(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)
මල් පැළ හොරුන්ගෙන් මල් පැළ බේරා ගැනීමට ගොස් බිරිඳ අහිමි කරගෙන ගෙදර බල්ලාගෙන් හොඳ හැටි සප්පායම් වූ ගොවියකු පිළිබඳ කතාවක් මාතරට නුදුරු ගමකින් වාර්තාවේ.
‘‘මම ටවුමට යන්න ඕනෑ’’ බිරිඳ කීවාය. ‘‘ඔයා යන්න. මම කුඹුරට යනවා’’ සැමියා කීවේය.
‘‘ඔයා කොහේ ගියත් කමක් නෑ. ගේට්ටුවට ඉබ්බො දාලා තියන්න. මල් පැළ හොරු අරන් යනවා.’’ බිරිඳ කීවාය. මල් පැළයක් හෝ අඩුවුවහොත් ගෙදර විසුමක් නැති බව ඔහු දනී. එහෙයින් බිරිඳ නිවෙසින් ගිය පසු ඔහු කුඹුරට ගියේ ගේට්ටුවට ඉබි යතුරු ලෑමෙන් පසුවය. යතුරු කැරැල්ල ඉනේ ගසාගෙනම ඔහු කුඹුරේ වැඩ කළේය. අඳුර වැටීගෙන එන මොහොතේ ඔහු නිවෙසට ඒමට පිටත් විය. අතර මගදී ඔහු ඉනේ ගසාගෙන සිටි යතුරු කැරැල්ල අතට ගැනීමට සිතුවේය.
‘‘දෙයියෝ සාක්කි’’ යතුරු කැරැල්ල නැත. ඔහු ආපසු හැරී ගියේය. කුඹුරේ හැමතැනම සෙව්ව නමුත් යතුරු කැරැල්ල හමු නොවීය. අඳුර නිසා තවත් ප්‍රශ්නය උග්‍ර විය. යතුරු කැරැල්ල සෙවීමට යෑමෙන් ඔහුගේ මුළු ශරීරයම මඩෙන් නැහැවී ගියේය. ගෙදර අයකුට වුවද ඔහු හඳුනා ගැනීමට නොහැකි තරම්ය. ඔහු ගේට්ටුවෙන් පැන්නේය. එක්වරම බුරාගෙන පැමිණි ගෙදර ඇති කරන බලු පැටියා ඔහු හඳුනාගත නොහැකිව ඔහු හපාගෙන හපාගෙන ගියේය. ඔය අතර වාරයේදී බිරිඳ ආවාය. ඇයට ගෙට ඒමට ක්‍රමයක් නැත. තාප්පයෙන් පනින්නටද නොහැකිය.
‘‘අනේ තමුන් වගේ මෝඩ මිනිහෙක්. මම දුවගෙ ගෙදර යනවා. තමුන් ඕනෑ කුදයක් ගහ ගන්නවා’’ එසේ කී බිරිඳ යන්නට ගියාය. බල්ලා සපා කෑමෙන් වූ තුවාල සහිතව ඔහු මිදුලට වී කල්පනා කළේ දැන් කරන්නේ කුමක්ද කියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිරින්දෑවරු හැම තිස්සෙම ඉන්නේ පොද්ද වරදිනකන් යන්න බලාගෙන.