුට සිදුවූ අලකලංචියක් පිළිබඳව අගනුවරට ආසන්න ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

විශ්‍රාමික ගුරු යුවළකි. තමන්ගේ වත්ත පිරිසුදු කරවා ගැනීමට සහ වත්ත වටා ඇති ඉණිවැට අලුත්වැඩියා කරවා ගැනීමේ අවශ්‍යතාවක් ඔවුන්ට ඇතිවිය.
එම කටයුත්ත කුලීකරුවකුට බාර දෙනවාට වඩා තමන්ගේම කෙනෙකු ලවා කරවා ගැනීම වඩා ලාභදායී සහ විශ්වාසවන්ත යැයි සිතූ විශ්‍රාමික ගුරු මහතා කිලෝමීටර් හත අටක් ඈතින් සිටින තමන්ගේ තරුණ මුණුබුරෙකුට දුරකතනයෙන් මේ පිළිබඳව දැනුම් දුන්නේය.
“හරි හරි සීයෙ අපි හෙට එන්නං” කියූ මුණුබුරා තමන්ට පැමිණීමට වාහනයක් නම් නොමැති බවද පැවසීය.
“වීල් එකක් අරං එන්න, මං හයර් එක දෙන්නම්” ඊට පිළිතුරු දෙමින් සීයා පැවසීය.
තරුණයා මේ කටයුත්තට යාම සඳහා තම මිතුරෙකුට ද ආරාධනා කළේය. ඇරයුම පිළිගත් මිත්‍රයා තම යතුරුපැදියෙන්ම ගමන යාමට ද යෝජනා කළේය.
පසුදින උදෑසනම ගමන පිටත් විය. මඳ දුරක් යද්දී මුණුබුරාට සිහි වූයේ යතුරුපැදියෙන් ගොස් සීයාගෙන් ත්‍රිරෝද රථ ගාස්තුවක් ලබාගැනීම එතරම් හොඳ මදි බවයි. ඔහු මේ බව මිතුරා සමඟ පැවසීය.
“හරි බං, අපි සීයලගෙ ගෙවල්වලට මෙහායින් බයික් එක හංගමු, ත්‍රීවීල් එකකින් ඇවිත් බැහැල යන විදියට සීයලගෙ ගෙදරට යමං, වැඬේ ගොඩනේ”_ මිතුරා උපක්‍රමය කීවේය.
ඒ අනුව සීයලාගේ නිවෙසට මඳක් මෙපිටින් තිබූ අතහැර දමන ලද නිවෙසක පිටුපස යතුරුපැදිය නවතා හෙල්මට් දෙකද එහි රඳවා සීයලාගේ ගෙදරට ගිය දෙමිතුරෝ හවස දෙක තුන වනතුරු වැඩකළේ අත්තම්මාගේ ඉහළ සංග්‍රහ සත්කාර ද භුක්ති විඳිමින්ය.
සීයාටත් අත්තම්මාටත් වැඳ නමස්කාර කළ දෙදෙනා ආපසු ඒමට පිටත්වූයේ ත්‍රිරෝද රථ ගාස්තුවට අමතරව සීයා ලබාදුන් සන්තෝසම් මුදල ද සාක්කුවේ දමාගෙනය.
සීයා ඇන්ඳ වූ ඇන්දිල්ල ගැන පාරම්බාමින් පැමිණි දෙදෙනාට දෙවියන් සිහිවූයේ යතුරුපැදියේ රඳවා තිබූ හෙල්මට් දෙකෙන් එකක් අතුරුදන්ව ඇති බැව් දැක්කාමලු._
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
සීයා ඇන්දවූ මුණුබුරාට දවල් තරුත් පෙනිලා