(වියලුව වාර්තාකරු)
යකඩ වෑද්දුම්කරුවකු දුන් වැරදි උපදෙසක් අනුගමනය කිරීමට ගොස් රෝහල් ගත වී තම ඇස්වලට ප්‍රතිකාර ලබන්නට සිදු වූ පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳ පුවතකි මේ. සිද්ධිය මෙසේය.
නගරබද ප්‍රදේශයක පිහිටි යකඩ පෑස්සුම් වැඩපොළකි. පසුගිය දිනක ප්‍රදේශයේ තරුණයින් දෙදෙනකු එහි ගියේ කිසියම් පෑස්සුම් කටයුත්තක් සිදුකර ගන්නටය. වාරය පැමිණෙන තෙක් අසුන්ගෙන සිටින්නැයි පෑස්සුම් වැඩපොළ හිමියා ඔවුන්ට කාරුණිකව පැවසුවේ බාරගත් හදිසි වැඩ කීපයක් ඇති බව පවසමිනි. එසේ වුවද වරින් වර පැමිණ තම කාරණය ඉටුකර දෙන ලෙස ඇවිටිලි කළ තරුණයින් දෙදෙනා වැඩපොළ තුළ එහාමෙහා යන්නටත් එහි වූ යකඩ කෑලි යන්ත්‍රසූත්‍ර ආදිය ඒ මේ අත දමන්නටත් වීම නිසා වැඩපොළ හිමියාත් ගෝලයාත් පසු වූයේ ඔවුන් පිළිබඳ දැඩි කෝපයකිනි.
කීපවිටක්ම පසෙකට වී සිටින ලෙස කීවද තරුණයින්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි. ඉවසා සිටිය නොහැකි තැන වැඩපොළෙහි සිටි තරුණයින් දෙදෙනා ඇමැතූ වැඩපොළ හිමිකරුවා “මල්ලි වැඩක් නැතිනම් මේ පිටවන ගින්දර දිහා බලාගෙන ඉඳලා මේකෙන් පාට කීයක් පිටවෙනවද කියලා මට කියන්න” යැයි ඔවුනට පැවසුවේ ඔහුගේ භාෂාවෙන් කිව්වොත් හොඳ පරිප්පුවක් දීමේ අදහසිනි. වෑද්දුම්කරු යකඩයක් පාස්සන විට පිටවන තියුණු ගිනිපුපුරු දෙස ඇස් ආවරණ ද රහිතව බලා සිටි තරුණයින් දෙදෙනාගේ ඇස්වලින් සියුම් වේදනාවක් පැමිණියද එය ගණනකට නොගත් ඔවුන් “පාට හයයි හතයි” කියමින් ගිනි පුපුරුවලින් පිටවන වර්ණ ගණන් කරන්නට වූයේ දැඩි උද්යෝගයකිනි. කෙසේ වෙතත් පැයක පමණ විරාමයකින් පසුව ඔවුන් සිය කාරණය ඉටුකරගෙන නිවස බලා ගියද සවස් වෙද්දී ඔවුන්ගේ දෑස්වලින් දැඩි වේදනාවක් පිටවෙන්නටත් කදුළු ගලන්නටත් වීම නිසා ඔවුන්ට රෝහල් ගතවී දින කීපයක් ප්‍රතිකාර ගන්නට සිදුවූවේ තමුන් කළ ගොංකම ගැනද ලෙඩ ඇඳේ සිටම මෙනෙහි කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරපු දේ සීමාව ඉක්මවා යෑමක්. මොකද මේ ආවේ පාරිභෝගිකයෙක්. යොමු කරේ අනතුරුදායක වැඩකට. ඇස් අන්ධ වුනා නම් මොකද වෙන්නේ? තමන්ට ඉක්මනට සේවය සපයන්න බැරි මොකක් හරි බාධාවක් තිබුණා නම් ඒක වෙනම ප්‍රශ්නයක්. එහෙම නැතුව තමන්ගේ පාරිභෝගිකයාගේ ඇස් අන්ධ කරවීමේ අවදානමකට හෙළන්න මොකක්ද කරපු වරද? මේ කඩේට ආපු එකද?ඔන්න මහ ලොකු පාරිභෝගික සත්කාරය.
මෙය සත්‍යක් නම් පෑස්සුම්කරු සසරේ විඳවීමට නියමිතයි .