කෝට් එකට පොලු තියලා පාරෙදි අම්බානක කාලා තම මිතුරකුගේ විවාහ මංගල උත්සවයකට යාමට තමන්ටය කියා නියමිත සුදුසු ඇඳුම් කට්ටලයක් නොතිබූ බස් කොන්දොස්තරවරයකු කිරිමැටියාන නගරයේ ඇඳුම් මසන හා ඇඳුම් කුලියට දෙන ස්ථානයකින් වැඬේ කරගෙන පසුදාම ගෙනැවිත් භාරදෙන බව කියා රුපියල් හත්සියයක කුලියකට කෝට් එකක් රැගෙන ගොස් කට්ටි පනිමින් සිට මාස කීපයකට පසුව කෝට් හිමියාට මුණගැසී අන්ත අසරණ තත්ත්වයට පත්වීමේ සිද්ධියකි මේ. 19 June 2018
ගාල්ලෙන් නුවර යන්න ඇවිත් අන්තිමේ බස් ගාලක නැවතිලා රාජ්‍ය ආයතනයක් වාර්ෂිකව පිරිත් පිංකමක් පැවැත්වූයේ ය. එයට කාර්යාලයේ සියලුම නිලධාරින් සහභාගිවූ අතර දිස්ත්‍රික්කයේ වෙනත් ආයතනවල බොහෝ රාජ්‍ය නිලධාරින් ද සහභාගිවීම සිරිතකි. මෙවර ද පිරිත් පිංකම පැවැත්විණි. 18 June 2018
මන්ත්‍රී වාහනේ ඩීසල් තියෙන්නේ දෙන්නටයි: තව ගෙනියන්න ඉඩ නෑ වාතයක් වන සිය ඡන්ද දායකයන්ගෙන් බේරීමට අපූරු උපක්‍රමයක් යෙදූ ප්‍රාදේශීය දේශපාලනඥ යකු පිළිබඳව ගම්බද ප්‍රදේශයකින් වාර්තා වේ. 16 June 2018
කට්ටඬියෝ කෙළින්නෙම පච මට වැහුණු යකෙක් නෑ මැරුණේ මොළේ සැරව හින්දා මගේ නම නිමාලිකා, මම මගේ සැමියාත් එක්ක පදිංචිවෙලා හිටියේ වතු ආශ්රිත ගම්මානයක. සැමියායි මමයි දෙන්නාම වත්තේ වැඩ කළේ. වත්තේ ඉදිකර ගත් පැල්පතක තමයි අපි දෙන්නා පදිංචිවෙලා හිටියේ. අපි දෙන්නා හරිම සතුටෙන් තමයි ජීවිතය ගත කළේ. ටික දවසක් යන විට අපේ පවුලට තුන්වැන්නකුත් එකතුවෙන්න හිටියා. මේ ගැන මාගේ මහත්තයාට කියපුවාම ගොඩක් සතුටු වුණා. මට අවශ්‍ය කෑම බීම වර්ග හැම දෙයක්ම ගෙනැවිත් දුන්නා. මට දරුවා ලැබෙන්න ඉන්න දවස්වල උණ හැදුණා. මේ අතරේ සැමියා මාව මහමෝදර රෝහලට 16 June 2018
පස්ස පැත්ත පාත්වෙලා: ඔපරේෂන් එකට හැටපන්දාහක් මරලතෝනි දෙන රෝගියකු රැගත් ත්‍රීවිලරයක් පවනට බඳු වේගයෙන් පැමිණ රෝහල් කොරිඩෝවේ නැවතිණි. රෝගියාගේ මර ලතෝනිය අසා රෝහලේ හෙදියන් දෙදෙනෙක් එතැනට දිව ආහ. 16 June 2018
සිසුවියගේ සුදට ගුරුවරිය වශීවෙලා “ඔයා කොහොමද සුදුපාට වුණේ? කියා අම්මලගෙන් අහගෙන මට ලිපියක් ගෙනත් දෙන්නැයි ගුරුතුමියක් සිසුවියකට පැවසීම නිසා මවුපියන් දෙදෙනා කලබලයට පත්ව පාසලට යෑමේ පුවතක් කොළඹ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලකින් වාර්තා වේ. 16 June 2018
මේ යකා තමයි මං නාද්දී ඇඟට ආවේ ‘මාතර දිස්ත්‍රික්කයේ පිටිසර ගමක තරුණියකට තනිකම් දෝෂයක් හැදිලා තිබුණා. ඒක සුව කර දෙන්න කියලා ආරාධනාක් ලැබුණ නිසා මාත් තවත් යකැදුරන් දෙදෙනකුත් ඒ නිවසට ගියා. බොහෝම ලස්සන තරුණියක් බලාගත් අත බලාගෙන හූල්ලමින් සිටිනවා දැකලා අපට දුක හිතුණා තරුණිය දුටු ගමන්ම සිදුවී තිබෙන භූත දෝෂය මට පෙනුණා. “මොකද ළමයෝ වෙලා තියෙන්නේ” කියලා ඇහුවත් කිසිම පිළිතුරක් ලැබුණේ නැහැ. 16 June 2018
ඔප්පුවක් හොරාගෙන ගෙවත්තේ වළලලා ඇහැලියගොඩ මින්නාන ප්‍රදේශයේ නිවසක් බිඳ එහි තිබූ ඔප්පුවක් සොරකම් කර ගෙන ගොස් ඔහුගේ ගෙවත්තේ වළලා තිබූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇහැලියගොඩ පොලිසිය පවසයි. 15 June 2018
අයියා මාමා වෙලා අන්තිමේ කොණ්ඩයත් රැවුලත් දන්දීලා අගනුවර ප්‍රදේශයේ රැකියාවට ගොස් නව විලාසිතාවකට අනුව කොණ්ඩය හා රැවුල වවාගෙන ගමට පැමිණි තරුණයකුට ගමේ කොලු ගැටව් “මාමා” යැයි ආමන්ත්‍රණය කිරීමට පටන් ගැනීම නිසා තමුන් පණ මෙන් ආදරය කළ කොණ්ඩය හා රැවුල කපා දමන්නට සිදුවීමේ පුවතක් ‘ලංකාදීප’යට වාර්තා විය. 14 June 2018
බසයේ අසුනක් බෙදාගන්න බැරිව දොස්තර දේශපාලන හයිය පෙන්වලා මගී බස් රථයක වෙන්කර තිබූ ආසනයක වාඩිවී සිටි වෛද්‍යවරයකු බව කියන පුද්ගලයෙකු බස් රථයට ගොඩවූ සංඝයාවහන්සේලා පිරිසකට එම ආසනය ලබා නොදී දෙනෝදහක් මගීන් ඉදිරිපිට සිය දේශපාලන බලපුළුවන්කාරකම් පෙන්වා මගීන්ද සමග බස් රථය පොලීසියට රැගෙන යාමේ පුවතක් ලංකාදීපයට වාර්තා විය. 13 June 2018
බසයේදී නැන්දම්මා අසනීප වුණාම ලේලිලා දෙන්නා අහක බලාගෙන වයෝවෘද්ධ නැන්දණිය වමනය කරමින් පීඩාවට පත්වූ අවස්ථාවේ ලේලියන් දෙන්නා අහක බලා සිටියදී බසයට ගොඩවූ රූමත් කාන්තාවක ඇගේ පිහිටට ආ අවස්ථාවක් පසුගිය සති අන්තයේ කොළඹ සිට අනුරාධපුර බලා යන බසයකදී දැක ගත හැකිවිය. 12 June 2018
තාත්තා මගුල් ගෙදරට දුන් තෑග්ගට පුතා විදින්න හදලා මංගල උත්සවයට යාමට සූදානම්ව සිටියත් ඊට පෙර දිනයේ මේ විශ්‍රාමික පියා හදිසියේ අසනීප විය. දින දෙක තුනක් ඇඳ විවේක ගත යුතු බවට වෛද්‍ය උපදේශ ලැබිණි. වෛද්‍ය උපදෙස්වලට පිටින් යාමට ඔහු කැමැති වූයේ නැත. 11 June 2018
යකා වැහුණු ගුරු බිරිය සැමියාගේ සහ නැන්දාගෙ හතර හන්දි කඩලා ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරයකු වූ තම සැමියාට හා විශ්‍රාමික ගුරුවරියක වූ නැන්දම්මාට පහර දී ඔවුන් රෝහල් ගත කොට දික්කසාදය පතා ගිය උපාධිධාරි ගුරුවරියක පිළිබඳව පුවතක් එක්තරා ගමකින් අපට අසන්නට ලැබුණි. ඇය එක්දරු මවකි. සිද්ධිය මෙසේය. 09 June 2018
කකුලට බේත් කරන්න ආපු කට්ටඬියා රන්මාලයට විදී පාදයේ අසනීපයකට ප්‍රතිකාර කිරීමට පැමිණි කට්ටඩියකු කාන්තාවක රවටා රන් මාලයක් සහ මුද්දක් ඉකුත්දා (3) සොරකම් කර ඇතැයි හක්මණ පොලිසිය කියයි. 09 June 2018
මනාලයා මඟ: මනාලිය මඟුල් ඇඳුමින් පෙම්වතා තුරුළෙ මනමාලයා මග එද්දී මංගල ඇඳුම පිටින්ම පැනගිය මනමාලිය ඇගේ පෙම්වතා සමග විවාහ වූ පුවතක් නගරයට ආසන්න ගමකින් වර්තාවේ. සිද්ධිය මෙසේය. 09 June 2018
මොකද යකෝ මට ගැහුවේ : තෝ මන්තරේ වැරැද්දුවා “යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය නිකන් ආවාට ගියාට කරන්න බැහැ. මන්ත්‍ර ජප කිරීමේ දී ඉස්පිල්ලක් පාපිල්ලක් වැරදුනොත් උච්චාරණයේ වෙනසක් වුණොත් ඇදුරාට ලොකු අකරතැබ්බවලට මුහුණ පෑමට සිදුවෙනවා. එක දවසක් කැබිළියපොල ප්‍රදේශයේ සිහි විකල් වූ අයකුට තොවිලයක් කරන්න ගිහින් සිදුවූ වැරදීමක් නිසා ආතුරයා පුවක් මල් කිනිත්තකින් මට ගහගෙන ගියා. ඊගහ ළඟ තිබූ නිසා යන්තම් බේරුණා” යැයි පාරම්පරික ඇදුරකු වූ ආර්. පී. සිරිපාල මහතා පැවසීය. 09 June 2018
ටෙලිෆෝන් ආදරේ මොහොතක සුවදේ ඇය විසිපස් හැවිරිදිය. රූමත්ය. පදිංචිය ගම්පහ දිස්ත්රික්කයේය. වෙළඳසලක සේවිකාවකි. ඇයගේ විනෝදාංශය වූයේ නිවාඩු ඇති සෑම විටකම තම ජංගම දුරකතනයේ රැඳී සිටීමය. 09 June 2018
නොම්මර හුටපටේට මොකද යකෝ මට ගැහුවේ පහර කෑ හෙල්මටයටත් වන්දි ඉල්ලලා තරුණයකුට හෙල්මටයකින් පහරදී එය කැඩුණා යයි පහර කෑ තරුණයාගෙන් අලාභය ඉල්ලීමේ පුවතක් දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයෙන් වාර්තාවේ. සිද්ධිය සැකෙවින් මෙසේය. 09 June 2018
බීලා ගෙදර ආ සැමියාට බිරිය අමු කරවල කවලා රාත්‍රී ආහාර වේලෙහි රස සෙවූ බීමත් සැමියකුට ඇඟට නොදැනෙන්න අමු කරවල දුන් බිරිඳක් පිළිබඳ අපූරු කතා පුවතක් මැදගම ප්‍රදේශයෙන් වාර්තා විය. 08 June 2018
කළුවරේ ඇවිදින්නේ ඇයි කියා බිරිය හොරෙකුගෙන් අහලා තලාතුඔය නගරයට ආසන්න ගමක වයස්ගත යුවළක් වෙසෙන නිවසෙකි. විශ්‍රාම සුවයෙන් වෙසෙන මොවුනට ආර්ථික ප්‍රශ්න හෝ දුවා දරුවන්ගේ ප්‍රශ්න කිසිවක් නැත. ඉකුත් දිනෙක රාත්‍රියේ කා බී අවසානයේ ඔවුන් දෙදෙනා තම තමන්ගේ කාමරවල නින්දට ගොස් තිබේ. එදින රාත්‍රී කාලයේ නිවසට ඇතුළු වූ සොරෙකු එම නිවසේ ඇති වටිනා කියන දෑ සොයමින් නිවස තුළ සැරිසරා ඇත. 07 June 2018
චූටි නංගීට ෆෝන් අංකය දුන්නාට ත්‍රිරෝද රථ රියැදුරුගේ දතක් කඩලා “අයියේ මම එදා ත්‍රීවිල් එකේ ගිය චූටි නංගි, මට ඔයා දකින්න ආසයි. ඔයා එනවද හෙට සවස හතරට වෑවිට වැව ගාවට යැයි” ඥාති සොයුරිය යවන ලෙස ත්‍රිරෝද රථ රියැදුරුට කෙටි පණිවිඩයක් යවා ගෙන්වා ගෙන දතක් කැඩෙන්න පහර දුන් ඥාති සොයුරා හා ඔහුගේ මිතුරන් තිදෙනා අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 06 June 2018
උදේ කෑමට ඉදිආප්ප 80යි බිත්තර 2යි, ගෙදර කෑම මුලයි කෑම ණය ගෙවන්න බැංකුවෙන් 70දාහක් අරන් උදේ දවල් ණයට හෝටලයකින් කෑම කා බැංකු ණයක් ගෙන හෝටලයේ ණය පියවූ පුද්ගලයකු පිළිබඳව නගරබද ප්‍රදේශයකින් වාර්තා විය. 05 June 2018
හිමිනමගේ පාවහන් උස්සලා අතේ තිබූදේත් නැතිකරගෙන පියා සතු ගිනි අවිය තමන් නමට පවරා ගැනීම සඳහා ගම්පහ දිසාපති කාර්යාලයට පැමිණි පුද්ගලයකුට කාර්යාලයේ පැවැති ආගමික කටයුත්තක් නිසා සුළු වේලාවක් ප්‍රමාද වන බව දැන්වීමෙන් පසු කෝපයට පත්ව ආගමික කටයුතු සඳහා වැඩම කළ හිමියන්ගේ පාවහන් යුගල සොරාගෙන යාමේ පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තාවෙයි. 04 June 2018
කොන්දොස්තර මගියාට ලජ්ජාව උගන්වලා අංක 101 බස් මාර්ගයේ කොටුව සිට මොරටුව බලා ධාවනය වන පෞද්ගලික බස් රථයකි. සතියේ දිනයක් හේතුවෙන් එම බස් රථයේ මගීන්ගෙන් නම් අඩුවක් නොවීය. කොටුව දුම්රිය ස්ථානයේ සිට මගියෙක් දුවවිත් බස් රථයට ගොඩවුණේ ඉක්මනින්ම තම කාර්යාලයට යාමේ අරමුණෙනි. 02 June 2018
නැන්දාගේ මළගමට ආ ලේලිය බිස්කට් පෙට්ටි ටිකටත් විදලා නැන්දනියගේ අවසන්කටයුතුවලට සහභාගීවු ඥාති ලේලිය විසින් නිවසේ තිබූ රුපියල් 15,000ක් පමණ වටිනා බිස්කට් තොගයක් සොරාගෙන ගිය පුවතක් වැලිමඩ නගරයට ආසන්න ගම්මානයකින් අසන්නට ලැබිණි. 01 June 2018
ගෙදර දමා ආ ඥාතියා කතරගම සිටිනු දැක ඥාතීන් හොල්මන් වෙලා අතේ සතේ නැතුව වුවත් තම පිරිසට කලින් කතරගම ගිය පුද්ගලයකු පිළිබඳව නගර බද ප්‍රදේශයකින් වාර්තා වේ. 31 May 2018
මළ ගෙදරදී සූර්වී ලූනු සම්බෝලය කාලා මළ ගෙදර ගොස් බත් වෙනුවට රටලූනු පිඟානක් කෑ පුද්ගලයකු පිළිබඳව ප්‍රදේශයකින් වාර්තා වේ. 29 May 2018
මඟුල්දාට පෙරදා මනාලිය වෙනත් තරුණයකු හා ගිහින් (පානදුර සමන්ත කාරියවසම්) සිය ඥාතීන්ට සහ මිතුරු මිතුරියන්ට එවන මංගල ආරාධනා පත්‍ර බෙදා මංගල උත්සවයට සූදානම් වෙමින් සිටි උපාධිධාරි තරුණියක් මංගල්‍යයට පෙර දින රාත්‍රියේ මේ මඟුලට මම අකමැතියි” කියා සිය පියාගේ ජංගම දුරකතනයට එස්.එම්.එස්. පණිවුඩයක් යවා පැදුරටත් නොකියා වෙනත් තරුණයෙකු සමග පැන යාමේ සිද්ධියක් බස්නාහිර පළාතේ නගරයකින් වාර්තා විය. 28 May 2018
දොර රෙද්දෙන් බැලුවාම දුටු දසුනට පුදුම සිතිලා නිවාස ව්‍යාපෘතියක පදිංචිව සිටි රාජ්‍ය ආයතනයක සේවය කරන කාන්තාවකි. මෙම නිවෙසට යතුරු තුනක් තිබෙන අතර ඇය ළඟ තබාගෙන සිටියේ එක් යතුරකි. අනෙක් යතුරු දෙකෙන් එකක් ඥාති සහෝදරයකුට ද එකක් ඥාති සහෝදරියකටද දී තිබින. එසේ දී තිබුණේ දිවා කල නිවෙස බලා ගත්තේද බොහෝවිට නිවෙසට අවශ්‍ය බඩු මුට්ටු ගෙනැවිත් දෙන්නේද ඔවුන් නිසාය. 26 May 2018
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026