(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
මුළුතැන්ගෙයි මිරිස් අඹරමින් සිටි කාන්තාවක් ඒ අසල මාර්ගයේ සිදුවූ දබරයක් සංසිඳවීමට ගොස් සිදුවු අකරතැබ්බයක් පිළිබඳව මාතර දිසාවේ කඳුකර ගම්ප්‍රදේශයකින් අසන්නට ලැබේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.

ඇයගේ නිවෙස පිහිටියේ ගම්මානය මැදින් වැටී ඇති ගුරු පාර අද්දරය. මුළුතැන්ගෙයි පාර දෙසට වන්නට වූ බිත්තියේ සෑදී ඇති කුඩා සිදුර ඇයට මහමඟ යන එන අය පිළිබඳවත් ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් කතාබහ පිළිබඳවත් නිරීක්ෂණය කිරීමට හොඳටම ප්‍රමාණවත් විය.
කුස්සියේ වැඩපළ කරමින් සිටින අතර පාර දෙසින් කතා බහක් ඇසුණහොත් වහා දිවගොස් කවුළුවට ඇස තබා ඒ අය පිළිබඳව විපරම් කරන්නේ ඊට සවන් දෙන්නේත් දැඩි ඇල්මකිනි. ඇය බාහිර සමාජය සමඟ එතරම් සබඳතා නොපැවැත්වුවද ගමේ රටේ සිදුවන ඕනෑම දෙයක් ගැන හොඳින් දන්නේ ඇයගේ මෙම තොරතුරු දැනගැනීමේ දැඩි පිපාසය නිසාම විය හැකිය. පසුගිය දිනෙක මෙම මාර්ගයේ දෙදිසාවට ගමන් කළ මැදිවියේ කාන්තාවන් දෙදෙනකු මෙම නිවස අසලදී මුහුණට මුහුණ හමුවී කිසියම් කතාබහක නියැලී ඇත. සුළුවෙන් ආරම්භ වූ කතාබහ ක්‍රම ක්‍රමයෙන් නැතිවී ගොස් එකිනෙකාගේ සියලු පට්ටන්දර එළියට පනින්නටවී ඇත්තේ අහළ පහළ කිසිවකු පෙනෙන්නට නොවූ නිසාලු.
එහෙත් නිවසේ මුළුතැන්ගෙයි මිරිස් අඹරමින් සිටි කාන්තාව මිරිස් සහිත අත්දෙක පිටුපසට කරගෙන කවුළුව තුළින් මේ සියල්ල නැරඹුවේ කලකින් දකින්නට ලැබුණු සියලු රස සහිත ටෙලි නාට්‍යයක් නරඹන ලෙසිනි.
කෙසේ වෙතත් කාන්තාවන් දෙදෙනාගේ කතාබහ සුළු වෙලාවකින් කෙහෙවලු පටලවා ගන්නා තත්ත්වයට පත්ව ඇත.
මෙතෙක් ඇසුණු දෙබස් ආසාවෙන් අසා සිටියද සටන් ජවනිකාව නම් තවදුරටත් බලා සිටින්නට ඇයට සිත් දුන්නේ නැත.
”මුන් දෙන්නා මෙතන මරා ගත්තොත් මටත් උසාවි පොලිසිය ගානෙ යන්නයි වෙන්නෙ” යැයි තමාටම කියාගත් ඈ වහාම සටන මැදට පැන කාන්තාවන් දෙදෙනා දෙපසට කරන්නට වෙර දැරුවාය.
කැරලි මර්දන හමුදාවෙන් පැමිණිය ද පහසුවෙන් මර්දනය කළ නොහැකි තරමට ඇවිලී ගොස් තිබූ සටන සුළු වේලාවකින් නිමවී ගෑණු දෙදෙනා දෙපසට වුයේ අර කාන්තාවගේ දෑතේ තිබූ මිරිස් ඔවුන් දෙදෙනාගේම මුහුණුවලත් ඇස්වලත් තැවරුණ නිසාය.
2025 ඔක්තෝබර් මස 08
1613
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1390
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
494
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
සද්දෙට හිලෙන් බලා සටනට බැහැලා මිරිස් ඇඹරූ අතින්ම සාමය උදාකරයි