IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ගෑස් ටැංකියෙන් සැමියෙක් පාරට වැටිලා

(හාරිස්පත්තු මොහොමඩ් ආසික්)


ග්‍රීස් යකාට ඇති බයට සමාන බියක් ගෑස් සම්බන්ධයෙන් ද ඇති වී තිබේ. ගෑස් කාන්දුවීම, ගෑස් ලිප් පුපුරා යෑම් රටේ හැම අතින්ම වාර්තාවේ. බිරිඳගේ උපදෙස් නොපිළිපැද නිවෙසට ගෑස් සිලින්ඩරයක් රැගෙන ගිය සැමියකුට බිරිඳගේ ගෑස් බැලීමට සිදුවීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවේ.
බිරිඳ සැරය. හොස්ස ළඟින් මැස්සෙක් ගියොත් කොස්ස අරන් පස්සෙන් දුවන තරමට ඇය සැරය.
කරගත්ත කසාදයක්! සැමියාට සිතුණ වාර ගණන අපමණය. එහෙත් බැඳගත්ත බෙරය ගැසිය යුතු හෙයින් සැමියා ඉවසීමෙන් කටයුතු කළේය. 
ගෙදර ගෑස් ඉවර විය. බිරිඳ සැමියාට කතා කළේය.
‘‘මේ ඇහුණා ද? ගෑස් ඉවරයි. දවල්ට උයන්න වෙන්නේ නෑ. ඉක්මනට ගිහින් ගෑස් එකක් ගේන්න’’ බිරිඳ කීවාය. එය කීමකට වඩා අණකි.
සැමියා ගෑස් ගෙනෙන්නට සූදානම් විය. 
‘‘මේ ඇහුණද? මුදලාලි දෙන ගෑස් ලීක් වෙනවද කියලා හොඳට හොයලා බලනවා. ගෑස් ගඳ එනවාද කියලා බලනවා. දන්නවනේ දැන් රටේ හැටි’’ බිරිඳ කියාගෙන කියාගෙන ගියාය.
 ‘‘හ්ම්! සැමියා කීවේ එපමණකි. ගෑස් කඩයට ගිය සැමියා බිරිඳ කී ලෙසට ගෑස් සිලින්ඩරය පරීක්ෂා කළේය. ඔහුට එහි අමුත්තක් නොපෙනුණි. ඔහු ගෑස් සිලින්ඩරය ගෙදර ගෙනැවිත් කුස්සියෙන් තැබුවේය. අනතුරුව ළිපට සවි කළේය. 
බිරිඳ කුස්සියට ආවාය. ගෑස් සිලින්ඩරය ළඟට ගියාය.
අවාසනාවට ඇත්ත කතාවකි! ඇයට ගෑස් ගඳක් දැනුණි. ඇයට අසූහාර දහට මළ පැන්නේය.
 ‘ඈ ඕයි! තමුසෙට මම කිව්වේ හොඳට හොයලා බලලා ගේන්න කියලා නේද! තමුසෙට නහයක් නැද්ද? බලනවා ගෑස් ගඳ මං නම් ගේ ඇතුළෙවත් ඉන්නේ නෑ. තමුසේ ඕන කුදයක් ගහ ගන්නවා.’ එසේ කී බිරිඳ මිදුලට පැන්නාය.
 ‘‘තමුසෙ ඕක අරන් ගිහින් දැන්ම හොඳ එකක් ගේනවා’’ බිරිඳගේ විධානයකි.
‘‘වෙච්ච දේට මක්කොරන්නදයි’’ කියමින් සැමියා ගෑස් සිලින්ඩරය රැගෙන නැවත කඩයට ආවේය.
 ‘‘ගෑස් ඉවරයි. ආයේ කවද එයිද දන්නේ නෑ. මම ඔයාට දුන්නේ අන්තිම එක’’ මුදලිලා කීවේය.
‘‘දැන් ගෙදර යන්නේ කොහොමද එසේ සිතමින් සැමියා නගරයේ එහෙ මෙහෙ ඇවිදින්නට පටන් ගත්තේය.

ගෑස් එනකම් කවදාහරි වෙනකම් මෙහෙ ඉන්නවා. ගෙදරනම් යන්න බෑ. එසේ සිතූ සැමියා වසා තිබූ කඩයක ලෑල්ලට හේත්තු විය.

 



අදහස් (1)

ගෑස් ටැංකියෙන් සැමියෙක් පාරට වැටිලා

fairoos Monday, 13 December 2021 01:41 PM

සර්ට කිව්වානම් හරි...!!! 

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site