IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොරෝනාවට බයවුණ නැන්දම්මාට අනාගත ලේලියගෙන් අපූරු පාඩමක්

(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්) 


කොවිඩ් ආසාදනය වීම නිසා සිය පුතු තමන් විවාහ කර ගන්නවාට අකැමැති වූ පෙම්වතාගේ මව කැමැති කර ගන්නට අපූරු කෙමක් කළ පෙම්වතියක පිළිබඳ තොරතුරු කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි. 

වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 

කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ප්‍රධාන නගරයකට කිලෝ මීටර 15ක් පමණ දුරින් පිහිටි ගම්මානයක පදිංචි මෙම 25 හැවිරිදි තරුණිය නගරයේ එක්තරා පෞද්ගලික ආයතනයක සේවය කළාය. එම නගරයේම තවත් පෞද්ගලික ආයතනයක සේවය කළ 28 හැවිරිදි තරුණයකු සමග වසර කිහිපයකට වැඩි කාලයක් ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන තිබුණ අතර දෙපාර්ශ්වයේ ඥාතීහු ද එයට කැමැත්ත දුන්හ. 

කෙසේ  වුවත් පසුගිය කාලයේ කොවිඩ් වසංගතය වැඩි වශයෙන් වාර්තා වී තිබූ නිසා මේ දෙදෙනාගේ විවාහය  දවසින් දවස ප්‍රමාද වන්නට විය. 

මේ අතර දැනට මාස කිහිපයකට පෙර පෙම්වතිය සේවය කළ කම්හලේ සේවිකාවන් කිහිප දෙනකු කොවිඩ් ආසාදිත වූ අතර ඒ නිසාම අදාළ පෙම්වතියටද කළ පීසීආර් පරීක්ෂණයේදී ඇයද ආසාදිත බව තහවුරු විය. කෙසේ හෝ ඇයට රෝග ලක්ෂණ නොපෙන්වූ අතර දින 14ක නිරෝධායනයෙන් පසුව ඇය යථාතත්ත්වයට පත් වූවාය. 

එසේ වුවද තම අනාගත ලේලියට කොරෝනා රෝගය වැළඳී ඇති බව දැනගත් පෙම්වතාගේ මව ඇය තම පුතාට විවාහ කර දෙන්නට අකමැති වූවාය. මෙම රෝගය ගැන විශාල බියකින් සිටින ඇය සිය පුතුට මෙන්ම ඥාතීන්ටද ප්‍රකාශ කරන්නේ ඕක මහ භයානක ලෙඩක්. ඒ ලෙඩේ හැදුණ දරුවෙක් මගේ පුතාට බන්ඳල දෙන්න බෑ. කවුද දන්නේ හොඳටම සනීප වුණාද නැද්ද කියා යැයිද කීවාය. 

මේ කතාව පෙම්වතියටද ආරංචි වී තිබූ අතර පෙම්වතාද ඇය සමග මේ බව කීවේය. කෙසේ නමුත් තම ඥාතීන් මේ ගැන කතා කළද පෙම්වතා ඒ ගැන කිසිදු තැකීමක් නොකරන බවත් ලැබෙන මුල් අවස්ථාවේදීම විවාහ වන බවද ඇයට පොරොන්දු විය. 

පෙම්වතිය මේ ගැන සිතුවේ විවාහ වීමෙන් පසුව වුවද සිය නැන්දණියගෙන් මේ ගැන නිතර අසන්නට ලැබෙන නිසාත් පෙම්වතා සමඟ සාකච්ඡා කර ඔහුටත් කොවිඩ් සෑදී ඇති බවට කතාවක් නිර්මාණය කිරීමට ඇය පියවර ගත්තාය. ඒ අනුව කිසිවකුටත් නොකියා පෙම්වතා සහ ඇය පමණක් දන්නා මේ රහස අනුව පෙම්වතා නිවසේදී දින 14ක් නිරෝධායනය වූ අතර ඇයගේ විවාහයට තිබූ බාධකය එතැනින්  අවසන් විය. 



අදහස් (0)

කොරෝනාවට බයවුණ නැන්දම්මාට අනාගත ලේලියගෙන් අපූරු පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site