(හෙම්මාතගම රොහාන් සී. ප්‍රේමතිලක) තම නිවසේ අසනීපව සිටින මවට උපස්ථාන කිරීම සඳහා රාත්‍රි කාලයට මවගේ කාමරයේ සැමියා සිටින අතරවාරයේ සිය නිදියහනට සොර සැමියකු ගෙන්වාගත් බිරිඳ සැමියාට අසුවීමේ සිද්ධියක් අරණායක ප්‍රදේශයෙන් වාර්තාවේ.

රෝගාතුරව එක්තැන් වී සිටින සිය මවට ඇපඋපස්ථාන කිරීම සඳහා රාත්‍රි කාලයේ මවගේ කාමරයේ සිටියදී නිවසේ අල්ලපු කාමරයේ සිටි ඔහුගේ එක්දරු බිරිය සොර සැමියකු ගෙන්වාගෙන අනග රැඟුම් පෑමට පුරුදුව සිට ඇති බව පැවසේ.
මෙම සිද්ධිය ගැන සැකයක් මතුවූ ස්වාමිපුරුෂයා අවස්ථාවක් එනතෙක් බලා ඉඳ පසුගිය දිනෙක අලුයම් කාලයේ සිය මවගේ ඇපඋපස්ථාන කටයුතු කරමින් සිට එක වරම සිය බිරිඳගේ කාමරයට කඩා පැන්න විට බිරිඳ සොර සැමියා සමඟ සිටියදී අතටම අසුවී තිබේ.
සිය එක්දරු බිරිය ගැන කලකිරීමට පත්වූ සැමියා ඇයගෙන් නීත්‍යානුකූලව වෙන්වීමට අවශ්‍ය බව පවසා මේ පිළිබඳව අරණායක පොලීසියට පැමිණිලිකර ඇත. සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු සිදුකළ අරණායක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්. සුජීව ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි නියොජ්‍ය ස්ථානධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.ජී.බී. දහම්පත් මහතා අදාල අඹුසැමි යුවළ ගෙන්වා ඔහුන්ට කරුණු පහදා දී මවුපියන් වශයෙන් මින් ඉදිරියට මෙවැනි දෑ සිදුවීමට ඉඩ නොතබන ලෙසට තරයේ අවවාද කර දෙදෙනා පිටත්කර හැරීමට පියවර ගෙන ඇති බවද සඳහන්ය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සැමියා මවට උවටැන් කරද්දී බිරිඳ මනමාල සමයමේ