බදුල්ලේ තේ වතු රැසකට කළු පුල්ලි අංගමාරය
අධික වර්ෂාව හා මීදුම හේතුවෙන් තේ වගාවට වැළඳී ඇති කළු පුල්ලි අංගමාරය හෙවත් බ්ලිස්ටර් බ්ලයිට් නැමැති දලු අව පැහැගැන්වී කඩා වැටීමේ රෝගී තත්වයක් හේතුවෙන් පිටමාරුව එළමාන, මඩොල්සිම , කොකාගල ආදී ප්රදේශවල කුඩා තේ වතු හිමියන්ගේ දෛනික ආදායම 50% -75 % ත් අතර ප්රමාණයකින් පහත වැටී ඇතැයි කුඩා තේ වතු හිමියෝ පවසති.