 (හිඟුරානේ - නවරත්න සමරතුංග)
(හිඟුරානේ - නවරත්න සමරතුංග)
දැල්ලන්ට හාල්මැස්සන් වැනි කුඩා මාළුන් ගිල්ලවා වැඩිවාසි ගන්නට උපක්‍රමයක් යෙදූ සංචාරක මාළු වෙළෙන්දෙකුට පාරිභෝගිකයා ඉදිරියේම එම කුඩා මසුන් වමාරන්නට සිදු වූ පුවතක් පෙරේදා (4) හිඟුරාණ සීනි කර්මාන්ත නිවාස ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
අක්කරපත්තුවේ සිට මෙම මාළු වෙළෙන්දා උදෑසන පැමිණ සිටි අතර “මාලෝ.....! මාලෝ.....! දැල්ලෝ..... පන්සීය තුන්සීයයි!” කියමින් නිවාස සංකීර්ණයේ කාටත් ඇසෙන ලෙස උස්හඬින් සංනිවේදනය කළ බව කියති.
මේ අතර එක්තරා විශ්‍රාමික ආරක්ෂක නිලධාරියෙකු ඔහුගෙන් දැල්ලන් 500ක් මිලදී ගෙන පාරේ සිට නිවසට යන අතරතුර සෑම දැල්ලෙකුගේම බෙල්ල අසලින් වෙනත් කුඩා මාළුන්ගේ වරල් තිබෙනු දක්නට ලැබී ඇත.
තවදුරටත් පරීක්ෂා කර බලනවිට ඒ සෑම දැල්ලෙකුටම කුඩා මාළුන් දෙදෙනා බැගින් ගිල්වා තිබෙනු දැක වහාම ආපසු ගොස් ‘අපිට දෙන්නේ දැල්ලොද එහෙම නැතිනම් හාස්මැස්සන්දැයි’ මාළු වෙළෙන්දාගෙන් ප්‍රශ්න කළවිට ඔහු කසාය බිවූ ගොළුවකු මෙන් නිරුත්තරව සිටි බවද කියති.
ඔහු කිරාදුන් දැල්ලන් 500න් 200ක්ම හාල්මැස්සන්ට සමාන කුඩා ප්‍රමාණයේ කලවම් මාළුන් විය.
මෙහෙම වෙන්නේ කෙසේදැයි නැවත ප්‍රශ්න කරනවිට “මම දන්නේ නෑ මාතියා මේ දැල්ලෝ මුහුදේ ඉන්නකොට මාළු ගිලින්න ඇතැයි” නිදහසට කරුණු කියා ඇත.
කෙසේ වූවද ඔහු එම දැල්ලන්ට බලෙන් ගිල්ලවූ කුඩා මාළුන් සියල්ල වමාරවා නියමිත බරටම නැවත දැල්ලන්දී පසු නොබලා එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව දැනගන්නට ඇත.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1612										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1612										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1390										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1390										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 493										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 493										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
දැල්ලන්ටත් මාඵ වරල් ඇවිත්