IMG-LOGO

කුකුල් මුදලාලිගේ හුරතලෙන් හාමිනේට යකා නැගලා

(කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය)
සරණපාල මුදලාලි කැබිතිගොල්ලෑවට නුදුරු ගමක සිල්ලර කඩයක් පවත්වාගෙන යන මැදිවියේ  පුද්ගලයෙකි. හේ ප්‍රියමනාප අයකු වන අතර කාන්තා පක්ෂයට වැඩිපුර ඇඟෑලුම්ද පෑ කෙනෙකි. කඩෙන් බඩු ගැනීමට පැමිණෙන සමහර කාන්තාවන්ගේ ඇඟිල්ලක් දෙකක් ‘‘හීනියට’’ මිරිකීමෙන් සරණපාල මුදලාලි ආශ්වාදයක් ලබන බව ඔහුගේ හැසිරීමෙන් ගැහැනු දනිති. පසුගිය කාලයේ ‘‘ගැහැනු හුටපට’’ කීපයක් මුදලාලි සම්බන්ධව තිබුණු බව ගම් පළාතේ ‘රහසක් නොවන රහසක්’ බවට පත්වී තිබුණි. ඇතැම් කාන්තාවන් ‘‘සරණයා හරි කුකුළා’’ යැයි කියන බව මුදලාලි හාමිනේටද කනින් කොනින් ආරංචි වී තිබුණි. ඒ නිසාම ඇය සමහර දිනවල දෙතුන් පාරක් හිටි අඩියේම කඩයට ගොඩවූයේ සැමියාගේ හොරයක් ඇත්නම් අතටම හසුකර ගැනීමේ අදහසිනි.


මෙදින සරණපාල ස්ටෝර්ස් එකේ කාන්තාවෝ කීපදෙනෙක් බඩු ගැනීමට පැමිණ සිටියහ. මුදලාලි ‘‘කට කනේ’’ දාගෙන විහිළු කරමින් ඔවුන්ට අවශ්‍ය දෑ දෙමින් සිටියේය. 


මුදලාලි හාමිනේ හෙමින් සීරුවේ කඩයට පැමිණියේ පිටුපස පැත්තෙන් නිසා ඒ ගැන කවුරුත් දැන නොසිටියහ.


‘‘අනේ සරණයියේ මගේ බඩු බිල ඉවර කරන්නකෝ. මොනාද අප්පා මාව යවන්නකෝ. මං ගැන ඔයාට දුක නැද්ද’’ යනුවෙන් ගමේ කටකාර කාන්තාවක් වු ශ්‍රියානි අඟර දඟර පාමින් කීවාය. 


එයට ප්‍රතිචාර දක්වමින් ‘‘හරි හරි චුට්ටක් පරක්කු වුණාම මොකෝ ශ්‍රියෝ’’ කිමින් සරණපාල මුදලාලි ශ්‍රියානිගේ පිටට තටටුවක්ද දැම්මේය. මේ සියල්ල පිටුපස කාමරේ සිට අහගෙන සිටි මුදලාලි හාමිනේ කේන්තියෙන් වෙව්ලන්නට වූයේ දත්මිටි කමිනි.
මෙම විහිළුව නොරිස්සූ එතැන සිටි වෙනත් කාන්තාවක් කරවල රාක්කයේ ලියා තිබුණු බෝඩ් ලෑල්ලක් අතට අරගෙන ‘‘මූ කුකුළා, මූ කුකුළා, මූ කුකුළා’ යැයි කියවන්නට වූවාය.


කානතාවන් සියලු දෙනාම කොක් හඬලා සිනාසෙන්නට වූයෙන් මුදලාලි හාමිනේට ‘මල’ පැන්නාය.


කොස්ස අතට ගත් හාමිනේ කවුද යකෝ කුකුළා කියමින් එතැනට කඩා පැන්නාය.


ගැහැනුන්ගේ කටවල්වලට අගුල් වැටුණි. ‘‘මූ කුකුළා’’ බෝඩ් ලෑල්ල බිම තැබූ කාන්තාව වාෂ්ප වූවාය. මුදලාලි හාමිනේ කරවල රක්කයේ තිබූ ‘‘මුහුදු කුකුළා’’ හැඳින්වීමට ලියා තැබූ බෝඩ්  එක දැක ඇයද හනික නොපෙනී ගියාය. කඩේ සිටි ලලනාවන් ඔහුට පිටුපා නිතඹ සොලවමින් යන ලතාව දෙස බලා සිටි සරණපාල දිග සුසුමක් පිට කරමින් ‘කවුද යකෝ කුකුළා’ යැයි තමාගෙන්ම අසා ගත්තේය. 

 



අදහස් (0)

කුකුල් මුදලාලිගේ හුරතලෙන් හාමිනේට යකා නැගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 292 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site