(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
බස් රථයෙන් බසින අවස්ථාවේ දී සිය බිරිදගේ පය සරමේ පැටලී සරම බිමට වැටී පුද්ගලයෙකුට සිදු වූ ජංජාලයක් පිළිබඳ කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා විය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. කෑගල්ලේ තරමක් දුෂ්කර ග්‍රාමයක සිට කෑගල්ල බලා ඉකුත් සති අන්තයේ දිනක පෙරවරුවේ පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීම ආරම්භ කෙරිණ.
ආරම්භ අවස්ථාවේදීම තරමක් වයෝවෘද්ධ යුවළක් බස් රථයට ගොඩ වූයේ කිලෝමීටර් හයක් පමණ ඈතින් පදිංචිව සිටින සිය දියණියගේ නිවස බලා යාමටය. බස් රථය කෑගල්ල නගරය බලා ගමන් ආරම්භ කෙරිණ. සති අන්තයේ දිනක් බැවින් කෑගල්ල නගරයේ පෞද්ගලික පංති වෙත යන එන දූ දරුවන්ගෙන් බස් රථය පිරෙන්නට විය.
තරමක් වයෝවෘද්ධ යුවළ බස් රථයේ අසුන්ගෙන සිටියේ මැද හරියේය. ඔවුන් බසින ස්ථානය ටිකෙන් ටික ළංවෙමින් පැවතිණ. යුවළ මගීන්ගෙන් ඉඩකඩ ඉල්ලාගෙන පිටුපස දොර අසලට පැමිණියහ. බසින ස්ථානය ළං වීමත් සමගම වයෝවෘද්ධ කාන්තාව බස් රථයේ බෙල් එක වරක් නාද කළාය. බස් රථය ඊ ළඟ බස් නැවතුම්පොළේ නතර කෙරිණ. පාපුවරුවේ සිටි දරුවන් මෙන්ම වැඩිහිටියන් පිරිසක් ද කොන්දොස්තරවරයා විසින් බිමට බස්සවා වයෝවෘද්ධ යුවළට බස් රථයෙන් බැසීමට අවස්ථාව උදා කර දුන්නේය. පළමුව වයෝවෘද්ධ පියා බිමට බසිනවාත් සමගම පිටුපස සිටි වයෝවෘද්ධ කාන්තාව ද බසින අවස්ථාවේ දී සැමියා ඇඳ සිටි සරම බිරිඳගේ කකුලකින් පෑගිණ.
වයෝවෘද්ධ පියාගේ සරම ගැටය ලෙහී බිමට වැටුණි. එම අවස්ථාවේ දී බිම සිටි අමතර පංති දරුවන් මෙන්ම බස් රථයේ සිටි ලොකු කුඩා සියලු දෙනාටම සිනා ගියේය. බිරිඳ සිය සැමියා දෙස ආපසු හැරී බලා ඇඳ සිටි චීත්තයේ පොටකින් මුහුණ වසාගෙන සිනාසෙන්නට විය. වයෝවෘද්ධ පියා කිසිවකු දෙස නොබලා වැටුණු සරම අතට ගෙන මුහුණත් වැසෙන අයුරින් සරම හිසේ දමාගෙන අතුරු මාර්ගය දිගේ දියණියගේ නිවස වෙත ඉදිරියට ගමන් කරන අයුරු දක්නට ලැබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බිරියගේ කකුල සැමියාගේ සරමේ පැටළී ජංජාලයක්
badnara Tuesday, 17 September 2019 03:35 AM
මිනිස්සුන්ට පොඩි පොඩි එහා මෙහා වීම් උනහම හිනාවෙන්න හදන එක මෝඩකමක්.