සැමියා මවට උවටැන් කරද්දී බිරිඳ මනමාල සමයමේ (හෙම්මාතගම රොහාන් සී. ප්‍රේමතිලක) තම නිවසේ අසනීපව සිටින මවට උපස්ථාන කිරීම සඳහා රාත්‍රි කාලයට මවගේ කාමරයේ සැමියා සිටින අතරවාරයේ සිය නිදියහනට සොර සැමියකු ගෙන්වාගත් බිරිඳ සැමියාට අසුවීමේ සිද්ධියක් අරණායක ප්‍රදේශයෙන් වාර්තාවේ. 15 September 2018
නමට අපහාස කළැයි මා`ඵ වෙළෙන්දාට ගහන්න හදලා තම නාමයට අපහාස වෙන අන්දමින් මාළු විකුණන්නේ යැයි කියමින් නිවෙස් හිමියෙකු ජංගම රථයෙන් මාළු අලෙවි කරන්නෙකුට පහර දීමට තැත් කිරීමේ පුවතක් වයඹ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. 14 September 2018
අලිවැටේ ඔළුව වැදී යාළුවා එක්ක ගුටි කෙළගෙන රජරට පැත්තේ කුලී වැඩෙන් ජීවිකාව කරගන්නා දෙදෙනකි. දෙදෙනා අතර නොහොඳ නෝක්කාඩුවක් තිබී එකම තැන කුලී වැඩ නොකර සිට කාලය හමාර කර දෙදෙනා එකම කුඹුරක වැඩට ආ පළමු දිනයයි. 13 September 2018
මැජික් බෝලයෙන් හොරෙක් අහුවෙලා දේවාල පෙරහරක් නිමිතිකොට පැවති වෙළඳ කඩ පේලියේ කඩයකින් ලබාගත් කුඩා සෙල්ලම් බෝලයක් නිසා ගෙදරට පැමිණි හොරකු අල්ලා ගැනීමට හැකිවීමේ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබිණි. 12 September 2018
නැතිවූ දුරකතනය වැඩිහිටියකුගේ සරම ඇතුළෙන් නාදවෙලා අහුලාගත් ජංගම දුරකතනයක් අයිතිකරුට නොදී සඟවාගෙන සිටි වැඩිහිටි පුද්ගලයකු ඇඳසිටි සරම ඇතුළෙන් එය නොනවත්වාම නාදවීම නිසා එය අයිතිකරුට ආපසු දීමට සිදුවූ පුවතක් කොළඹ නගරයේ මුහුදු වෙරළ තීරයකින් වාර්තා විය. 11 September 2018
සීයාගේ දෝස්මුරයෙන් මිනිබිරියට තරු පෙනිලා කොළඹ සිට තංගල්ල බලා දිවෙන ශීඝ්‍රගාමී බස් රථයකි. සති අන්ත දිනයක උදේ වරුව වූ හෙයින් බසයේ සිටියේ සීමිත පිරිසකි. බේරුවල නගරයේදී යුරෝපීය ඇඳුමැති වියපත් පුද්ගලයකු බසයට නැග්ගේ ඔහුගේ මිනිබිරිය යැයි සිතිය හැකි තරුණියක සමගය. 10 September 2018
අලුත ගෙනා මනමාලිය කෙසෙල් කැනටම වග කියලා මනාලයා මනාලිය කැන්දා ගෙනවිත් මාස පහකට මදක් වැඩිය. මනාලයා කොළඹ රැකියාවක නියුතු අතර සෑම සති අන්තයකම මහ ගෙදරට යාබදව තමාගේම නිවසට පැමිණෙන්නේ නිදහසේ ගත කිරීමටය. 08 September 2018
අසල්වැසියාගේ උප්පර වැට්ටියට මුදලාලි අහුවෙලා මුදලාලි මසුරෙකි. කිසිදු මුදලක් හෝ භාණ්ඩයක් අතමාරුවටවත් නොදෙන අයෙකි. 08 September 2018
නැන්දම්මාගෙන් ලේලිට අපූරු යෝජනාවක් වෘත්තියෙන් රියැදුරෙකු වූ සිය එකම පුතු මනාලියක් නිවසට කැඳවාගෙන ආවේ මීට දින දෙකකට පෙරය. මංගල උත්සවය ඉතා ඉහළින් පැවැත්වීමට හැකිවීමත් තම පුතුට රුවැති යහපත් ගතිගුණ ඇති චාම් යුවතියක් ලැබීම පිළිබඳවත් නැන්දම්මා සිටියේ මහත් සතුටකිනි. 08 September 2018
නම්බුව රැකගන්න ඇතාගෙ පිටේ යන්නත් වෙනම ගෙවලා ගමේ පෙරහරේ යාමට රැගෙන ආ ඇතාගේ ගාස්තුවට අමතරව එම ඇතාගේ පිටේ යාම සඳහා දිනකට රුපියල් දස දහසක් බැගින් ගෙවූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මෙසේය. 08 September 2018
කුරුඳු තලන්න ගෙදර නැවතුණු කොලේලො දෙන්නා මවයි දුවයි අරන් පැනලා දකුණු පළාතේ උප නගරයක් ආශ්‍රිතව ඇති ග්‍රාමසේවා කාර්යාලයකි. උදේ පාන්දරම එහි දිව ආ මැදිවියේ පුද්ගලයකු ග්‍රාමසේවා කාර්යාලයට ගොඩ වූයේ පැමිණිල්ලක් කිරීමටය. 08 September 2018
තිස් අවුරුද්දක් ගියත් බිරිය සැමියාගෙයි ළමයින්ගෙයි නම් දන්නේ නැතිලු විවාහ වී වසර තිහක් පමණ ගතවීත් දරුවන් තිදෙනකුත් ලබා ඇති නමුත් තම සැමියාගේ නම සහ වාසගම නොදන්නා අපූරු බිරියක් ගැන පඬුවස්නුවර ප්‍රදේශයෙන් වාර්තා විය. ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත පසුගියදා සිදු කෙරුණු පොලිස් ජංගම සේවාව හෙට්ටිපොල පොලිසිය මගින් හෙට්ටිපොල පොලිස් වසමෙහි ස්ථාන කිහිපයකදී සිදු කෙරිණ. ඩෙංගු මර්දනය වැඩ සටහනද මෙම ජංගම සේවයෙහි එක් අංගයක් වූයෙන් ඒ සඳහා නිවාස පරීක්ෂා කිරීම දැනුම්වත් කිරීම මෙම ජංගම සේවය යටතේ සිදු කරන ලදී. 07 September 2018
දැල්ලන්ටත් මාඵ වරල් ඇවිත් දැල්ලන්ට හාල්මැස්සන් වැනි කුඩා මාළුන් ගිල්ලවා වැඩිවාසි ගන්නට උපක්‍රමයක් යෙදූ සංචාරක මාළු වෙළෙන්දෙකුට පාරිභෝගිකයා ඉදිරියේම එම කුඩා මසුන් වමාරන්නට සිදු වූ පුවතක් පෙරේදා (4) හිඟුරාණ සීනි කර්මාන්ත නිවාස ප්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය මෙසේය. 06 September 2018
ගුටි පූජාවකින් පස්සේ ග්‍රීස් යකා වහලයත් හදා දීලා තමන් සිටින්නේ උඩු මහලක බව අමතක වූ ග්‍රීස් යකෙකු ජනේලයෙන් පනිද්දී පහළින් වූ වහලක් කඩාගෙන බිම ඇද වැටී ගුටි කා අන්තිමේ වහලයත් තම වියදමෙන් අලුත්වැඩියා කර දුන් පුවතක් රජරට ගම්මානයකින් වාර්තා විය. 05 September 2018
සුනිල්ලා මාරුවෙලා අකුරු දෙකකට හොල්මන් වෙලා ඉංග්‍රීසි අකුරු දෙකක් ඉල්ලා ලැබුණු දුරකතන පණිවිඩයක් නිසා උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිවූ දෙදරු පියකු එම පණිවිඩයෙන් කියවුණු කරුණ සම්බන්ධයෙන් දියණිය කරණු පැහැදිලි කරදීමෙන් පසු ඔහුට හීන් දාඩිය දැමූ පුවතක් රජරට ගම්මානයකින් පසුගියදා වාර්තා විය. 04 September 2018
ඇඟට බල්ලා පැන්නාම හිඟමනේ ගිය ගොළුවා බුදු අම්මෝ කියලා (කටුගස්තොට ධම්මික ගුණවර්ධන) බල්ලකු ගොළුවෙකුව කතා කළ පුවතක් මහනුවර අනිවත්ත ප්‍රදේශයෙන් වාර්තාවේ. වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේයි. සීනුවක් සොලවමින් වැදගත් පහේ නිවෙස් කරා ගිය ගොළුවකු අංග චලනයෙන් තම දුක කියමින් ලිඛිත දැන්වීමක් පෙන්වමින්ද සිඟමනේ යෙදුණේ ඇතැම්විට සමහර නිවැසියන්ට මහත් හිසරදයක් ද වෙමිනි. කෙසේ නමුත් එසේ ගිය නිවසක සිටි බල්ලෙකු ගොළුවා පමණක් නොව නිවැසියන්ද නොසිතූ මොහොතක ගොළුවා වෙත කඩා පැන්නේ හපා කෑමටය. එහෙත් බල්ලාගේ ප්රයන්තය අසාර්ථකවී ගො 03 September 2018
පොලිස් රාලහාමිලා මාරුවෙන තෙක් තේ පැළවලට කරිඤ්ඤං හලලා රජයේ මත්පැන් මිල ඉහළ යාමත් සමග නීති විරෝධී මත්පැන් පෙරීම හා භාවිතය ගම්වල වැඩි විය. කුඹුරේ හේනේ වැඩපළෙහි කාර්යයන් නිමකරන බොහෝ දෙනෙකු හැන්දෑවට මී විත බිඳක් තොලගෑම පුරුද්දකි. අරක්කු බෝතලයක් ගන්නට වත්කමක් නැති බොහෝ දෙනා සවසට කසිප්පු, කරිඤ්ඤං තිප්පළ කරා පිය නැගූහ. නීතියේ රැහැනට කොටු නොවී කොතෙකුත් රහසිගතව පැවැතිය ද මෙම ස්ථාන පිළිබඳ කනින් කොනින් පොලීසියට ඉව වැටේ. සමහරු ඔත්තු දේ. 01 September 2018
සොරාගත් ගෑස් සිලින්ඩරය සොයා දෙන්න නම් හොරාසොයා දෙන්නැයි කියලා විශ්‍රාම ශාලාවක නතර වී තම රාත්‍රී ආහාරය පිළියෙල කරමින් සිටි වන්දනා නඩයක් සතුව තිබූ ගෑස් සිලින්ඩරයක් සොරාගෙන යෑමෙන් පසුව එම සිලින්ඩරය සොයා දීමට නම් එය රැගෙන ගිය පුද්ගලයා සොයා දෙන්නැයි විශ්‍රාම ශාලාවේ බාරකරුවන් විසින් වන්දනාකරුවන්ට පැවසූ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ. 01 September 2018
මස්කරි පවුඩර් ඉල්ලූ තරුණයාට මුදලාලි පුයර ටින් එකක් දීලා බොහෝ අය ලෙහෙසියටත් පහසුවටත් ඉංග්‍රීසි වචන වැරැදියට උච්චාරණය කරති. ත්‍රීවීලර් වෙනුවට “වීල් එක” යැයිද ප්රයිඞ් රසිස් වෙනුවට “රයිස් වශයෙන් ද පාවිච්චි කරති. 01 September 2018
පදමට සූර් වෙද්දී තනි අලියෙක් කඩා පැනලා මෙවර වාර අවසාන නිවාඩු දින පාසලක ගුරුවරුන් විනෝද වීමට පැදුරු පාටියක් දැමීමට තෝරා ගත්තේ කැලෑබද වැවක වැව් තාවුල්ලකි. එදින ගුරුවරුන් නිවෙසට නොගොස් කෙළින්ම ගියේද පැදුරු පාටියටය. 01 September 2018
රන්රස සේ ඉඳලා රන්බඩු ටිකට විදලා සිය යෙහෙළියගේ විවාහ ලියාපදිංචි උත්සවයට පැමිණි තරුණියක මනාලියගේ රන් මාලය සහ පෙන්ඩනය සොරාගෙන ගොස් උකස් කිරීමේ සිද්ධියක් මීගහවත්ත පොලිස් වසමේ දෙල්ගොඩ සියඹලාපේවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ. 01 September 2018
අක්කාගේ සුවඳ කැමරාවේ සුපිරි වෙළෙඳසලකින් සුවඳවිලවුන් සොරාගත් කාන්තාවන් දෙදෙනකු එහි සවිකර තිබුණු සීසීටීවී කැමරාවේ දර්ශනවලින් හඳුනා ගැනීමට හැකි වීමෙන් බෙහෙවින් ලැජ්ජාවට පත්වූ පුවතක් මාතර දුරබැහැර නගරයක පිහිටි සුපිරි වෙළෙඳසලකින් වාර්තා වෙයි. සිද්ධිය සැකෙවින් මෙසේය. 01 September 2018
දොස්තරගේ උපදේශය හිස් මුදුණෙන් පිළිගෙන අමාරුවේ වැටිලා (ගිරිබාව - ඊ.එම්.ජේ. බණ්ඩාර) සිල්වා මහතා රජයේ සේවයේ නියුතු පුද්ගලයෙකි. වයස අවුරුදු පනස් පහකි. ධනවත් පවුලක කාන්තාවක සමඟ විවාහ වූ ඔහුට අතමිට මිල මුදල් යහතින් තිබුණි. ඔහු හොඳින් ආහාරපාන ගන්නා පුද්ගලයෙකි. දිනෙන් දින ශරීරය ද තරබාරු විය. හොඳින් කා බී කාලය ගත කරන ඔහුට ශරීරය වෙහෙසා වැඩක් කරන්නට කාලයක් නොමැත. “ඔයා ඉඳලා හිටලාවත් ගෙදර වැඩකටත් උදව් වෙන්ඩ නැත්නම් ඔහොම නිකන් ඉඳලා ලෙඩක් හැදෙයි” යැයි බිරිඳ නිතර නිතර පැවැසුවේය. එහෙත් සිල්වා මහතා ඒ කිසිවක් ගණන් ගත 01 September 2018
කසාද බඳින්න ඇවිත් පොට වැරදිලා සාක්කියට ආ දෙන්නාත් පැනගිහිල්ලා විවාහ ලේකම්වරියකගේ විමසිලිමත්භාවය නිසා කඩිමුඩියේ විවාහයක් සිදුකර ගැනීමට රාත්‍රියේ ආ යුවළකගේ තතු හෙළි කරගන්නා අවස්ථාවේ දී ඊට අත්සන් කිරීමට පැමිණි සාක්ෂිකරුවන් යුවළ අතහැර දමා පලා යෑමේ පුවතක් වයඹ පළාතෙන් වාර්තා විය. සිද්ධිය අනාවරණය වෙන ආකාරයට මෙලෙසය. 31 August 2018
වාසනාව බෙදන ගමන් සූර් බඩුත් විකුණලා බුජ්ජම්පොළ විජයගම ප්‍රදේශයේදී මුර සංචාරයක යෙදී සිටි පොලිස් ජීප් රථයක නිලධාරීන් මාර්ගයේ පැමිණි ලොතරැයි අලෙවි කරන යතුරුපැදිකරුවකු ළඟ ලොතරැයි පතක් මිලදී ගැනීමට නැවැත්වූ අවස්ථාවේදී යතුරුපැදිකරු යතුරු පැදිය දමා පළා යාම සම්බන්ධයෙන් සැක සිතූ පොලිස් නිලධාරීන් යතුරු පැදිය පරීක්ෂා කිරීමේදී ලොතරැයි ලෑල්ලට යටින් සඟවා තිබූ නීති විරෝධී කසිප්පු බෝතල් 25 ක් සොයා ගැනීම නිසා පළා ගිය පුද්ගලයා සොයාගෙන පෙරේදා (28) සවස සැක පිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි. 30 August 2018
සුරා මතින් ඇවිත් බිරියට පහරදුන් සැමියාට පාඩමක් ඔහු එක්දරු පියෙකි. විවාහ වී සිටියේ බිරියගේ නිවසේය. ටික කලක් ගිය පසු ඔහු තදින්ම මත්පැන්වලට ඇබ්බැහි විය. සවසට කට ගොන්නක් බීගෙන නිවසට ගොඩ වදින හෙතෙම බිරියට තඩි බෑවේ තිරිසනකු ලෙසිනි. 29 August 2018
පොලිස් රියට බියේ සැඟවුණු ගෙදර කසිප්පු බෝතල් 25ක් ඇටියාවල ප්‍රදේශයේදී පොලිස් ජීප් රථයක් මාර්ගයේ ගමන් කරද්දී එයට බියවී පලා පලාගොස් සිටි පුද්ගලයෙකු සැඟවුණ නිවසක් පරීක්ෂා කිරීමේදී කසිප්පු හා ගෝඩා තොගයක් සමග නිවෙස් හිමියාව පෙරේදා (26) සවස සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය. 28 August 2018
මිරිස් කරලෙන් හොරා මාට්ටු නාගරික ප්‍රදේශයක ජීවත්වන ගුරුතුමිය පාසල නිම වී ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන කුඩා පුතු සමග නිවසට පැමිණියේ සවස් යාමයේය. 27 August 2018
මැරුණයි සිතූ සැමියා තහනම් ගහේ ගෙඩි කාලා අම්බලන්තොට බැරගම ප්‍රදේශයේ ජීවත්වූ අඹු සැමි යුවළකි. ඔවුන්ට දරුවෝ දෙදෙනෙක් සිටියහ. දැනට වසර පහකට පමණ පෙර සැමියා හිටිහැටියේම නිවසින් අතුරුදන්වී ඇත. බිරිඳ සැමියා සොයා ගැනීමට නොගිය දේවාලයක් නැත. ඒ තරමටම ඇය සැමියා සොයාගැනීමට වෙහෙසුණාය. සියල්ල අවසානයේ ඇය තම සිත හදාගෙන සැමියාට පින් පිණිස දානමය පින්කම් දෙකක්ද කළේ දරු දෙදෙනාද එකතු කරගෙනය. 25 August 2018
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026