මැරුණ සැමියා ඇමතුමක් දීලා මියගිය සැමියාගෙන් දුරකතන ඇමතුමක් ලැබීමේ හේතුවෙන් වික්ෂිප්ත වූ බිරියක පැමිණිල්ලක් කරන්නට පොලිසි ගිය සිද්ධියක් පිළිබඳව පසුගියදා සියනෑවේ ගම්මානයකින් වාර්තා විය. 21 September 2021
සැමියාෙග් අතේ ඇම්මට බිරියගෙන් අපූරු සාත්තුවක් පාසලේ ආදි සිසුන්ගේ සුහද ක්‍රිකට් තරගයේදී ඇද වැටී අතක් බිඳී රෝගාතුරව සිටි පැරණි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සුවදුක් බැලීමට ඔහුගේ සිත්ගත් කතක් පැමිණීමෙන් පසු එම රෝගී තත්ත්වය ඉක්මනින්ම සුවවීමේ පුවතක් කොළඹට නුදුරු ගමකින් වාර්තා වෙයි. 20 September 2021
මළගෙදරට දුන්න සීනී තේ කොළ පාර්සලය කරපිංචා පාර්සලයක් වෙලා දුරකතනයෙන් කරනලද දැනුම් දීමකට අනුව වයඹ පළාත්ට අයත් ප්‍රදේශයක සිට මළගෙදරක පැමිණි හිතවතකු සීනි තේකොළ පාර්සලය වෙනුවට කරපිංචා කොළ හා ඇඹුල් කෙසෙල් අැවරියක් සහිත පාර්සලයක් මළ ගෙදරකට ලබාදුන් පුවතක් සත්කෝරළයට අයත් ප්‍රදේශයකින් වාර්තාවේ. 18 September 2021
පාපැදිකාරයාගේ මුව අාවරණයට පොලිසියත් හොල්මන් කොරෝනා වසංගත තත්ත්වයත් සමග ජනතාවගේ භාවිතයට පැමිණි මුව ආවරණ සම්ප්රදාය තුළ විවිධ සමාගම් නොයෙක් නොයෙක් මාදිලියේ මුව ආවරණ විවිධ මිල ගණන් යටතේ වෙෙළඳපොළට එක් කිරීමට කටයුතු කර තිබේ. එසේ වුවත් දකුණෙ ගම්මානයක වැඩිහිටියකු අලුත් තාලේ මුව ආවරණයක් භාවිත කිරීමේ සිද්ධියක් වාර්තාවේ. 17 September 2021
අනියම් බිරියට උදව් කරන්න ගිහින් සැමියා බාල්දියක් පෙරළාගෙන කොරෝනා ආසාදිතයකු ඇසුරු කළායි පවසා නිවසේ නිරෝධායනය වෙමින් සිටි අනියම් බිරියට වියළි ආහාර ද්‍රව්‍ය ගෙන යාමට සැරසෙද්දී බිරියගේ අතටම හසු වී ඇතැයි කියන පුද්ගලයකු සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 16 September 2021
පන්සල් වත්තේ පොල් හොරා කඹේ ගැටේට කොටුවෙලා පන්සල් වත්තේ හොරෙන් පොල් කඩන්න ගොස් නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණදීමට සිදු වී නායක හාමුදුරුවන්ගේ අතටම හසුවූ අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ. 15 September 2021
පොලිසිය අන්දවන්න ගියාට අමුතුම තාලේ දඬුවමක් ලැබිලා කොරෝනා ඇඳිරි නීතිය අස්සේ පොලිසිය ගොනාට අන්දවා සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමට ගිය තරුණයකුට සිදුවූ අපූරු සිද්ධියක් දකුණු ලකේ නගරයකින් අසන්නට ලැබිණ. 14 September 2021
මුහුණු පොතේ ප්‍රේමය එන්නත් පොළේදී ෙබ්ර්ක් වෙයි මුහුණු පොත හරහා හඳුනාගත් පෙම්වතිය එන්නත විදගැනීමට පැමිණි පසු පෙම්වතා විසින්ම ප්‍රේම කතාව නිමකළ අපූරු කතාවක් දකුණු පළාතේ එන්නත්කරණ මධ්‍යස්ථානයකින් වාර්තාවේ. 13 September 2021
සැමියා නෝනායයි සිතා නෑනාගේ ඇඟට පැනලා නෝනා යයි සිතා නෑනාගේ ඇඟ මතට පැන නොසිතූ අකරතැබ්බයකට මුහුණ දුන් සැමියකු පිළිබඳව දකුණේ නගරයකින් අසන්නට ලැබේ. 11 September 2021
බෑනා මඟුලට කලින්ම දෑවැද්දට අනින්න හදලා මනාලයකු උපක්‍රමශීලී අන්දමින් මනාලියගේ පියා පීඩාවට පත් කරමින් විවාහයට පෙරම දෑවැද්ද කොටස් වශයෙන් ලබාගනිමින් නිවෙස අලුත්වැඩියා කරන්නට ගත් උත්සාහයක් නිසා මංගල්ලයක් කැඩී බිඳී ගිය පුවතක් පසුගියදා මීරිගම ප්‍රදේශයෙන් වාර්තා විය. 11 September 2021
නැන්දම්මාගේ ෙබ්ත් තුන්ඩුවෙන් පොලිසියට කොකා පෙන්නන්න ගිහින් අම්බලන්තොට මල්පොත්තාවේ පදිංචි 34 හැවිරිදි ඔහු පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන්නෙකි. 11 September 2021
වඳුරන්ට උගන්නන්න ගිය ගෙහිමියාට පාඩමක් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයට අයත් මහදම් ඇති ගම්මානයකි. මේ ගම් පෙදෙසේ නිතර දෙවේලේ සැරිසරන වඳුරන්ගෙන් කිසිදු වගාවක් බේරා ගැනීමට හෝ නිවෙස්වල වහල සෙවිලි කොට තිබෙන උළු කැටයක් පවා බේරා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට බොහොමයක් දෙනාට සිදු වී තිබේ. 11 September 2021
තේ කෝප්පයේ රස වෙනස් වී කොරෝනා බිය දැනිලා බිරිඳ විසින් තමාට සුපුරුදු පරිදි උදෑසන ගෙනැවිත් දුන් තේ කෝප්පයේ වෙනදා දැනෙන රස නොදැනීම නිසා තමාට කොරෝනා ආසාදනය වී ඇතැයි බියට පත් සැමියකු පරීක්ෂණයක් කරවා ගැනීමට රෝහලට යාමට සූදානම් වූ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 11 September 2021
පෙම්වතාට කොරෝනා හැදුනාම පෙම්වතිය කලන්තෙ දාල වැටිලා පෙම්වතාට කොවිඩ් ආසාදනය වී ඇති බව දැනගැනීමෙන් පසුව පෙම්වතියට ක්ලාන්තය සෑදී වැටී ඇතැයි කියන පුවතක් කැගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 11 September 2021
හොරෙක් කියා බයවෙලා කොරෝනා ඇඳුමට තඩිබාලා සෞඛ්‍ය සේවයට සම්බන්ධ සාමාන්‍ය රැකියාවක නියුතු කෙනකුට කොරෝනා වලින් ආරක්ෂා වීමට ලබාදී තිබුණ අලුත් ඇඳුම් කට්ටලයක් නිසා අලි ජරමරයක් වීමේ පුවතක් බේරුවලට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 10 September 2021
බ්රිය අන්දන්න ගිහින් සැමියා නිකම්ම නාගෙන රට වැසීම නිසා ආදායම් මාර්ග අහිමි වූ රට වැසියන්ට රජයෙන් ලබාදුන් රුපියල් දෙදහසක මුදලෙන් දහසක් නැතිවුණේ යැයි එය සඟවාගෙන භාර්යාව රැව ටූ සැමියකුට අවසානයේ දී තමා රැවටී ඇති බව දැන ගන්නට ලැබූ පුවතක් අසන්නට ලැබේ. 09 September 2021
නෝනා පැටලිලා අලි ජරමරයක් වෙලා සිය සහෘද සේවකයාගේ බිරිය යැයි රැවටී විහිළු තහළු සිදු කර අලි අබැද්දියකට මුහුණ දුන් සේවක පිරිසක් පිළිබඳව දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 07 September 2021
පොල් හොරකමේ ගියාට තරු පේන දඬුවමක් ලැබිලා පොල් ගෙඩි හොරෙන් කඩා බහින අවස්ථාවේදී අපූරු දඬුවමක් හිමිවී යැයි කියන තරුණයෙක් සම්බන්ධ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 06 September 2021
මවුපියන් එක්ක ගෝරි දැම්මාට පොලිසියේදී පොතක් වැටිලා මවුපියන්ට තර්ජනය කර මුදල් ඉල්ලාගෙන ගොස් දිනපතා බීමතින් පැමිණ මවුපියන්ට සහ සහෝදරියට බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරුණු තරුණයකුට, එදිනෙදා කරන ක්‍රියා පොතක සටහන් කිරීමට සිදු වූ පුවතක් හක්මන පොලිසියෙන් වාර්තා වේ. 04 September 2021
දරු තිදෙනා සැමියාගේ ඇඟට දමා බ්රිය අනංගයත් එක්ක ඉගිලිලා බාල වයස්කාර දරුවන් තිදෙනා සැමියාට දී අනියම් සැමියා සමග යතුරු පැදියේ නැගී පිටවගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ පොලිසියකින් වාර්තාවේ. 03 September 2021
අම්මා තාත්තා උපන් දා දුන් නමින්ම වාසනාවට පුතා දොස්තර වෙලා උප්පත්තියෙන් හිමි වූ නාමකරණය නිසා වසර ගණනාවක් තිස්සේ වෛද්‍යවරයකු ලෙස සමාජයේ පෙනී සිටීමේ වාසනාව උදාකරගත් පුද්ගලයකු පිළිබඳව පුවතක් කල්‍යාණි නදී තෙර අසබඩ ගම්මානයකින් වාර්තා වෙයි. 02 September 2021
පහන පත්තු කරන්න පොල්තෙල් නොදුන්නාට නැන්දම්මා -ලේලි පොරයක නිවෙස ඉදිරිපිට මිදුලේ තනා ඇති බුදු මැදුරේ පහන පත්තු කිරීමට ලේලිය පොල් තෙල් ගෙනත් නොදුන්නා යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවක බුදු මැදුර ඉදිරිපිට යකා නටා ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තාවේ. 01 September 2021
සැමියාගේ මාටියා ගැහිල්ල ඇඳ අස්කරද්දී මාට්ටුවෙලා නිවෙස්ගතව කොරෝනා රෝග ප්‍රතිකාර ලබන සිය මව, පියා ඇතුළු සහෝදර සහෝදරියන්ට අවශ්‍ය බඩු මුට්ටු රැගෙන යාමට සිය භාර්යාව ලබාදුන් මුදලින් කොටසක් මාටියා ගසා භාර්යාවගේ අතටම හසුවී අලිජංජාලයකට මුහුණ දීමට සිදුවූ අපූරූ බෑණා කෙනකු පිළිබඳ අපූරු පුවතක් දකුණේ බල මාළුවලට ප්‍රසිද්ධ නගරයකින් වාර්තා වේ. 31 August 2021
අම්මා රටින් එවූ දුරකතනයෙන් ඔන්ලයින් දුව පෙම් ලයින් එකක විදේශ රටක සේවය කරන මව එවා තිබුණු මුදල් වලින් රුපියල් 29,000 ක් ගෙවා අරන් දුන් ජංගම දුරකතනයෙන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු පසෙකලා තරුණයකු සමග පෙම් සුව විඳිනවා යැයි කියන ශිෂ්‍යාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 30 August 2021
රට වැසූ දා හොරාකන්න ගිහින් කණුවේ බැඳලා රට වැසීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟම වෙළෙඳසලේ ඇතිවූ තදබදයෙන් හොරා කෑමට දෙවැනි වරත් ගිය අයකුට දින නියමයක් නැතිව නිවසේ නිරෝධායනයට ලක්වීමට සිදුවූ අපූරු පුවතක් අපේ පළාතෙන් අසන්නට ලැබේ. 28 August 2021
ළමා ළපටි නැන්දම්මාට දී බිරිඳ හොර මඟුලේ බාලවයස්කාර දරුවන් දෙදෙනා සැමියාට සහ නැන්දම්මාට භාර දී අනියම් සැමියාගේ නිෙවසට ගිය කාන්තාවක් පිළිබඳව කතාවක් හක්මන පොලිසියෙන් වාර්තා වේ. 28 August 2021
මුඛවාඩම නැතුව වැසිකිළියේ හිරවෙලා දකුණු පළාතේ එක්තරා ගමකි. ගමනක් යන සිරිදාසට බඩගින්නක් දැනුනෙන් අතරමග සයිවර් කඩයකට ගොඩ වුණේය. තෝසේ 2ක් සහ වඩේ 1 ක් ඕඩර් කළ ඔහු හදිසි අවශ්‍යතාවකට කඩේ පිටුපස වැසිකිළියට ගියේය. සෑහෙන වෙලාවක් ගතවුවද ඔහු ආපසු ආවේ නැත. වේටර්වරයා ගොස් කැෂියර්ට කීවේය. ඔහුගේ නියමය පරිදි වේටර් වැසිකිළිය ළඟට ගියේය. එය තිබුණේ කඩයට මඳක් දුරිනි. 28 August 2021
‘එක්කුස උපන් දෝණියැන්දැට’ වස්තුව ලියා දෙන්න ගිහින් පියා සහ දියණිය එක කුස ඉපදීම පිළිබඳ මේ අපූරු පුවත පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ නීතිඥ කාර්යාලයකිනි. 28 August 2021
අල්ලපු ගෙදර කොල්ලාගේ ත්රීවිලරයෙන් ගියාට ‘හනසු පූජාවක්’ වර්ෂාපතනය පැවැති අවස්ථාවේදී රැකියාව නිමකර පැමිණෙන නැන්දම්මා නිෙවසට රැගෙන ඒමට ප්‍රධාන මාර්ගයට අසල නිෙවසේ පදිංචි අවිවාහක ත්‍රිරෝද රථ තරුණයා සමග ගියා යැයි බිරිඳට දොස් පැවරූ තරුණ සැමියා ඇයට හනස්සකින් පහරදීමේ සිද්ධියක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි. 28 August 2021
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026