IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මානයක් SLT මොබිටෙල් සමාගම

SLT-MOBITEL පසුගියදා පැවති 2022 ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී දුරකථන සන්නිවේදන කාණ්ඩයේ ජාල සහ බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණ විශිෂ්ටත්ව සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට පුළුල් මට්ටමින් බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් සැපයීම සඳහා නිර්මාණශීලී ලෙස  LTE 850MHz  බ්‍රෝඩ්බෑන්ඩ් විසඳුම භාවිතා කිරීම වෙනුවෙන් මෙම සම්මානය SLT-MOBITEL වෙත හිමි විය.

රටේ ඩිජිටල් පරිවර්තනයට සහය වෙමින් වැඩි පිරිසක් වෙත ඩිජිටල් තාක්ෂණයන් සමීප කරවීමේ අරමුණින් SLT-MOBITEL මෙම LTE 850MHz   බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණය භාවිතා කරයි. මෙමගින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ රැසක ජනතාවට SLT-MOBITEL  හි Sub-1GHz 850MHz LTE ජාලය ඔස්සේ සම්බන්ධතා පහසුකම් හිමි වූ අතර, විශේෂයෙන්ම අන්තර්ජාල සම්බන්ධතාවන් අතිශයින් වැදගත් වූ Covd-19 කාලසීමාව තුළ එය එම ජනතාවට ඉමහත් සහනයක් විය.

SLT-MOBITEL  හි LTE 850MHz   විසඳුම, මීට පෙර විශාල වශයෙන් භාවිතා වූ ජාතික මට්ටමේ තරංග පරාස සම්පත් ඉතිරි කරන සුවිශේෂී පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ. ආවරණ පරාසය පුළුල් කිරීමත් සමග, ඊට පෙර බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ලබාගැනීමට නොහැකි වූ නව පාරිභෝගිකයන් 700,000 ක පිරිසකට එම සේවා ලබාදීමට ජංගම දුරකථන සේවා අංශයට හැකියාව ලැබිණි. LTE 850MHz  දියත් කිරීමත් සමග, Covd-19  සමයේ ග්‍රාමීය ප්‍රදේශවල නිවෙස්වල සිට රාජකාරි කිරීමට සිදු වූ පුද්ගලයන්ට හා දුරස්ථ ක්‍රමයට අධ්‍යාපනය ලැබීමට සිදු වූ සිසුන්ට මෙන්ම, Covd-19 සම්බන්ධ හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමට සිදු වූ බලධාරීන්ටද අත්වැලක් වීමට SLT-MOBITEL  සමාගමට හැකියාව ලැබිණි.

595



අදහස් (0)

ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මානයක් SLT මොබිටෙල් සමාගම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 881 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site