IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ගුරුවරියගේ නැතිවූ මංගල මුද්ද ප්‍රේමය අහමිවූ ගුරුවරයාගේ බෑගයේ

(තිහගොඩ උපසේන ලියනගම) 
සිය නෑ කෝරළය පැත්තේ කනිටු විදුහලක කෘෂිකර්ම විෂය ඉගැන්වූ ගුරුවරිය ප්‍රායෝගික අභ්‍යාසයකින් පසු අත සෝදා ගැනීමට යාමේදී සිය මංගල මුද්ද ගලවා පසෙකින් තැබුවත් එය ආපසු ගැනීමට අමතක විය. පන්ති කාමරයට ගිය පසු එය මතක්වී හැම තැනකම සෙව්ව ද මුද්ද හමු නොවීය. 


තමා සමග වැඩ කළ සිසුන්ගෙන් මේ පිළිබඳව විමසුව ද ඔවුන්ගේ බෑග් පරීක්ෂා කළ ද මුද්ද සොයා ගැනීමට හැකි වූයේ නැත. 


මොහොතකට පසු පාසල් ශිෂ්‍ය නායකයකු රහසින් විදුහල්පතිවරයාට කීවේ ගුරු මහතකු ජල කරාමය අසල සිට ගුරු කාමරයට ගොස් බෑගයට කිසිවක් දමනු තමා දුටු බවය. 


මේ ගුරුතුමිය සමග කලක් සම්බන්ධකමක් පැවැත්වූ ඔහු පසු කලෙක ඇය වෙනත් කෙනකු සමග විවාහවීම නිසා අමනාපයෙන් සිටි බව සිහිපත් වූ විදුහල්පති වහාම ඔහු කැඳවා හදිසි ලිපි කීපයක් යැවීමට අවශ්‍ය නිසා තැපැල් කාර්යාලයට ගොස් මුද්දර කීපයක් ගෙනෙන ලෙස පවසා ඔහුට මුදල් ද දුන්නේය. ඔහු ගුරු විවේක කාමරයට යාමට තැත් කළත් විදුහල්පති කීවේ කඩිනමින් මුද්දර ගෙනෙන ලෙසටය. 


ඔහු ගිය සැනෙන් ගුරු විවේකාගාරයේ තිබූ ඔහුගේ බෑගය පරීක්ෂා කළ විදුහල්පතිට එහිවූ මංගල මුද්ද දැක දෙවියන් සිහිවිය. 


යළි මුද්ද ගුරුතුමියට දුන් විදුහල්පතිවරයා එය ලැබුණු ආකාරය නොඅසන ලෙස ද ඇයට දැන්වීය. 


මුද්දර රැගෙන ආ ගුරුවරයා එය විදුහල්පතිට දී ගුරු විවේකාගාරය පැත්තට ගියත් මුද්ද ගැන කිසිවක් ප්‍රකාශ කළේ නැතිලු. 

 



අදහස් (1)

ගුරුවරියගේ නැතිවූ මංගල මුද්ද ප්‍රේමය අහමිවූ ගුරුවරයාගේ බෑගයේ

Janaka Cecil Sunday, 28 October 2018 08:22 AM

ඉතාම දක්ෂ විදුහල්පතිවරයෙක්. සම්පූර්ණ ගෞරවය ඔහුට හිමිවිය යුතුයි.

:       0       54

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1613 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1390 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 494 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site