කිටි කිටියේ හිරවූ මගී ප්‍රවාහන බස් රථයක යමින් සිටියදී ගාස්තුව ගෙවීමට සිය පිටුපස සාක්කුවේ තිබූ මුදල් පසුම්බිය ගැනීමට යාමේදී රූමත් කාන්තාවකගේ පසුපස අත වැදීමෙන් ඇයගේ කම්මුල් ප්‍රහාරයට ලක්වූ තරුණයකු පිළිබඳව පුවතක් දකුණේ වාර්තා වේ.
කොළඹ සිට දකුණු පළාතේ ප්‍රධාන නගරයකට ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථයකි. ප්‍රධාන පොහොයකට නිවාඩුවට යමින් සිටි පිරිස නිසා මේ බස් රථය මගීන්ගෙන් කිටි කිටියේ හිරවී තදවී තිබිණි. අඩි දෙක තියා එක අඩියක්වත් තබා ගමන් ගැනීමට නොහැකි ආකාරයටම එහි පොල් පැටවුවාක් මෙන් සෙනඟය.

ඒ අස්සේ බස් රථයේ කොන්දොස්තර, ටිකට් ගන්න... ටිකක් ගන්න... යයි මර ලතෝනි දෙමින් බස් රථයේ පසුපස සිට ඉස්සරහට එමින් සිටියේ රථයේ සිටි මගීන්ද තෙරපාගෙනය.
කොතරම් සෙනඟ බස් රථයේ සිටියත් ටිකට් ගත යුතුම නිසා මේ බස් රථයේ සිටි තරුණයෙකු සිය කලිසමේ පිටුපස සාක්කුවට අත දැමුවේ මුදල් පසුම්බිය ගැනීමටය. එසේ අත දමන විටදී කලිසම් සාක්කුවේ මුදල් පසුම්බිය ගැනීමට අතේ ඇඟිලි දෙකක් දමා ඇද්දේ අනෙක් ඇඟිලි තුනට කරන්නට දෙයක් නොවූ නිසාවෙනි.
සෙනඟ කිටි කිටියේ සිටි නිසා මුදල් පසුම්බිය ගැනීමට යාමේදී කාන්තාවකගේ පිරිමියෙකුගේද නොදත් ඔහුගේ අත තමාට පසුපස හරවාගෙන සිටි අයකුගේ පසුපස ගෑවුණි. ඒ ඔහු නොදැනුවත්වමය.
ගතවූයේ ටික වේලාවකි. වැදගත් කාන්තාවකට බස් එකකවත් යන්න දෙන්නේ නැහැයි කියමින් කාන්තාවක් මේ තරුණයාගේ කන හරහා දිගට හරහට නෙලුවාය. මේ කිසිවක් නොදත් තරුණයාට තමන් කරන්න ගියදේ කීමටවත් ඉඩක් නොලැබුණේ සිදුවූ දේ ගැන ගල් ගැහී සිටි නිසාය.
මෙයට පොහොර දැමීමට තවත් තරුණයින් හා වැඩිහිටියන් කිහිප දෙනෙකුම ඉදිරිපත්ව තිබූ බැවින් මේ වන විටත් ඔහුගේ කම්මුල රත් පැහැ වී තිබිණ.
අනේ මම කාගෙවත් පස්ස අල්ලන්න ගියේ නැහැ. මටත් හොඳ ලස්සන නෝන කෙනෙක් ඉන්නවා. මම ටිකට් ගන්න පර්ස් එක ආදින කොටයි මේක වුණේ. මම දන්නේ නැහැ කාගේ පස්සෙද මගේ අත වැදුණේ කියලා. මට ඒ ගැන හොයන්න තියා බලන්නටත් විදිහක් නැහැ. මේ සෙනඟ නිසා ලජ්ජාවටපත් ඔහු දෙනෙතේ කඳුළු පුරවාගෙන කීවේ. වෙනත් තමන්ට මේ වෙනුවෙන් කරන්න දෙයක් නොතිබූ නිසාවෙනි.
සිදුවූ දේ තේරුම් යනවිට සියල්ල සිදුවී හමාරය. කෙනෙකුට චෝදනාවක් කරන විට මීට වඩා හොඳට හොයල බලලා කළ යුතු යැයි අර කාන්තාවට චෝදනා කරමින් ඔහුට පහරවල් එල්ල කළ පිරිස කීවේ අපිට සමාවෙන්න අපි කළ වරදට යයි කියනවිටත් ලජ්ජාවටපත් ඔහු ඊළඟ නැවතුමෙන් ගමනාන්තය කරා නොගොස් බැසීමට තීරණය කර තිබුණේය.
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මොනවට කියනවද මේවා...? සමහර වෙලාවට කෙල්ලෝ ඇවිත් හරියටම ඉස්සරහ හිටගෙන පස්ස තියන් ඉන්නවා. කිසි ගානක් නැහැ. එහෙම තියල අපි ගෑවුනොත් රවලා බලනවා. එතකොට වෙන්නේ මේ කොල්ලට වුණා වගේ අපිටත් බහින්න. අනේ මන්ද මේවා. කෙසේ වෙතත් කිසිම මනුස්සයෙකුට තමන්ගේ සංවරකම තියාගෙන ලංකාවේ ප්‍රවාහන සේවයක යන්න නම් බැහැ...
මම නම් කෝකටත් කලින් මුහුණ පෙන්නලා යන්තම් හිනාවෙලා ඉන්නවා. ක්‍රමය නොදන්න අය ගුටිකනවා.
හුගක් ලාංකිකයෝ හදිස්සිකාරයෝ. නීතියක් නැති නිසා තමුන් නීතිය ක්‍රියාත්මක කරන්න යනවා. අන්තිමේ දී වැරැද්ද වැටහෙනකොට හානිය සිදුවෙලා ඉවරයි. යහපාලනය පත් කරගත්තා වගෙයි. ගුටි කාපු එකත් නීතිය දන්නේ නෑ. ඔහුට තිබුනේ රියදුරු ලඟට ගොස් බස්එක ලඟම පොලිසියට ගෙනයාමයි. ගහපු එවුන්ටයි ඔවුන්ව උසි ගන්වපු හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ගොරවන ගැහැණුන්ටයි දෙගොල්ලන්ටම පාඩමක් ඉගැන්වීම රට ගැන හිතන කවුරුන් හෝ කළයුතුයි.
අයියෝ මේක වැරදිමක්ලුනේ