(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
නෑනා කතා කළේ සුබ පැතීමට යැයි සිතා නෑනා පුදුම කරවන්නට ගොස් නෝනාගෙන් නව වසර ආරම්භයේදීම හොඳටම නාගත් සැමියකු පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
නව අවුරුදු උදාවත් සමඟම ඔහුගේ ජංගම දුරකථනයට වැළ නොකැඩී ඇමතුම් ආවේය. ඒ අලුත් අවුරුදු සුබ පැතුම්ය. ඒ හැම ඇමතුමකින්ම කියැවුණේ සුබ නව වසරක්, සුබ නව වසරක් යන්නය. ඒ සෑම ඇමතුමකටම ඔහු පිළිතුරු දුන්නේ ‘‘එසේම වේවා’’ ‘‘එසේම වේවා’’ කියමිනි.
මේ නිසාම ඔහු තමාට ලැබෙන කිට්ටුම හිතවතියන්ගෙන් ලැබෙන මේ ඇමතුම් දන්නා නිසාම ඔහු ඔවුන් පුදුම කරවීමට සුබ පතන්න පෙරම කීවේ ‘‘එසේම වේවා’‘ එසේම වේවායි කියමිනි. එවිට ඔවුන් දුරකථන ඇමතුමට සම්බන්ධ වන්නේ පුදුම වෙමින් කොක් හඬලා සිනාසෙමින්ය.
මේ අතරේ දී ඔහුගේ එකම නෑනාගෙන් ඇමතුමක් ලැබුණේය. අලුත් අවුරුදු දා නෑනා ද පුදුම කරවීමට ඔහු එසේම වේවා, එසේම වේවා යයි පවසා දුරකතනය විසන්ධි කර නාන කාමරයට ගියේ අවශ්‍යතාවයකටය.
මේ සමඟම නෑනා කිහිප අවස්ථාවක් ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඉන් ඵලක් නොවූ නිසාම ඇය සිය සහෝදරියට ඇමතුමක් ලබා දුන්නාය. අක්කේ අම්මට හොඳටම අමාරුවෙලා ඉස්පිරිතාලේ නැවැත්තුවා යැයි ඇය ඉකිබිඳිමින් කීවාය.
මම ඔයාට නොගෙන අයියට කෝල් එකක් ගත්තා. මොකද මේක කිව්වාම ඔයා බය වෙන නිසා. එයා එසේම වේවා, එසේම වේවායි, කියමින් කෝල් එක කට් කළා යැයි ඇය කීවාය.
හොස්ස ළඟින් මැස්සා යන්න බැරි තරමටම කේන්ති යන ඔහුගේ භාර්යාව ඔහු සිටි නාන කාමරයේ දොරට තඩි බාන්නට වූවාය.
මොකක්ද නංගිට කිව්වේ. පුදුම මිනිහෙක් තමයි, කියමින් නව වසර පටන් ගත්දාම ඔහුට අඬ අඬා දෙස් දෙවොල් තියන්නට වූවාය.
සිය මව බැලීමට රෝහලට යාමට ලැහැස්ති වෙමින්ම ඇය ඔහුට බැණ වැදුණාය.
මනමාලකම් කරන්න ඕනැ වෙලාවක් ද මේක? මගේ අම්මට හොඳටම අමාරුයි. මේ මිනිහාට මනමාලකම. භාර්යාවගේ කෑ මොරදීම හමුවේ ඔහු නාන කාමරයෙන් එළියට විත් ගොඩ දැමූ විට ගැහෙන මාළුවෙකු මෙන් භාර්යාවගේ මුහුණ බැලුවේ වෙව්ල වෙව්ලාය.
නංගී කෝල් කරලා තියෙන්නේ මනමාලකම් කරන්න නෙමෙයි. අම්මට අමාරුවෙලා ඉස්පිරිතාලේ නතර කළා කියලා කියන්න.
මොකක්ද මිනිහෝ ඒකිට කියලා තියෙන්නේ, මගේ අම්ම ඉස්පිරිතාලේ නතර කළ කියලා කිව්වාම. එසේම වේවා, එසේම වේවා කියලා තියෙන්නේ. තමුසෙට ආශා ඇති මගේ අම්මට මොනවා හරි වෙනවාට යැයි, කියමින් ඇය ගෝර නාඩු කළේ නිවෙසම දෙවනත් කරමිනි.
2025 ඔක්තෝබර් මස 08
1982
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
නෑනා පුදුම කරන්න ගිහින් නෝනාගෙන් අම්බානක කාලා