IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඇඳුම ඇණයක් වෙලා මඟුල් ගෙදරින් නොකා නොබී මාරුවෙලා

(පොල්ගස්ඕවිට - එස්. වික්‍රමආරච්චි)


කොවිඩ් වසංගතය සෙමින් තුරන් වී යාමත් සමග දිනෙන් දින කල්ගිය විවාහ මංගල උත්සව සුදානම් කෙරෙමින් පවතී. විවාහ මංගල උත්සව වලට ඇරියුම් ලැබෙන්නේ සීමිත ආරාධිතයන්ට පමණක් වන හෙයින් ලැබෙන ආරාධනා වලට සහභාගිවීමද අනිවාර්යය.

 සුමනසිරි රජයේ සේවකයෙකි. ඔහුටද සමීපතම ඥාතියකුගේ විවාහ මංගල උත්සවයට ආරාධනා ලැබිණි.

අනිවාර් යෙන්ම එන්න ඕනෑ. නැකතට පොල් ගෙඩිය බිඳින්න ඕනෑ ඔයා. ඥාතියා කීවේය.

‘අනිවාර් යෙන්ම වෙලාවට එනවා’ සුමනසිරි කිවේය.

මෙම ආරාධනාව මෙම  මාසය තුළ ඔහුට ලැබුණු හතරවැනි ආරාධනාව වේ. අලුත් ඇඳුම් පැළඳුම් ගැනීමට සිදුවීම මෙන්ම තෑගි බෝග දීමට මුදල් වියදම් කිරීම නිසා ඔහු හොඳටම හෙම්බත්ව සිටියේය.

ඥාතියාගේ මංගල උත්සවයට පෙර දිනද කාර්යාලයේ මිතුරකුගේ විවාහ මංගල උත්සවය  තිබිණි.

‘‘ඒකට ඇඳගෙන ගිය ඇඳුමම ඇඳගෙන යනවා.’’ සුමනසිරි සිතුවේය.

 මිතුරාගේ විවාහ උත්සවයට සහභාගිවී පැමිණ කමිසය ගලවා සාලයේ පුටු සැටිය මතින් තැබුවේ දහදිය වේළීමටත් එක්කය. පසුදා උදෑසන අවදිවී බලන විට සුමනසිරි දුටුවේ කමිසය මත කවුරුන් හෝ වාඩිවී සිට ඇති බවය. ඇඳගෙන යාමටත් නොහැකි තරමට කමිසය පොඩිවි තිබිණි.

 කමිසය මැද ගැනීමට ඔහු කාමරයට ගියේය. විදුලිය විසන්දි කර ඇති බව ඔහු දැන ගත්තේ එවිටය. සොයා බැලීමේදි දැන ගැනීමට ලැබුණේ අලුත්වැඩියාවක් සඳහා එදින සවස්වනතුරුම විදුලිය විසන්ධි කර ඇති බවය.

 ‘‘දෙයියෝ සාක්කි මොකද කරන්නේ’’ සුමනසිරි කල්පනා කරන්නට පටන් ගත්තේය. කිලෝ මීටර් පහක් පමණ ඈතින් සිටින මිතුරකු ඔහුට සිහිපත් විය. සුමනසිරි ඔහුට ඇමතුමක් ගත්තේය.

‘මෙහෙ ලයිට් තියෙනවා වරෙන්’ මිතුරා කීවේය.

 පොඩි වූ කමිසයද රැගෙන සුමනසිරි යතුරුපැදියෙන් පිඹගෙන ගියේය.

කමිසය මැද ගැනීමෙන් පසුව මිතුරා වැඩි ආරක්ෂාවට කමිසය රඳවනයක (හැන්ගර් එකක) දමා දුන්නේය. 

විවාහ මංගල උත්සවය තිබෙන්නේ කිලෝ මීටර 30ක පමණ දුරය. නැකතට පොල් ගෙඩිය බිඳිය යුත්තෙත් සුමනසිරිය. නැකතට වැඩි වේලාවක්ද නැත. ඔහු කමිසය ගෙන පිම්මේ ගෙදර අාවේය.

ගෙදර ඇවිත් බලනවිට යතුරුපැදියේ තිබුණේ ඇඳුම රැඳවූ හැන්ගර් එක පමණි. කමිසය නැත. එය මග වැටී ඇත. කෝකටත් කියා සුමනසිරි ආ මග  ඔස්සේ ගියේය. අතරමගදී ඔහු දුටුවේ කමිසය මග වැටී ඇති බවය. ඒ මතින් වාහන ගොස් තිබිණි. එය ඇඳීමට ගත නොහැකිය. ගෙදර ගිය සුමනසිරි පරණ ඇඳුමක් ඇඳගෙන නැකතට විනාඩි පහකට කලින් උත්සව ශාලාව වෙත ගියේය.

මේ මොකෝ ඇඳුම දෙස බලා සමහරු ප්‍රශ්න කරන්නට වූහ.

එනපොට හොඳ නැති බව දැනගත් සුමනසිරි නොකා නොබී එතැනින් මාරු විය. 



අදහස් (0)

ඇඳුම ඇණයක් වෙලා මඟුල් ගෙදරින් නොකා නොබී මාරුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1982 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site