(තිහගොඩ - උපසේන ලියනගම)
සිය මෝටර් රථවල ගෙවීගිය කොටස්වලට අවශ්‍ය නව කොටස් කීපයක් මිලදී ගැනීම සඳහා තංගල්ල ප්‍රදේශයේ පදිංචි මේ යහළුවන් දෙදෙනා පසුගියදා අගනුවරට ගියේ කොරෝනා උවදුර තරමක් පහළ ගොස් තිබූ හෙයිනි.
නුගේගොඩ ප්‍රදේශයේ කරක් ගැසූ ඔවුන්ට අවශ්‍ය වාහන කොටස් මිලදී ගැනීමට හැකි වුවත් දහවල් වී තිබූ නිසා සාගිනි නිවා ගැනීමට ගියත් එහි සියලුම ආපන ශාලා වසා තිබීම මහා ගැටලුවක් විය. ඒ ගෑස් හිඟය නිසාය.
දිගු ගමනකින් පසු ඔවුනට දක්නට ලැබුණේ පලතුරු ආශ්‍රිත බීම වර්ග හා පලතුරු කොටස් අලෙවි කරන තරමක් ඉහළ පන්තියේ සුපිරි වෙළෙඳසලකි. එහි විවිධ පලතුරු බීම වර්ග හා සැලඩ් වර්ග තිබුණත් ඒවායේ මිල අධික වනු ඇතැයි සිතූ ඔවුන් ගස්ලබු කැබලි දෙකක් පමණක් ඇනවුම් කළේ සාපිපාසාව මඳක් හෝ නිවා ගැනීමටය.
ගස් ලබු කැබලි දෙක කෑමෙන් පසු වෙළඳ සේවකයා එහි බිල ලෙස රුපියල් දෙදහස් හාරසියයක මුදලක රිසිට් පතක් රිදී තැටියක තබා ඔවුන්ට ඉදිරිපත් කළේ ඔවුන්ට දෙවියන් සිහි කරමින්ලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාවම හෝටලේක වුණා කියලා මීට වසර කීපයකට කලින් මෙතැනම පළවුණා. නුගේගොඩ ඕනෑතරම් කන්න තැන් තියෙනවා. මෙතන මේ ගස්ලබු කෑලි දෙකක් නොවෙයි, කන්න ඇත්තේ ලොකු ගස්ලබු පලු දෙකක්. ඒකත් වෙන ඒවා නැතිව කෑවා කියන එකත් පිළි ගන්න බෑ. හරියට නේත්‍රපලම් කෙසෙල් කාලා කෙසෙල් ගෙඩියක් මෙච්චර වුණා කියලා හූල්ලනවා වගේ...