IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ආදායම් බදු නිලධාරියාට කඬේ යතුර දී මුදලාලි යන්න ගිහින්

(මොනරාගල නයනජීව බණ්ඩාර) 

මෙම කතාවට මුල්වන පුද්ගලයා සුළු ව්‍යාපාරිකයෙකි. ඔහු සියඹලාණ්ඩුව නගරයේ ප්ලාස්ටික් භාණ්ඩ හා ළමයින්ගේ සෙල්ලම් භාණ්ඩ කඩයක් ආරම්භ කළේ කඩ කෑල්ලක් කුලියට ගෙන මීට වසර කිහිපයකට පෙරදීය. 


මෙම වෙළඳසලේ ඇති ප්ලාස්ටික් භාණ්ඩවල මුළු වටිනාකම ගණනින් රුපියල් ලක්ෂ දෙකකට වැඩි නොවීය. යම්තමින් හෝ වෙළඳාමක් කෙරුණේ බදාදා  දිනයේ දී පමණි. ඒ එදින සියඹලාණ්ඩුවේ සතිපොළ බැවිනි. අනෙක් දිනවලට එදිනෙදා වියදම හෝ මෙම ව්‍යාපාරිකයා සොයා ගත්තේ ඉතා අසීරුවෙනි. එහෙත් පසුබට නොවූ මොහු ඉදිරියේ දී හෝ බිස්නස් හොඳවේ යැයි ඇති බලාපොරොත්තුවෙන් වෙළඳාම අත නොහැරම කරගෙන ගියේය. 


මෙම ව්‍යාපාරිකයාගේ වචන උච්චාරණය ද තරමක් අපහසුය. මෙදින බදාදා දිනයකි. ඉතා ජැන්ඩියට ඇඳගත් මහත්තයෙක් පැමිණ කඬේ එහා මෙහා යමින් සිටිය ද භාණ්ඩ කිසිවක් ගන්නා බවක් නොපෙනුණි. මෙදින ගනුදෙනුකරුවන් රැසක් ද වෙළඳසලේ සිටි බැවින් ඒ පිළිබඳව මේ ව්‍යාපාරිකයා වැඩි සැලකිල්ලක් දක්වා නොතිබුණි. වරෙක සිටගෙන ද වරෙක ඉඳගෙන ද සිටි මොහු පැය කීපයකට පසු තමන් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බව මෙම ව්‍යාපාරිකයාට පැවසීය. ආදායම් බදු නිලධාරියකු බව පැවසුව ද ඒ කවුද යන්න මෙම ව්‍යාපාරිකයා දැන සිටියේ නැත. මහත්තයාට මොනවද ඕන. ඕන දෙයක් බලලා ගන්න අඩු කරලා දෙන්නම් යැයි ව්‍යාපාරිකයා පැවසුවේ නොදන්නාකම නිසාය. 


ටික මොහොතකින් එම නිලධාරියා අත තිබූ කැල්කියුලේටරයකින් එම පැය කීපයට සිදුවූ ගනුදෙනුවේ ස්වභාවය බලා එය මෙම වෙළඳ සල පවත්වාගෙන ගිය කාලයට තක්සේරු කර ආදායම් බදු ලෙස රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ගෙවන ලෙස ව්‍යාපාරිකයාට දැනුම් දුන්නේය. 


මෙම ව්‍යාපාරිකයාට අර පුද්ගලයා පැමිණ ඇත්තේ කුමකටදැයි වැටහුනේ එවිටය. ඔහුට හීන් දාඩිය දැමීය. මුළු වෙළඳසල තුළවත් එවැනි වටිනාකමට සරිලන භාණ්ඩ නැති බව පැවසුව ද එය එම නිලධාරියා ගණනකට ගත්තේ නැත. මෙම ව්‍යාපාරිකයාට වෙන කළ හැකි දෙයක් නොවීය. මහත්තයා මේ කඬේ මහත්තයා කරගෙන යන්න මෙන්න කඬේ යතුර යැයි කියා ඔහු කඬේ යතුර මෙම බදු නිලධාරියාට බාර දී යන්න ගියේ බදු නිලධාරියා ද අපහසුතාවයට පත් කරමිනි.  



අදහස් (0)

ආදායම් බදු නිලධාරියාට කඬේ යතුර දී මුදලාලි යන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site