IMG-LOGO

හූනියම වැරැදී තොවිලය කනපිට හැරිලා

දකුණේ ගම්මානයක වූ සිදුවීමකි. එක්තරා නිවසක ජීවත් වූ මිනිසුන් හදි හූනියම් දැඩි සේ විශ්වාස කරන බව දැනගත් කට්ටඩියකු මෙම නිවැසියන් සමග හිතවත් විය. දිනක් මෙම නිවසට පැමිණි යකැදුරා සිහිසුන්ව පුටුවෙන් වැටී දඟලන්නට විය. නිවැසියන්ද බියට පත්වූ අතර පසුව ඔහු කියවන්නට විය. එම නිවසේ හූනියමක් වළදමා ඇති බවත් එය ගොඩදමා කැපියයුතු බවත් එසේ නොකළහොත් ගෙහිමියා මාස තුනක් ඇතුළත මියයන බවත් යකැදුරා කීවේය.

පසුව යකැදුරා කිසිවක් නොදන්නා අයුරින් සිටි අතර ගෙහිමියන් බියවී ඔහු සිහි විකල් වී පවසන ලද තොරතුරු කීවේය. 


ඒ අනුව හූනියම ගොඩගැනිල්ල ප්‍රමාද කිරීමට බියවූ ගෙහිමියෝ එම කටයුත්ත නුදුරු දිනකදීම යොදා ගත්හ. අවශ්‍ය සියලු දේ ගෙහිමියන් රැගෙන විත් තිබූ අතර හොඬ අල, පුහුල්, හීරැස්ස, රතු අන්නාසි, සහ ගෙරිඔලු ඒ අතර විය. 


නියමිත දිනයේදී යකැදුරා ගෝලයන් දෙදෙනකු ද බෙරකරුවකු ද සමග පැමිණ සියල්ල සූදානම්කර මල් බුලත් තටුවක් ද පිළියෙල කර හූනියම ගොඩදැමීමේ බාරදූර කටයුත්ත ආරම්භ කළේය. ඒ අනුව හූනියම ගොඩ ගත යුත්තේ රාත්‍රී 2.38 ට බව ආරූඪ වී යකැදුරා විසින් පවසන ලද අතර ඔහු වත්තේ තැන තැන දුව පනිමින් ඊගහක්ද  ත්‍රිශූලයක්ද අතැතිව කෑ ගසමින් දුම්මල කීරි ගසමින් මතුරන අයුරු බියගන්වනසුළු විය. පසුව එක් තැනෙක නැවතී එම ස්ථානය හාරන ලෙස ගෝලයන්ට නියෝගකර පිරිසට ද ඈත්වී සිටින ලෙස උපදෙස් දුන්නේය. _


ගෝලයන් දෙදෙනා එම ස්ථානය අඩි 02ක් පමණ හාරා ඔවුන් ළඟ සඟවාගෙන තිබූ යමක් පස් සමඟ කලවම් කර යකැදුරාට පෙන්වීය. 


පසුව යකැදුරා ශබ්ද නගා මන්ත්‍ර ජපකරමින් එම ස්ථානයෙන් ඈත්වී සිටින ලෙස ගම්මුන්ට උපදෙස් දුන්නේය.


එසේ ජපකළ යකැදුරු තෙමේ අතින් හූනියම නොඅල්ලන ලෙසත් අතින් ඇල්ලුවොත් මිය යා හැකි බවත් පවසා ගිරයකින් එය අල්ලා ගැඹුරු දිය පහරකට විසිකළ යුතු බවත් පවසා එයද රැගෙන බෙරයට ද තඩිබාමින් මන්ත්‍ර ජපකරමින් ගඟක් අසලට ගියේය.


එම ස්ථානයට පැමිණි නාහෙට නාහන අයෙකු එම ගිරය උදුරා එහි තිබූ දේ දිගහැර බැලීය. එහි තඹ කොළයක ඔතන ලද පංචි බෙල්ලෙක් සහ පුවක් කැබැල්ලක් විය. 


මෙය දැක කුපිත වූ ගැමියෝ මේ කට්ටඩියන් සියලු දෙනාට හොඳහැටි ගුටි පූජාවකින් සංග්‍රහ කළ අතර ඔවුහු බෙරගෙඩිය ද කරේ එල්ලාගෙන ගෙජ්ජි සොලවමින් තොවිල් ඇඳුම් පිටින්ම පස්ස නොබලා දුවන්නට වූහ. කිසිවක් සොයා නොබලා හොරුන්ට රැවටෙන මෙවැනි මිනිසුන්ට මේවා හොඳ පාඩම් බව පවසමින් කොක්හඬලා සිනාසෙමින් ගැමියෝ නිවෙස් බලා පිටත්වූහ.
(රත්ගම විශේෂ.  ධර්මදාස සිරිවර්ධන) 



අදහස් (0)

හූනියම වැරැදී තොවිලය කනපිට හැරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 245 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site