IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මාස හයේ බිලිඳා ආච්චිට අලි අවුලක් වෙලා

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
සිය මුණුපුරා මාස හයකට පෙර කැන්දාගෙන ආ මනාලිය බිලිඳියක බිහි කළා යැයි පුදුමයට පත් වයෝවෘද්ධ කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තා වෙන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 25 හැවිරිදි තරුණයෙක් සිය මිත්තනිය සමග නිවෙසේ පදිංචිව සිටියි. මෙම තරුණයාගේ පියා කලකට ඉහත දී රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබුණි. පසුව නිවෙසේ අගහිඟකම් එන්න එන්නම උග්‍ර වීමත් සමග මව අරාබිකරයේ ගෘහ සේවිකාවක ලෙස පිටත්ව ගියේ මීට වසර හතරකට පමණ ඉහත දීය. මව විදේශගත වන අවස්ථාවේ දී 21 හැවිරිදි පිරිමි දරුවාට කියා සිටියේ සිය මිත්තනියත් රැක බලාගෙන නිවෙසේ රැඳී සිටින ලෙසය.


පසුව තරුණයා නිවෙසේ සිටින අවස්ථාවේ දී අසල්වැසි තරුණයෙක් මාර්ගයෙන් පොල්ගහවෙල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රැකියාවකට ගියේය.


තරුණයා ඇඟලුම් ආයතනයේ රැකියාවට යන එන අතරේ ඇඟලුම් ආයතනයේ රැකියාවක යෙදී සිටි පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක මීට වසර දෙකකට පමණ ඉහත දී හඳුනා ගත්තේය. 


මුල දී මෙම සම්බන්ධතාව පිළිබඳ තරුණයා මිත්තනිය දැනුවත් කිරීමක් කර සිටියේ නැත. 


තරුණයා මීට මාස හයකට පමණ ඉහත දී තමාට පෙම්වතියක සිටින බවත් ඇය නිවසට කැන්දාගෙන පැමිණෙන බවත් දිනක් මිත්තනියට පැවසුවේය. 


‘‘ආ ඒක හොඳයි පුතේ මට උඹේ කලිසම් හෝදලා එපා වෙලා තියෙන්නේ’’ යැයි මිත්තනිය මුණුපුරාට සිනාමුසු මුහුණින් පැවසුවාය.


පසුව තරුණයා ගිය අවුරුද්දේ අග දිනක දී පෙම්වතිය නිවෙසට කැන්දාගෙන පැමිණියේය. පසුව තරුණ යුවළ දිනපතා ඇඟලුම් ආයතනයේ රැකියාවට යන එන අතර මිත්තනිය පාන්දර නැගිට ඔවුන් දෙදෙනාට දහවල් කෑමට කෑම පාර්සල් දෙකක් ද ඔතා දුන්නාය.


හදිසියේ පසුගිය දිනක තරුණිය දරුවකු බිහි කිරීමට රෝහල් ගත කිරීමට තරුණයාට සිදු විය. පසුව තරුණිය බිලිඳියක බිහි කළාය. සිය බිරිඳ දරුවකු බිහි කළ බව තරුණයා මිත්තනියට පැවසීය.


‘‘පුතේ උඹ කෙල්ල ගෙනත් මාස හයක්වත් නෑ නේ. කොහොමද ඔය ඉක්මනට දරුවෙක් බිහි කළේ’’ යැයි තරුණයාගෙන් මිත්තනිය විමසුවාය.


‘‘කිරි අම්මාට ඒක වැඩක් නෑනේ’’ යැයි තරුණයා පැවසීය. 


පසුව වයෝවෘද්ධ කාන්තාව කම්මුලේ අත තියාගෙන පුදුමයට පත්ව ඇති බව වාර්තා වෙයි.

 



අදහස් (0)

මාස හයේ බිලිඳා ආච්චිට අලි අවුලක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site