IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සැමියා බිරිය ගොනාට අන්දවා වැස්සිය මස් කඩේට දක්කලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
වැස්සියක නිසා තම බිරිය ගොනාට ඇන්දවූ සැමියකු පිළිබඳ කතාවක් යාපහුව පුරවරයට අයත් ප්‍රධාන පෙළේ නගරයකින් අසන්නට ලැබුණි.


අනාවරණය වූ පරිදි සිද්ධිය මෙසේය.


ඔහු සමාජ සේවාව අතරින් කැපී පෙනෙන දේශපාලකයන් අබියස  ප්‍රසිද්ධියක් උසුලන අයෙකි.


ඇය නිවසේ සිටින ගෘහණියකි.


සැමියා නිතර නිතර ගෙයින් පිට සමාජ සේවාවල නියැළෙන නිසා නිවසේ තනිවූ ඇය වැස්සියක රැක බලා ගත්තේ තම දිවි පරදුවට තබාගෙනය.


ටික කලක් ගතවෙද්දී ගොවිතැන් කාලය උදාවීම නිසා වැස්සිය රැක බලා ගැනීම ඇයට අසීරු කරුණක් විය.


මේ නිසා වැස්සියට කෑම බීම දීමේ කාර්යය සැමියා බාරයට ගත්තේය. ඔහු වැස්සිය නිවෙස් සීමාවෙන් පිටතට රැගෙන ගියේය.


උදේ වැස්සිය බැලීමට යන ඔහු දවල්ට වතුර දීමට හා සවස් යාමයේ වැස්සිය ඒ අවට ගාල් කිරීම සඳහාද ගියේය.


බිරිය වත්තේ තිබෙන තණ කොළ කපාගෙන සැමියාට දෙන්නේ වැස්සියට ඇති ළෙන්ගතුකම නිසාය.


සැමියා ඒවා යතුරු පැදියේ තබාගෙන රැගෙන යන්නේ ද වැස්සියට දීම සඳහාය.


මෙලෙස බිරිය සතියක පමණ කාලයක් දිනපතා වත්තෙන් තණ කොළ කපා දුන්නාය.


දිනක් බිරිය සැමියා නැති අතරේ වැස්සිය බැලීම සඳහා දිගේලි කළ ඉසව්ව සොයා ගියාය.


බිරිය දුන් තණ කොළ සියල්ලම ඒ සීමාවේ ගසක් අසල ගොඩ ගසා තිබෙන අයුරු දැක ඇය විමතියට පත්වූවාය.


ඒ ගැන සොයා බැලීමේදී ඇය පණ මෙන් ආදරය කළ වැස්සිය සිය සැමියා මස් කඩයට දක්කා ඇති බවට තොරතුරු අනාවරණ විය.
ඇය වැස්සිය නැති සොවින් හඬා වැලපෙන මුත් සැමියාට ඒ ගැන වගේ වගක් නැතිලු.

 



අදහස් (0)

සැමියා බිරිය ගොනාට අන්දවා වැස්සිය මස් කඩේට දක්කලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site