IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


හදිසියට අත දීලා: මිතුරාගේ පොකට්ටුවට හැමදාටම තට්ටුවෙලා

(බුලත්සිංහල විශේෂ - ලක්මි -කුඩලිගම)
ත්‍රිරෝද රථ රියැදුරකු තමාට එන කුලී ගමන් හදිසියකදී තම මිතුරාට දුන් විට කපටිකමින්  එය සදහටම අයිති කරගත් පුවතක් පස්දුන් කෝරලයේ පිටිසර ගමකින් වාර්තා විය.


එකම ගමේ ත්‍රිරෝද රථ රැකියාවේ නියුතු ගජ මිතුරන් දෙදෙනෙකි. එක් මිතුරෙකු සාධාරණ ලෙස රැකියාව කළත් අනෙක් මිතුරාගේ හයර්වල ගණන් ටිකක් සැර වැඩිය. ඒ නිසා සාධාරණ මිතුරාට වැඩිපුර ගමන් ලැබුණත් අනෙකාට ලැබෙන්නේ ටිකක් අඩුවෙනි. සාධාරණ මිතුරා පිළිබඳව පොඩි තරහක් අනෙකා තුළ ඇතත් ඒ බවක් ඔහු සාධාරණ මිතුරාට ඇඟෙව්වේ ද නැත.


විශ්‍රාම ලත් ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ ටියුෂන් මහත්තයා මුදල් පිළිබඳව ටිකක් කෑදර කුකුල් කේන්තිකරුවෙකි. ඒ හේතුවෙන් අසල්වැසි ගමක ආරම්භ කළ ටියුෂන් පන්තියට යන්නේ සාධාරණ මිතුරාගේ ත්‍රීරෝද රථයෙනි. ඒ නිසාම ඔහුට ටියුෂන් මහතා පවසා ඇත්තේ නියමිත වෙලාවට තමා පන්තියට රැගෙන යන්නට දිනපතා පැමිණෙන ලෙසය.


දිනක් සාධාරණ මිතුරා රෝගියෙකු රැගෙන රෝහලට ගියත් නැවත පැමිණීම ප්‍රමාද විය. එදිනට නියමිත ටියුෂන් මහතාගේ හයර් එක සිහියට ආවේය. ඔහු තම මිතුරා වූ අනෙකාට දුරකතන ඇමතුමක් ගත්තේය.


“අනේ මචං අදට විතරක් ටියුෂන් මහත්තයත් එක්ක පන්තියට ගිහින් ඒක ඉවර වුණාම මහත්තයාව ගෙදරට ඇරලවපන් මන් වෙනුවෙන්” කීය. “හරි මචං” කියූ කපටි මිතුරා එදින ඒ කටයුත්ත තිතට කළේය.
ගමන අවසන් කළ ටියුෂන් මහත්තයා රියැදුරා නවකයකු නිසා ‘කීයද පුතා ගාන’ 

කියා විමසීය. මඳක් කල්පනා කළ රියැදුරා “ඉන්න සර්” කියා තම මිතුරාට දුරකතනයේ ස්පීකර් ක්‍රියාත්මක කර ටියුෂන් මහතා ඉදිරිපිටම දුරකතන ඇමතුමක් ගත්තේය. “මචන් හරි. වැඬේ කළා. ගාන අහනවා බං. උඹ නිසා වැඩිය කියන්නත් බැහැනේ. මේකට කීයද්ද ගන්නේ” යැයි විමසීය. “රුපියල් හත්සිය පනහක් ගනින් ඇතිනේ” යැයි සාධාරණ මිතුරා කිය. “උඹට පිස්සුද බං. මේ පොඩි වෙලාවට රුපියල් හත්සිය පනහක් ගන්නේ. ඔන්න ඔය රුපියල් හත්සිය විසිපහක් දෙන්න සර්” කියා දුරකතනය විසන්ධි කළේය.

පසුදින ද සාධාරණ මිතුරා ටියුෂන් ගුරුවරයා සොයා නියමිත වෙලාවට නිවසට ගියේ ඔහුගේ ගමන යාමටය. ගුරුවරයා නිවසේ පෙනෙන්නට නොසිටි නිසා ඔහුගේ බිරිඳගෙන් විමසූ විට කියා ඇත්තේ තම මිතුරා සමග දැනට සුළු වේලාවකට ප්‍රථම පන්තියට ගිය බවයි. සුසුමක් හෙලූ සාධාරණ මිතුරා සිදුවී ඇති දේ පිළිබඳව කල්පනා කරමින් නැවත ආවේ දැන් ඉතින් වෙන අතක් බලාගත යුතු යැයි සිතමිනි.



අදහස් (0)

හදිසියට අත දීලා: මිතුරාගේ පොකට්ටුවට හැමදාටම තට්ටුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site