IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සැමියාගේ උපන් දිනයදා බිරිය යකින්නක් වෙලා

(මොරගොල්ලාගම - සිසිර කැලේගම)


අනියම් ඇසුරක් නිසා බිරිය සහ දරු පැටව්ද රැකියාවද අහිමි කරගත් අනංගයකු සම්බන්ධ මෙපුවත කොරෝනා තුන්වැනි රැල්ලේදී වාර්තා වූවකි.
ඔහු රාජ්‍ය ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරියෙකි. බිරිය ගුරුවරියකි. සැමියා දුර බැහැර රාජකාරි කළ අතර ආයතන පරිශ්‍රයේම පිහිටි නිල නිවාසයක පදිංචිවී සිටියේය. සති අන්තයේ නිවෙසට එන ඔහු සඳුදා උදේ රැයෙන්ම සේවා ස්ථානය කරා යයි.
කොරෝනා තුන්වැනි රැල්ලෙන් පසුව රට විවෘත විය. කාර්යාල​ෙය් රාජකාරි බහුල වූ හෙයින් සති අන්තයේ ගමට ඒමටද ඔහුට නොහැකි විය. බිරිඳ ආඩපාලි නොකීවේ රාජ්‍ය සේවයේ තරම ඇය හොඳාකාරවම දන්නා හෙයිනි.
මේ අතරවාරයේදී සැමියාගේ උපන් දිනය එළැඹුණි. එය ඉරිදාවකි. දිනපතා දුරකථනයෙන් කතාකළද සැමියා උපන් දිනය ගැන සිහිපත් නොකළද බිරියට දිනය හොඳට මතක තිබිණි.
එයාට අමතක ඇති. බිරිඳ එසේ සිතුවාය. නිවාඩු දිනයක් බැවින් දරු දෙදෙනාද සමග සැමියාගේ නිල නිවෙසට ගොස් ඔහුට සුබ පතා ඔහු පුදුමයට පත් කළ යුතු යැයි බිරිඳ සිතුවාය. ඒ අනුව කේක් සහ රස කැවිලිද තෑගිද රැගෙන බිරිඳ දරු දෙදෙනා සමග ත්‍රිරෝද රියකින් දුරකතර ගෙවා සැමියාගේ සේවා ස්ථානයට ආවාය.
ආයතනය වසා තිබිණි. නිල නිවෙස පිහිටියේ ඒ ආසන්නයේම බැවින් ඇය හඬ නොනගාම එදෙසට ගියාය.
කාමරයේ එක් ජනෙල් පියනක් විවෘතව තිබිණි. සැමියා පුදුම කරන අදහසින් ඇය ජනෙල් කවුලුවෙන් එබිකම් කළාය.
දෙයියෝ සාක්කි ඇයට කියවිණි. සැමියා කතක් සමග සයනයේය. ඇය ගෙනා කේක් ගෙඩියක්ද මේසය මත විය.
බිරිඳට යකා ඇවිස්සිණි.
ඉදිරිපස දොර කඩාගෙන නිවස තුළට පිවිසි ඇය අතට අහුවන අහුවන දෙයින් දෙදෙනාට දමා ගැසුවාය. අනියම් බිරිඳ අඩ නිරුවතින්ම නිවෙසින් පැන ගත්තාය. සැමියා කාමරයක සැඟවිණි.
බිරිඳ පොලිසියට ගියාය. ආයතන ප්‍රධානියාටද පැමිණිලි කළාය. විධායක නිලධාරියාගේ විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරුව ඔහු සේවයෙන් පහ කෙරිණි.
ගෙවල් පැත්ත පළාතේ එන්න එපා තමුසේ මහ වනචර මිනිහෙක් බිරිඳ කීවාය.
සැමියා ආගිය අතක් තවමත් සොයාගත නොහැකිය.

 



අදහස් (0)

සැමියාගේ උපන් දිනයදා බිරිය යකින්නක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site