IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ගස් දෙකක් මාරුවෙලා තිදරු මවට බේතුත් එපාවෙලා

(දේවහුව ප්‍රසාද් ජයකොඩි)

කොන්දේ අමාරුවට බෝඹු පොතු වෙනුවට අලිගැට පේර පොතු බැන්ද මවක පිළිබඳව බම්බාව ප්‍රදේශයෙන් වාර්තාවේ.

දරුවන් තිදෙනෙකුගේ මවක වන ඇය කොන්දේ අමාරුවක් සෑදී බටහිර වෙදකම් කළත් සුව නොවූ නිසා කැඩුම් බිඳුම් වෙදමහතෙකු හමුවී ප්‍රතිකාර ගැනීමට ගොස් එහිදී වෙදමහතා පත්තුවක් බැඳ බෙහෙත් තෙල් සමඟ බෙහෙත් වට්ටෝරුවක් අතට දී කියා තිබෙන්නේ මෙම බෙහෙත් කොටා තුන් වතාවක් පමණ බඳින විට සුව වන බවත් නැවත ඒමට අවශ්‍ය නොවන බවත්ය. පසුදා උදේ කොන්දේ අමාරුව සුව අතට හැරී තිබෙන බව පෙදරේරු රැකියාවේ යෙදෙන තම සැමියාට පවසා මෙම වට්ටෝරුවේ තිබෙන බෙහෙත් සොයා දෙන ලෙස පවසා ඇත. ඔහු බෙහෙත් වර්ග කිහිපයක් සොයා දී රැකියාවට යෑමට පරක්කු වන බව පවසා අක්කාගේ ගෙදර පිටුපස බෝඹු ගසක් තිබෙන බවත් කවුරුන් හෝ යවා බෝඹු පොතු ටිකක් ගෙන්වා ගන්නා ලෙස පවසා ඇත.

ඇයට ආ කේන්තියට කොන්දට අතක් තබාගෙන පිහියක් ද රැගෙන මගේ ලෙඬේට මම ම බෙහෙත් සොයා ගන්නම් කියා අක්කාගේ නිවස අසල තිබූ අලිගැට පේර ගසෙන් පොතු ගලවාගෙන බෙහෙත් වට්ටෝරුවේ ලියා ඇති පරිදි බෙහෙත් කොටා පත්තුව බැඳ ඇත. එම බෙහෙත්වලට සුව නොවූ නිසා නැවත වෙදමහතා හමු වී වෙදමහතා පැවසූ ආකාරයට බෙහෙත් බැන්ද නමුත් කොන්දේ අමාරුව සුව නොවූ බව පවසා ඇත. වෙදමහතා පුදුමයට පත් වී එම බෙහෙත්වල ඉතිරි බෙහෙත් රැගෙන එන ලෙස දන්වා ඇත.

වෙදමහතා එකින් එක බෙහෙත් පරික්ෂා කර බලා මෙය බෝඹු පොතු නොවන බව පවසා ඇත. ඇය වෙද මහතා සමඟ තර්ක කර අක්කාගේ වත්තේ බෝඹු ගසෙන් මෙම පොතු ගලවාගත් බව පැවසීය. වෙදමහතා ගෝලයෙකු යවා එම ගස පරික්ෂා කර බලා බෝඹු ගස ළඟ අලිගැට පේර ගසක් ඇති බවත් අලිගැට පේර ගසේ පොතු ගලවා ඇති බවත් පැවසීය. මේ පිළිබඳව දැනගත් වෙදමහතා මහ හයියෙන් සිනා වී මම පාරම්පරික වෙදමහතෙක් මට බොරු කරන්න බෑ යනුවෙන් පවසා ඇත. ලැජ්ජාවට පත් කාන්තාව මට බෙහෙත් එපා යැයි පවසා ගෙදර ගොස් ඇත.



අදහස් (0)

ගස් දෙකක් මාරුවෙලා තිදරු මවට බේතුත් එපාවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1613 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1390 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 494 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site