IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


Mas Organix ගාල්ලේ දී විවෘත වේ

සෞඛ්‍ය සම්පන්න සහ නිරෝගී ජීවිතයක්  ලබාදීම අරමුණු කර ගනිමින් ගාල්ලේ Mini mart හී දී Mas Organix  පසුගියදා විවෘත කරන ලදී.  “ස්වාභාවික සෞඛ්‍ය සම්පන්න ආහාර දිගු ආයුකාලයක් සඳහා ආයෝජනයක්” යන අදහස ප්‍රවර්ධනය කිරීමට Mas Organix  බලාපොරොත්තු වේ.

අංක 217 කොළඹ පාර මහ මෝදර, ගාල්ල යන ස්ථානයේ Mini mart හි පිහිටා ඇති අතර එකම වහලක් යටින් කාබනික නිෂ්පාදන (Organic) රාශියක් ලබා ගැනීමට Mini mart  හි Mas Organix පහසුකම් සලසා දෙයි. ශ්‍රී ලංකාවේ පවතින දුර්ලබ නිෂ්පාදන රැසක් මෙහි ඇතුලත් වේ. ඒ අතර  Anciant Nutra, Apex Aura, Coconut Miracle, Natural bee honey සහ Radha Lankaදේශීය නිෂ්පාදන මෙහිදී ලබාගත හැකි බවත් එම ආයතනය සඳහන් කරයි. එයට අමතරව ලංකාවේ දකුණු වෙරළට ආවේණික බොහෝ නිෂ්පාදන ලබාගත හැකි වීම ද විශේෂයකැයිද එම ආයතනය කියයි.

“ශ්‍රී ලංකාව දේශීය නිෂ්පාදන වලින් බහුල ලෙස ආශිර්වාද ලබන රටක්, එය අපේ මුතුන්මිත්තන්ගේ ජීවන රටාව හා බද්ධ වී ඇත. Mas Organix හි අපි තරයේ විශ්වාස කරන්නේ සෞඛ්‍ය සම්පන්න සහ යහපත් ජීවිතයක් සඳහා ස්වාභාවික ආහාර පිළියමක් බවයි. කාබනික නිෂ්පාදන මිල අධික සහ සොයා ගැනීම අපහසු බවට වැරදි මතයක් තිබේ. එම මිත්‍යාව බිඳ දමා අපගේ Mas Organix හි නිෂ්පාදන පෙළක් සොයාගත හැකි බව අපගේ පාරිභෝගිකයන්ට සහතික වීම අපගේ උත්සාහයයි.” Mini mart හි නිර්මාතෘ සමාලි ද සිල්වා පැවසුවාය.

Mini mart - Mas Organix හි දී කළු හීනටි, සුවඳැල්, පච්චපෙරුමාල්, හැංගිමුත්තන්, රන් කහවනු, මඩතවාලු සහ තවත් බොහෝ පාරම්පරික දේශීය සහල් මිලදී ගැනීමට හැකිය. විවිධ රෝග සඳහා විශේෂිත ආයුර්වේද ඖෂධීය කැඳ සහ කරපිංචා, කුරුඳු, වෙනිවැල් සහ බෙලිමල් වැනි ඖෂධීය පාන වර්ගද මෙහි තිබේ. ස්වභාවික කුළු බඩු, කාබනිකව ලබා ගත් මී පැණි, කුරුඳු තෙල් සහ කුඩු අනෙකුත් ජනප්‍රිය නිෂ්පාදන අතර වේ.

පරිභෝජන ද්‍රව්‍ය හැරුණු විට සබන් වර්ග සහ ස්ක්‍රබ්, බොඩිවොෂ් වැනි ආයුර්වේදීය රූපලාවන්‍ය නිෂ්පාදන පෙළකට Mas Organix හිමිකම් කියනු ලබයි.

595



අදහස් (0)

Mas Organix ගාල්ලේ දී විවෘත වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 881 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site