ගං කුකුලන් ඇති කරන කුකුල් කොටුවේ ගම් බිත්තර රැගෙන ෆාම් බිත්තර තබා ගිය කාන්තාවක පිළිබඳ කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල නගරයට කිලෝමීටර් පහළොවක් පමණ ඈතින් පිහිටි කඳු සහිත ග්‍රාමයකි. මේ ග්‍රාමයේ වයෝවෘද්ධ ජෝඩුවක් ජීවත් වෙති. මේ වයෝවෘද්ධ ජෝඩුවට එක් පිරිමි දරුවෙක් හා ගැහැනු දරුවන් දෙදෙනෙක් සිටිති. ගැහැනු දරුවන් දෙදෙනා විවාහ වී පිට පළාත්වල පදිංචිව සිටිති. එකම පිරිමි දරුවා මහගෙදරට තරමක් ආසන්නයේ නිවසක් තනාගෙන පදිංචිව සිටින අතර මව්පියන් පිළිබඳව නිතරම දරුවෝ සොයා බලති.
මෙම වයෝවෘද්ධ යුවළගේ නිවස පිටුපස ලෑලි වලින් කාලයක සිට කුකුල් කොටුවක් තනාගෙන එක් කුකුලෙකුත් කිකිළියන් හය දෙනෙකුත් ඇති දැඩි කරති. කිකිළියන් හය දෙනා දමන බිත්තර අසල පදිංචිව සිටින පිරිමි දරුවාටත් ඈතින් පදිංචිව සිටින ගැහැනු දරුවන් දෙදෙනා මව්පියන් බැලීමට ආගිය අවස්ථාවට රැගෙන යාමට සූදානම් කර තබන්නේ පියා විසිනි. වයෝවෘද්ධ යුවළත් ඉඳහිට බිත්තරයක් දෙකක් තම්බාගෙන කෑමට ද ගනිති.
හදිස්සියෙම වයෝවෘද්ධ යුවළගේ කාන්තාව රෝගාතුරව මීට දින කිහිපයකට ඉහතදී කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබුවාය. ඇය බැලීමට දිනපතා පිරිමි දරුවත් ඇගේ සැමියාත් රෝහලට ගියහ. මේ නිසා කිකිළියන් මුල් දින කිහිපය තුළම දැමූ එක බිත්තරයක්වත් සවස වයෝවෘද්ධ පියාට ගැනීමට නොතිබුණි. අසල්වැසි නිවසක් තිබුණ ද ඔවුන් මේ වයෝවෘද්ධ යුවළ සමඟ ඉඩමේ වැට මායිමක් සම්බන්ධයෙන් කලක සිට අමනාපය. තමා බිරිඳ බැලීමට රෝහලට ගිය අවස්ථාවේදී ඔවුන් කූඩුවේ තිබූ බිත්තර ගන්නට ඇතැයි වයෝවෘද්ධ පියා සැක පළ කළේය.
පසුගිය 25 වැනිදා වයෝවෘද්ධ පියා බිරිඳ බැලීමට රෝහලට යන අවස්ථාවේදී දින කිහිපයක සිට කූඩුවේ කිකිළියන් දැමූ බිත්තර නොමැති බව කියා අල්ලපු ගෙදර අයට බැන වදින්නට විය. අල්ලපු ගෙදර කාන්තාවට මේ බැන වැදීම ඇසී ඇයද ප්‍රතිචාර දැක්වූවාය. කෑගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව තරමක් සුවය ලබා නිවසට පැමිණියේ ත්‍රිරෝද රථයකින්ය. රෝගි කාන්තාව ප්‍රතිකාර ලබා නිවසට පැමිණි බව කිසි කෙනෙකු දැන සිටියේ ද නැත. දෙදෙනාම එදින නිවසේ රැය පහන් කළහ. පසු දා බිරිඳ නිවසේ රඳවා දොර වසා අද නම් කිකිළියන් කූඩුවේ දමන බිත්තර ගන්න එකා අල්ලනවා යැයි සිතා වයෝවෘද්ධ පියා උදේ 10 ට පමණ නිවසින් බිරිඳ බැලීමට රෝහලට යනවා සේ බැස පුතාගේ නිවසට ගියේ මුණුපුරන් බැලීමටය. නිවසින් බැහැරව යන්නට පෙර සිය බිරිඳට ප්‍රකාශ කළේ කිකිළියන් දමන බිත්තර ගන්නේ කවුරුන්ද කියා පිටුපස ජනේලයෙන් හොර රහසේ බලන ලෙසය. දහවල් 12.40ට පමණ කිකිළියෝ දෙන්නෙක් බිත්තර දමා ගියහ. ටික වේලාවකට පසු ප්‍රධාන බස් පාරට යන මාර්ගයේ පදිංචිව සිටින කාන්තාවක් බිත්තර කිහිපයක් ග්‍රොසරි බෑගයක දමාගෙන කුකුල් කූඩුව ළඟට සුපුරුදු පරිදි පැමිණියාය. ගම් බිත්තර දෙක ගෙන ෆාම් බිත්තර දෙක තියා වට පිට බලා යන්නට සූදානම් වූ අවස්ථාවේදී නිවසේ සිට බලා සිටි කාන්තාව ක්ෂණිකව එළියට බැස අසල පිහිටි නිවෙසටත් ඇසෙන පරිදි අසනීප තත්වය පසෙකලා බැන වදින්නට වූවාය. ගෙනා ඉතිරි බිත්තරත් කොටුවෙන් ගත් බිත්තර දෙකත් මිදුලට විසි කළ කාන්තාව ඇඳ සිටි චීත්තයෙන් මුහුණ වසාගෙන යන්නට ගියාය.
සැමියා සවස පැමිණීමෙන් පසු බිත්තර හොරා අල්ලාගත් ආකාරය කීවාය. වියපත් පියා අල්ලපු ගෙදරට ගොස් පෙර දවසේ බැණ වැදීම සම්බන්ධයෙන් සමාව ද ඉල්ලා සිටියේය.
(කෑගල්ල අධිකරණ- චමින්ද වැවතැන්න)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගම් බිත්තර ෆාම් බිත්තර වීමේ රහස හෙළිවෙලා
ලසන්ත Saturday, 28 September 2019 06:52 AM
සාමාන්‍යයෙන් ගම් කුකුළන් කියන්නේ රාත්‍රියට කූඩුවක හෝ ගස්මත ලගින කෘතිම ආහාර නොදෙන උන් උන්ම සොයාගන්නා දෙයක් ආහාරයට ගන්න කුකුළන්ටය. එ් නිසා උන්ගේ බිත්තරද පෝෂණ ගුණයෙන් ඉහළය. නමුත් දැන් සමහරු කූඩුවල දමා ඇතිකරන කුකුළන්ට දෙන්නේද කෘතිම ආහාර වේ. බිත්තර විකුණන්නේ ගම් බිත්තර කියාය.. සත්‍ය සිදුවීමක් අනුව අදහස් දැක්වූවෙමි.