(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ඇඟලුම් කම්හලක එකට වැඩ කළ තරුණයකු හා තරුණියක අතර ඇතිවූ ආදර සබඳතාවක් සඵලවී ඔවුහු විවාහ වී ඒ අසල කුලී නිවසක ලැගුම් ගත්හ.
කලකට පසු දරුවකු ලැබීමත් සමඟ සැමියා කීවේ බිරිඳට රැකියාවෙන් ඉවත්ව මවත් සමග දරුවා බලාගන්නා ලෙසය. ඇය නතර විය.

එහෙත් මඳ කලකින්ම ගෙදර අඟහිඟකම් මතු වූ නිසා රැකියාවට අමතරව සැමියා නීති විරෝධී මත්ද්‍රව්‍ය ව්‍යාපාරයකට එක්වී නිවසේ ආදායම සරු කර ගත්තේය. එහෙත් දිනක් මත්ද්‍රව්‍ය සමඟ පොලිසියට හසුවූ ඔහු උසාවියට ගොස් විශාල දඩයක් ගෙවා ගෙදර ආවේය.
දින ගණනකට පසු යළිත් මෙම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට ඔහු සම්බන්ධ වූයේ බිරිඳගේ දැඩි විරෝධය මැදය.
“ළිඳට වැටුණු එකා ගොඩ එන්නේ ළිං කටෙන්ම තමයි” කියූ ඔහු බිරිඳගේ වචන ගණන් නොගත්තත් පවුලේ නිතර ගැටුම් මතුවිය.
දිනක් ඔහු සේවයට ගොස් එන විට බිරිඳ ගෙදර නොවීය. අම්මා ගෙන් ඇසූ විට ඇය කිවේ උදේ කාන්තා බෑගයක්ද රැගෙන ගිය බවයි. සවස ඇය ආවාය. “ගියේ කොහේදැයි ඇසූ විට ඇය කීවේ ‘ළිඳට වැටුණු එකා ළිං කටින්ම ගොඩ එන්න ඕන නේ. මං ආයෙත් පැක්ටරියෙ වැඩට ගියා” කියාය. සැමියාට දෙවියන් සිහිවිය.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැමියාගේ වචන ටිකම බිරිය ආයුධයකට අරන්