IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දූගේ උත්සවයට සැමියා ගෙනා මාළු බිරිය ළිඳට දාලා

දියණියගේ වැඩිවිය පැමිණීමේ උත්සවයට සැමියා ගෙනා මාළු බිරිය ළිඳට දැමූ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේයි.


ගැහැණුම දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ බාලම දියණියගේ වැඩිවියට පැමිණීමේ උත්සවය මහ ඉහළින් පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය දිනකදීය.
 උත්සව දිනටත් ඊට පසු දිනටත් අවශ්‍ය බඩු ගෙන ඒමට ඔහු පිටත් වූයේ බිරිය විසින් ලියාදුන් ලයිස්තුවක් ද අතැතිවය.


සිතේ වූ ප්‍රීතිය නිසාම ටවුමේ දී පොඩි අඩියක් ගැසීමට ද අමතක නොකළ ඔහුට බිරිඳගෙන් හදිස්සි දුරකථන ඇමතුමක් ලැබුණේ මේ අතරවාරයේදීය.


 බඩු ලැයිස්තුවට මාළු ලිවීමට බැරි වූ බවත් උත්සවය හොඳින් කිරීමට මිල වැඩිවුවත් හොඳ මාළු ටිකක් රැගෙන එන ලෙසත් එයින් කියවුණි. 


දුරකතන ඇමතුමට අනුව ක්‍රියාත්මක වූ ඔහු මින් මැදුරකට ගොස් මිල අධික සුරතල් මසුන් ජෝඩු කීපයක්ද රැගෙන නැවත  නිවසට ආවේ ගොම්මන් අඳුරු වැටෙන යාමයේය.


 වෙරිමරගාතේ සුරතල් මසුන් ගෙන ඒම ගැන ඔහුට දෙහි කැපූ බිරිය සැමියා ගෙනා මාළුන් සියල්ල ළිඳකට දමා පසුදින උත්සවය සඳහා  පිලීවලින් තොර කෑම බීම පිළියෙල කර ගැනීමට වගබලාගත් බව වාර්තාවෙයි.

(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)



අදහස් (0)

දූගේ උත්සවයට සැමියා ගෙනා මාළු බිරිය ළිඳට දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site