IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගම්මුලාදෑනි විෂ වෙදා බිරියත් දරුවනුත් දමා තරුණියට බෙහෙත් දෙන්න ගිහින්

(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
ගම්මුලාදෑනි රැකියාවට අමතරව විෂ වෙදකම සිදුකළ අයකු බිරිඳ සහ දරු දෙදෙනා අතහැර ප්‍රතිකාර ගැනීමට පැමිණි රූමත් තරුණියක සමග පැන ගිය අපූරු කතාවක් දකුණු පළාතේ ලස්සන නමක් ඇති නගරයකින් වාර්තා විය.


ගම්මුලාදෑනියා අතිශයින් තැන්පත් හා අහිංසක ලෙස ජීවත් වූ අතර විෂ වෙදකම පිළිබඳව ප්‍රසිද්ධියට පත් අයෙකි. විශේෂයෙන් සර්ප විෂ වෙදකමට ද ප්‍රසිද්ධය. සිය සේවා ස්ථානයේ මෙන්ම සෙසු ගම්මුලාදෑනිවරුන් අතර ඔහු අතිශයින් ජනප්‍රිය පුද්ගලයකු ද විය. රාජකාරිය දේවකාරියටත් ඉහළින් සිදුකරන පුද්ගලයකු ලෙසින් ජනතාව අතර ද ප්‍රියමනාප පුද්ගලයකු වන ගම්මුලාදෑනිවරයා විශේෂයෙන් කාන්තාවන් අතර විශේෂ ප්‍රසිද්ධියක් උසුලන අයෙක් ද විය.


දුර ඥාති සම්බන්ධයක් ඇති රූමත් තරුණියක් පසුගිය දිනක ප්‍රතිකාර ගැනීමට ඔහු හමුවීමට පැමිණ ඇති අතර වෙදකම හා හෙදකම ද අපූරුවට සිදුකිරීමට ගම්මුලාදෑනිවරයා කටයුතු කර ඇත. තරුණිය කෙටි කාලයකින් සුවය ලබා ඇති අතර ටික දිනක් ගතවෙද්දී දෙදෙනාම කිසිවකුටත් නොකියා ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බව පැවසේ.


 ගම්මුලාදෑනි බිරිඳ දරු දෙදෙනා සමග ගොස් සැමියා අතුරුදන් බව පවසා නීතියේ පිළිසරණ පැතූ අතර තරුණියගේ වැඩිහිටියෝ ද එම ක්‍රියා පිළිවෙතම අනුගමනය කිරීමට කටයුතු කළහ.

ගම්මුලාදෑනි තැන කිසිවකුටත් නොකියා ස්ථාන මාරුවීමක් ද ලබාගෙන තරුණිය සමග කඳු සහිත ප්‍රදේශයකට ගොස් ඇති අතර සැමියා ගෙනැවිත් දෙන ලෙස බිරිඳ නීතියේ පිළිසරණ පතා ඇත.



අදහස් (0)

ගම්මුලාදෑනි විෂ වෙදා බිරියත් දරුවනුත් දමා තරුණියට බෙහෙත් දෙන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site