මනාලයා මනාලිය කැන්දා ගෙනවිත් මාස පහකට මදක් වැඩිය. මනාලයා කොළඹ රැකියාවක නියුතු අතර සෑම සති අන්තයකම මහ ගෙදරට යාබදව තමාගේම නිවසට පැමිණෙන්නේ නිදහසේ ගත කිරීමටය.
දිනක් සිකුරාදා රාත්‍රියේ පැමිණි ඔහුට කුස්සියේ තිබුණු ඉදුණු පුවාලු කෙසෙල්කැන දැකගත හැකිවිය. ඒ ගැන විමසූ විට “අපේ වත්තෙන් තමයි” මනාලිය පැවසුවාය. පසුදින බිරිය ඔහුට කෑමට කෙසෙල් ගෙඩි පහක්ම දුන්නාය. නැවත රැකියාවට පැමිණෙන දිනයේ උදෑසනම අවදිවූ ඇය ඔහුට කෑම සකස්කර දිවා ආහාරය සඳහා පාර්සලයක්ද බැඳ දුන්නාය. මනාලයා කෙසෙල් ඇවරියක් රැගෙන යෑමට බලාපොරොත්තු වුවත් ඇය එයට කර ඇරියාය.
දිනක් ඔහුට තම මඟුල ජෝඩු කළ මිතුරා අහම්බෙන් කොළඹදී මුණගැසිනි. ‘මචන් මම ගිය සතියේ ගෙදර යද්දි ඉදිච්ච ලොකු කෙසෙල් කැනක් තිබුනා. මට කන්න හම්බ වුණේ ගෙඩි පහයි. මුළු කැනම වයිෆ් කාළා ඔහු කීය. “එයා ඒ කාලේ ඉඳන් එහෙමයි. වත්තේ කෙසෙල් කැනක් ඉදුනොත් කැනම කනවා. අම්මාටයි තාත්තාටයි ඕනේනම් ගෙඩි හය හතක් දෙයි. අම්මලා මුකුත් කියන්නෙත් නැහැ. එකම කෙල්ලනේ” මිතුරා පැවසීය.
ක්‍රිස්ටෝපර් සීපියන්
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අලුත ගෙනා මනමාලිය කෙසෙල් කැනටම වග කියලා