(මොරගොල්ලාගම සිසිර කැලේගම)
වයිබර් තාක්ෂණය ඔස්සේ මුහුණ බලාගෙන අනියම් පෙම් රැඟුමක සිටි විවාහක කතකට තම සැමියා එන විට එම සංවාදය විසන්ධි කර ගැනීමට නොහැකිව පවුල් දිවිය දෙදරායෑමේ පුවතක් වයඹ පිටිසර ගම්බද පෙදෙසකින් අසන්නට ලැබුණි. සිද්ධිය අනාවරණය වූ ආකාරයට මෙසේය.
තම දියණියට නවීන පන්නයේ ජංගම දුරකතනයක් පියා ලබාදී ඇත්තේ ඇයගේ අධ්‍යාපන කටයුතු පහසු කිරීම සඳහාය. දියණිය උසස් පෙළ විභාගයට පෙනී සිටි නිසා එම කාලය තුළ ඇය දුරකතනය නිවසේ තබා විභාගයට ගොස් තිබේ. ඇයගේ පියා ද පෞද්ගලික ආයතනයක සේවය කරන අතර ඔහුටද දුරකතන පිළිබඳ එතරම් දැනුමක් නැත. එහෙත් නිවසේ ගෘහණියක ලෙස සේවය කරන ඇයගේ මව දුරකතනය පිළිබඳව අධ්‍යයනයක නිරත වූවාය.
ඇය ඇසුරු කරන පුද්ගලයකු පරිගණක පිළිබඳව මනා දැනුමක් ඇති අයෙකි. ඔහු ඒ පිළිබඳව මෙම නිවසේ සිටින කතට පුහුණුවක් ලබාදී තිබේ. ඒ අනුව නිවසේ කිසිවකුත් නැති විටෙක ඔහු දුන් උපදෙස් මත ඇය වයිබර් තාක්ෂණය ඔස්සේ දෙදෙනා මුහුණ බලාගෙන ජවනිකාවල නිරතව විනෝදයෙන් කාලය ගත කොට ඇත. දිනක් එලෙස මුහුණ බලා කතා කරමින් විනෝදයෙන් පසුවන අතරවාරයේ සිය සැමියා හදිසියේ නිවසට පැමිණියේය. ඔහු මොහොතක් ඒ දෙස බලා සිටියේය. එය දුටු තම බිරිඳ කලබලයට පත්ව සංවාදය විසන්ධි කිරීමට උත්සාහ කළත් ඇයට කර ගැනීමට නොහැකි වූවාය. ඇයගේ රුව එහි නැතත් පිටතින් කතා කරන තැනැත්තා ජීවමානව රුව සහිතව එහි දිස්වී සිටින අයුරු හා ඔහු කියන දෙයින් යමක් තේරුම් ගත් සැමියා කෝපයට පත්ව අඬදබරය දුරදිග ගියේය. අහල පහළ නිවසට පැමිණියාය. මව්පියන්ගේ නිවසට දැනගන්නට ලැබුණි. කියා බිරිඳ තවමත් පසුවන්නේලු. ඇයට පහර දුන්නේය. අයද එතැනට පැමිණියහ. ඔවුහු සිද්ධිය දැන ගත්හ. දියණිය ද විභාගය නිම වී අම්මා නිවසේ නැත. අම්මා වයිබර් නිසා ඇතිවූ තත්ත්වයක් මත ඇයගේ ගොස් ඇති බව දියණියට විභාගය නිමවී ඇතත් දියණිය පියා සමග එම නිවසේ පසුවන අතර, ඔවුන් කිසිවකුත් ඇය කැඳවාගෙන ඒමට මෙතෙක් එහි ගොස් නැත. මෙකී තත්ත්වය මත වයිබරයක් කළ හදියක් ඇයගේ මව්පිය ඇසුරේම පසුවන්නේලු.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනිහා ගෙදර එනවිට ගෑනි වයිබර් අස්සේ අනඟ රැඟුමක
lalithm Tuesday, 17 September 2019 10:27 AM
අපේ රටේ බොහෝ දෙනෙක් ස්මාර්ට් ෆෝන් නිසා ජීවිතය විනාශ කර ගන්නවා. දෙපැත්ත කැපෙන දැලිපිහියක්...
gamarala Wednesday, 18 September 2019 07:37 AM
අපේ තාක්ෂණයේ තවත් ප්‍රතිඵලයක්.නිහඬ වුව මැනවි.