IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


කොමර්ෂල් බැංකුවෙන් අපනයන ව්‍යවසායකයන්ට වැඩසටහනක්

කොමර්ෂල් බැංකුව විසින් දිවයිනේ ආහාරපාන අංශයේ ක්‍ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් 110ක් සඳහා, අපනයන වෙළෙඳපොළට පිවිසීමට අදාළව තම ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී.

 කුඩා හා මධ්‍ය පරිමාණ කෘෂිකාර්මික, කර්මාන්ත සහ අනෙකුත් අදාළ ව්‍යාපාරවල අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති, කොමර්ෂල් බැංකුවේ නම්‍යශීලී ‘දිරිබල සංවර්ධන ණය යෝජනා ක්‍රමය’ හා සබැඳි මෙම වැඩසටහන ‘දිරිබල අපනයනකරුවන්ගේ සංවර්ධන වැඩසටහන’ යනුවෙන් නම් කර ඇත. මෙම වැඩසටහන සඳහා සහභාගි වීමට අපනයනකරුවන් ලෙස සාර්ථක වීමට හැකියාව ඇති ව්‍යවසායකයන් බැංකුව විසින් හඳුනාගෙන ඇත. මෙම වැඩසටහන කොමර්ෂල් බැංකුවේ පවතින ගනුදෙනුකරුවන්ට පමණක් සීමා නොවූ අතර, සහභාගිවූවන්ගෙන් අඩක් කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද පිරිස විය.

 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීම, අපනයනය දිරිගැන්වීම සහ දේශීය අපනයන අංශය සංවර්ධනය කිරීම සඳහා සැලැසුම් කර ඇති මුලපිරීම් මාලාවක ආරම්භය, මෙම වැඩසටහන තුළින් නියෝජනය කරන බැව් බැංකුව ප්‍රකාශ කරයි.

 ක්‍ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපනයනය සඳහා සූදානම් කිරීම සහ අපනයන ඉලක්ක කරගත් ව්‍යවසායවල වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ වෙයි. එසේම එම මුලපිරීම් මගින් රටට දැඩි අවශ්‍යතාවක් වන විදේශ විනිමය ඉපැයීම් වැඩිදියුණු කිරීමද අරමුණු කර ඇති බැව් බැංකුව අවධාරණය කරයි.

 මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයන් වූයේ, කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික නිරෝධායන සේවාව සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) යන ආයතනයි.

595

 



අදහස් (1)

කොමර්ෂල් බැංකුවෙන් අපනයන ව්‍යවසායකයන්ට වැඩසටහනක්

CHANDIKA JAYASINGHE. Sunday, 11 June 2023 08:57 AM

මම කැමැතියි වැඩක් පටන් ගන්න... මම කර්මාන්ත අංශයේ සේවය කරන්නේ අවුරුදු 30ක් තිස්සේ. නමුත් මම දන්නේ නැහැ මොන වර්ගයේ ආහාරද ශ්‍රී ලංකාවේදී තෝරාගත යුත්තේ කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 80 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 136 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 261 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්
2024 මැයි මස 02 256 0

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නි


ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක
2024 මැයි මස 01 69 0

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම්වලට නිරත විය හැ


ලංකා හොස්පිටල්ස් නව ස්ථුලතා පාලන මධ්‍යස්ථානය විවෘත කෙරේ
2024 අප්‍රේල් මස 30 195 0

ලංකා හොස්පිටල්ස් සිය නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය ඇරඹීම සහ අතිසාර්ථක ලෙස ස්ථුලතා පාලන (Bariatric)සැත්කම් 250 ක සන්ධිස්ථානය පසු කිරීම පිළිබඳව පසුගියදා නිව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 498 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1948 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1713 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site