(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කරුණාදාස මහතා විශ්‍රාමික ගුරුවරයෙකි. විශ්‍රාම ගියදා පටන් ඔහු ගමන් බිමන් ගියේ එකම කුලී ත්‍රීරෝද රථයකිනි. කාලයක් යද්දී එම ත්‍රීරෝද රථයේ රියැදුරු ඔහුට දරුවකු මෙන් විශ්වාසවන්ත විය.
විශ්‍රාම වැටුප් පත ගැනීමට ද කරුණාදාස මහත බැංකුවට ගියේ මේ ත්‍රීරෝද රථයෙනි. විශ්‍රාම වැටුපෙන් කොටසක් ජීවත් වීමට අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීමට බැංකුවෙන් ගන්නේ කාඩ්පත උපයෝගී කරගෙනය. බැංකුවේ පෝලිමේ සිටීමට නොහැකි නිසාම කරුණාදාස මහතා මුදල් ලබා ගැනීමට බැංකු කාඩ් පත උපයෝගී කොට ගනී.
එදා බැංකු කාඩ්පතෙන් මුදල් ලබා ගත් ඔහු ත්‍රීරෝද රථය බැංකුව ළඟම නතර කර තිබියදී ඒ ආසන්නයේම පිහිටි ඖෂධ ශාලාවකට පිය නගන්නේ මුදල් ලබාගත් බැංකු කාඩ්පත සහිත ගමන් මල්ල ත්‍රීරෝද රථයේ තබමිනි.
කරුණාදාස මහතා පසුදිනක ත්‍රීරෝද රථයේ රියදුරුත් එක්ක බැංකුවට එන්නේ හදිසි අවශ්‍යතාවකට මුදල් ලබා ගැනීමටය. බැංකු කාඩ්පත යන්ත්‍රයට දැමිණ. බැංකු කාඩ් පත දමා තිබූ කවරයෙන් කොළයක ලියා තිබු රහස් අංකය ගෙන එය යන්ත්‍රයේ සටහන් කළේය. ගැනීමට බලාපොරොත්තු වූ මුදල සටහන් විය. සිය ගිණුමේ මුදල් නැත. කරුණාදාස මහතාට සිහින් දාඩිය දමන්න පටන් ගත්තේය. ගත කිටි කිටියේ ගැහෙන්න පටන් ගත්තේය.
සිදුව ඇතිදේ ත්‍රීරෝද රථ රියදුරුට කරුණාදාස මහතා කීවේය. බැංකුවට මේ පිළිබඳව දන්වන ලෙස ඔහුට කීවේ ත්‍රීරෝද රථයේ රියදුරුය. ඒ අනුව දෙන්නාම මේ පිළිබඳව බැංකුවට දැනුම් දුන්නේය. වහාම අදාළ බැංකුව මේ පිළිබඳව සොයා බැලුවේය.
කරුණාදාස මහතාගේ ගිණුමේ විස්තර වාර්තාවක් ගැනුණේ ඒ අනුවය. ඔහු අන්තිමට විශ්‍රාම වැටුප ගැනීමට බැංකුවට පැමිණිදාම දෙවරක්ම මුදල් ලබාගෙන ඇතැයි එහි සටහන්වී තිබිණි. තමා මුදල් ලබා ගත්තේ එක් වරක් යැයි ඔහු කීවේය. ඒ නිසා බැංකු කාඩ් පත්වලින් මුදල් ලබාගැනීමට යන්ත්‍රය සවිකර තිබූ ස්ථානයේ ක්‍රියාත්මක කර තිබූ සී.සී.ටීවී. කැමරාවේ එදින දර්ශන ක්‍රියාත්මක වූයේ කරුණාදාස මහතා සහ ත්‍රිරෝද රථ රියදුරා ඉදිරියේය.
තමා එදා බැංකු කාඩ් පතෙන් මුදල් ලබාගෙන බැංකු කාඩ් පත ත්‍රීරෝද රථයේ දමා බෙහෙත් ගැනීමට ගිය පසු ත්‍රීරෝද රථයේ රියදුරු එය අරගෙන මුදල් ලබා ගන්නා අයුරු දැකීමෙන් කරුණාදාස මහතාට ඇස් අදහාගත නොවීය.
දෙයියෝ සාක්කි, එහෙනම් මේ වැඩේ කරලා තියෙන්නේ මේ මිනිහානේ ඔහුට කියවුණේ ඉබේටමය. ඒ සමගම ත්‍රීරෝද රථ රියාදුරා එතනින් ලිස්සා ගොස් ඇත්තේ සිදුවෙන්න යන දේ සිදුවන්නට කලිනි.
2025 ඔක්තෝබර් මස 08
1982
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සල්ලි හොරකමකට හොරකුගෙන්ම උපදෙස් අරන්