IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


පවුලට සරිලන නිෂ්පාදන පෙළක් ‘ප්‍රාසාර‘ සන්නාමයෙන්

සබන්, දන්තාලේප, ෆෙස් ක්‍රීම්, ෆෙස් වොෂ් සහ සුවතා පානය (ටොනික්) ආදී පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත ප්‍රාසාර නිෂ්පාදන පෙළ පරම්පරා ගණනාවක් පුරා පැවත එන පුරාණ ඔසු වට්ටෝරුවලට අනුකූලව, දේශීය හෙළ ඔසු භාවිත කර නිපදවා ඇතැයි හේමාස් මැනුෆැක්චරින් සමාගම කියයි. ආයුර්වේද විශේෂඥයන්ගේ  අනුමැතිය සහිත ප්‍රාසාර නිෂ්පාදන පෙළ පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සහතික කරන සම්පූර්ණ හෙළ ඔසු පෞද්ගලික සත්කාරක නිපැයුම් පෙළක් ලෙස හඳුන්වා දිය හැකියැයිද එම සමාගම කියයි.

හෙළ ඔසු අවශ්‍යතාව කෙතරම් තදින් දැනුණ ද, වර්තමාන ජනතාව තුළ හෙළ ඔසු පිළිබඳ පවතින අවම දැනුම සහ  ඒවා සොයා ගැනීමට ඇති අපහසුව ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට බාධාවක් වී ඇති බවත් එය හොඳින් අවබෝධ කරගත් හේමාස් ආයතනය ප්‍රාසාර නිපැයුම් පෙළ හඳුන්වා දීමට කටයුතු කළේ ඊට විසඳුමක් ලෙසින් බවද එම සමාගම කියයි.

ප්‍රාසාර පවුලේ සියලු‍ දෙනාට ම සරිලන පරිපූර්ණ සෞඛ්‍යාරක්ෂිත හෙළ ඔසු සමන්විත නිෂ්පාදන පෙළක් ගෙන එයි.  ප්‍රාසාර යන්නෙහි තේරුම වන්නේ ‘ප්‍රාණයට සාරයක්‘ යන්නයි. මෙම නිෂ්පාදන පෙළ මගින් සෞඛ්‍යය හා යහපැවැත්ම වැඩි දියුණු කරමින්, ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවගේ ජීවිතවල නිරෝගී සමතුලිතතාව ආරක්ෂා කිරීම හේමාස් සමාගමේ අරමුණයි.

ශ්‍රී ලංකාවට ම ආවේණික වූ හෙළ ඔසු භාවිතයෙන් නිපදවන සුවිශේෂී ප්‍රසාර සාරය ශරීරයේ ස්වාභාවික සමතුලිතතාව යථාතත්ත්වයට පත් කිරීම සඳහා උපකාරී වේ. එමෙන් ම එම නිෂ්පාදනය  වයස අවුරුදු 12 ට වැඩි දරුවන් ඇතුළු සමස්ත පවුලටම ගැළපෙන නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දිය හැකිය.

595



අදහස් (0)

පවුලට සරිලන නිෂ්පාදන පෙළක් ‘ප්‍රාසාර‘ සන්නාමයෙන්

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 115 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 251 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්
2024 මැයි මස 02 256 0

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නි


ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක
2024 මැයි මස 01 69 0

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම්වලට නිරත විය හැ


ලංකා හොස්පිටල්ස් නව ස්ථුලතා පාලන මධ්‍යස්ථානය විවෘත කෙරේ
2024 අප්‍රේල් මස 30 194 0

ලංකා හොස්පිටල්ස් සිය නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය ඇරඹීම සහ අතිසාර්ථක ලෙස ස්ථුලතා පාලන (Bariatric)සැත්කම් 250 ක සන්ධිස්ථානය පසු කිරීම පිළිබඳව පසුගියදා නිව


අවුරුදු සමයේදී මහජන බැංකු‍වේ මිලියන 17කට අධික ගනුදෙනු
2024 අප්‍රේල් මස 29 66 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 568කට අධික වටිනාකමකින් යුත් මිලියන 17කට අධික ගනුදෙනු සංඛ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 495 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1942 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site