IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දේශපාලන පෙරැළියෙන් බිඳුණු පෙමකුත් ලියලලා

(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
දේශපාලන පෙරළිය මැද්දේ බිඳුණු පෙමකට නැවත ආශිර්වාද ලැබීමේ පුවතක් කටුගස්තොටට නුදුරු ගම්මානයකින් වාර්තා වේ.


සිද්ධිය සැකවින් මෙසේය.


දේශපාලනය තම ජීවිතය මෙන් කරගත් ඔහුට මේ දිනවල නිවෙසට වී හුදකලාව සිටීමට සිදුවී ඇත්තේ හැට පහ ඉක්ම වූ වයසටත් වඩා පවතින අසනීප තත්ත්වයක් හේතුවෙනි.


රූබර දියණියන් තිදෙනකුගේ පියකු වන ඔහුගේ මද්දුමිය අසල නිවෙසක ත්‍රිරෝද රථ රියැදුරු තරුණයකු සමඟ ඇති කරගෙන තිබූ හාදකමකට ඔහුගෙන් එල්ල වූ බලවත් විරෝධය නිසාම එය බිඳුණු පෙමක් ලෙස කාලයේ වැලි තලාවෙන් වැසී යමින් තිබුණේ ඔවුන් දෙදෙනාගේ සිත්වලට ද දැඩි වේදනාවක් ගෙන දෙමිනි.


කාලය මෙසේ ගෙවී යද්දී ඉකුත් සිකුරාදා රාත්‍රියේ සිදුවූ හදිස්සි දේශපාලන බල පෙරළිය පිළිබඳව නිවෙසේ හුදකලාව සිටි ඔහුට කනවැකුණ ද ඒ පිළිබඳව නිශ්චිතව යමක් දැක බලාගැනීමට නොහැකි වූයේ නිවෙසේ තිබූ රූපවාහිනිය ද කාර්මික දෝෂයකට ලක්ව අක්‍රිය වී තිබීම නිසාය.


අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් අසල්වැසි ත්‍රිරෝද රථ තරුණයා තම නිවෙසේ තිබූ රූපවාහිනිය ඔහුගේ දේශපාලන මනදොළ පිනවීම සඳහා නිවෙසට ගෙනැවිත් දී ඇත්තේ එය නරඹා අවසානයේ නැවත ලබාදෙන ලෙස කළ ඉල්ලීමත් සමඟිනි.


කෙසේ නමුත් නොසිතූ මොහොතක සිදුකළ මේ උපකාරයට ප්‍රතිඋපකාරයක් ලෙසින් ඔහු තම මද්දුමිය සමඟ අදාළ තරුණයා ඇතිකරගෙන තිබූ ප්‍රේම සම්බන්ධයට ආශිර්වාද කර ඉක්මනින්ම අදාළ තරුණයා තම බෑණනුවන් කරගන්නා බවට පවසා ඇත්තේ එම තරුණයා ද තුෂ්ණිම්භූත කරමින් බව වැඩිදුරටත් වාර්තා වේ.

 



අදහස් (1)

දේශපාලන පෙරැළියෙන් බිඳුණු පෙමකුත් ලියලලා

dilum Thursday, 01 November 2018 10:28 AM

හිටි ගමන් පැත්ත මාරු කලේ ජනාධිපතිගේ සහෝදරයෙක්ද මන්ද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site