IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගොබළු හඬයි- ඔබ නිහඬයි බැනරයෙන් මළ ගෙදර අලකලංචියක්

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
නාඳුනන අයකු හෝ පිරිසක් විසින් මළගෙදර එල්ලා තිබූ අපභ්‍රංස ශෝක පණිවුඩ බැනරයක් නිසා මළගමට දුරබැහැරින් පැමිණි අය අන්දමන්ද වූ පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබිණි.


 හේ තිදරු පියෙකි. දරුවන් තිදෙනාම දියණියෝය. විවාහකය. ඔවුන් තිදෙනාම කසාද බැඳ සිටියේ පදිංචි පළාතෙන් නොව දුර බැහැර පළාත්වලිනි. ඒ පියාගේ රැකියාව නිසාය.


 පියා හදිසියේ මියගියේය. ඔහුගේ මළගමට දියණියන් විවාහ වී තිබූ පළාත්වලින් පිරිස් පැමිණියහ. එසේ පැමිණි  පිරිසට ගමේ සමිති සමාගම්වලින් දමන ලද ශෝකාලාප  පණිවුඩ රැගත් බැනර්ද දැක ගන්නට ලැබුණහ. “ජීවිතය නම් තණ අග පිණි බිඳු වැනිය” “ජීවිතං අනියතං, මරණං නියතං”, “උපන් සැවොම  මියයති.,” “නොමැරෙන කෙනෙක් ලොව නැත” මේ ආදී වශයෙන් ශෝකාලාප බැනර් මේ මළගෙදර ද එල්ලා තිබුණි.


 ඒ අතර මින් පෙර කවදාවත්ම කොහේවත්ම නොදුටු ශෝකාලාප බැනරයක් වෙත පිට පළාත්වලින් පැමිණි අයගේ නෙත් ගැටුනහ. ඒ  නිරායාසයෙන්මය. එහි තිබුණේ “ගොබළු හඬයි ඔබ නිහඬයි” යන්නය. මේ ශෝකාලාප බැනරය පිට පළාත්වලින් පැමිණි අය අතර දැඩි කතාබහට ලක්විය. මෙහි මොනම තේරුමක්වත් ඔවුනට තේරුම් ගන්නට තියා සිතාගැනීමටවත් නොහැකි විය. ඒ තරමටම  මේ ශෝකාලාප බැනරය ඔවුනට අපභ්‍රංසයක්ම වී තිබුණි. අවසානයේදී තමන්ට නොතේරුණු මේ අපභ්‍රංස බැරයේ තේරුම මේ පුද්ගලයා ගැන දන්නා ගමේ අයගෙන් අසා දැනගැනීමට ඔවුහු තීරණය කළහ.


 ආ මේ ගමේ කාගේ හරි නැහැදිච්ච එකකුගේ වැඩක්. මෙයා කරන්නේ පොල්ගස් යන එකයි. ගමේ ප්‍රසිද්ධියක් තියෙනවා මෙයා පැහිච්චි පොල් ඊළඟ දවසේ කඩන්න තියාගෙන ලා  පොල් මුලින්ම කඩන කෙනෙක් කියලා.

සමහරවිට ඒකට වෙන්න ඇති ඔය බැනර් එක ගහන්න ඇත්තේ. අපිත් හොයනවා මේ බැනර් එක ගහපු අයව යයි ගැමියාගෙන් ඇසූ ඔවුනට ලැබුණු පිළිතුර අනුව මළගෙයක් වුවත් ඔවුනට කටට ආ සිනහව නතර කරගැනීමට නොහැකිවුණාලු.



අදහස් (0)

ගොබළු හඬයි- ඔබ නිහඬයි බැනරයෙන් මළ ගෙදර අලකලංචියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 40 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site