IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


නම්බුව රැකගන්න ඇතාගෙ පිටේ යන්නත් වෙනම ගෙවලා

ගමේ පෙරහරේ යාමට රැගෙන ආ ඇතාගේ ගාස්තුවට අමතරව එම ඇතාගේ පිටේ යාම සඳහා දිනකට රුපියල් දස දහසක් බැගින් ගෙවූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මෙසේය.


 ගම්බද ප්‍රදේශයකි. ගමේ විහාරස්ථානයේ වාර්ෂික පෙරහර මංගල්‍ය මෙවරත් උත්සවාකාරයෙන් පැවැත්වූවේ ගමේ දායක දායිකාවන්ගේ ආධාර උපකාරයෙනි.


ගමේ යමක් කමක් ඇති කිහිප දෙනෙක් රුපියල් ලක්ෂ ගණන් වැය කර පෙරහරට අවශ්‍ය අලි ඇතුන් සැපයීම ද සිදුකළේ පන්සලේ හාමුදුරුවන්ගේ ඉල්ලීමටත් වඩා තමුන්ට ලැබෙන ගරු නම්බු ගැන මෙනෙහි කරමිනි.


යමක් කමක් ඇති වෙළෙඳසල් හිමියෙක් ද රුපියල් ලක්ෂ එක හමාරක් වැය කර පෙරහරේ යන ඇතකු වෙනුවෙන් සිය දායකත්වය සැපයූවේ නායකහාමුදුරුවන්ට කොන්දේසියක් ද දමමිනි.


“හාමුදුරුවනේ මම එක අලියකුට නෙමෙයි දෙන්නෙකුට හරි වියදම් කරන්නම් හැබැයි මට පෙරහර තියෙන දවස් තුනේම අලියගේ පිටේ යන්න ඕනෑ.” ඔහු කීවේය.
නායක හිමියන් ද ඊට එකඟ වූවේ එහි ඇති වරදක් නැතැයි පවසමිනි.


කෙසේ වෙතත් සිද්ධිය ආරංචි වූ ගමේම පිරිසක් ඇත්ගොව්වා හමුවී අපූරු උපදේශයක් දුන්නේ ඇත්ගොව්වාට පමණක් නොව එම පිරිසට ද වාසියක් ලබා ගැනීමේ අරමුණෙනි.


“මහත්තයෝ ඇතාගේ පිටේ යනව නම් දවසකට දහදාහ ගානේ දවස් තුනට තිස්දාහක් ඕනෑ. නැතිනම් අලියා ඇදල බිමට දැම්මොත් මට කරන්න දෙයක් නැහැ.’ ඇත්ගොව්වා පිරිස දුන් උපදේශය එලෙසින්ම ක්‍රියාත්මක කළේ සිය තේජස ද විදහා පාමිනි.


ගමේ උන්ට පේන්න ඇතෙක් පිට නැගී ගම වටේ යාම තිස්දාහක් වගේ දැයි සිතූ වෙළෙඳසල් හිමියා අවසානයේදී ඇත්ගොව්වා අත රුපියල් තිස්දහසක් තැබුවේ “මල්ලී ඇතා ලස්සනට සරසල බල්බ වැල් ටිකකුත් වැඩිපුර දාපන්” යනුවෙන් පවසමිනි.


දායක පිරිසේම අපූරු උපදේශයෙන් ඇත්ගොව්වා ගානක් සාක්කුවේ දමාගෙන උපදේශය දුන් පිරිසට ද ඇඟ රත්වන ඒවායින් බෝතල් දෙක තුනක් පරිත්‍යාග කළේ ලබන වසෙර්දීත් හමුවන බවට ඔවුන් වෙත පොරොන්දුවක් ද ලබා දෙමිනි.

(වියලුව වාර්තාකරු)

 



අදහස් (0)

නම්බුව රැකගන්න ඇතාගෙ පිටේ යන්නත් වෙනම ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1612 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1390 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 493 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site