
ශ්රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සහ කීර්තිමත් සමාගමක් ලෙස දශක ගණනාවක් පුරා දෙස් විදෙස් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා සිටින DSI ටයර්ස් ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ රබර් ටයර් සහ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.
කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී DSI ටයර්ස් කළමනාකාර අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ මහතා වෙත මෙම රිදී සම්මානය පිරිනැමිණි.
දශක තුනකට අධික ඉතිහාසයක් සහිත DSI ටයර්ස් සමාගමේ නිෂ්පාදන අතර බයිසිකල් ටයර්, මෝටර් සයිකල් ටයර්, ත්‍රීවීල් ටයර්, කර්මාන්ත ටයර්, රබර් ආශ්‍රිත නිෂ්පාදන සහ බයිසිකල් ප්‍රමුඛ ස්ථානයක් ගනි.
DSI ටයර්ස් වර්තමානයේදී ISO 9001:2015, INMETRO Certification, SLS, Tanzania Bureau of Standards, E4 Marking iy BIS (Bureau of Indian Standards) ඇතුළු තත්ත්ව සහතික රැසකින් පිදුම් ලබා ඇත. විදේශ විනිමය අර්බුදයත් සමඟ DSI ටයර්ස් දේශීය වෙළෙඳපොළට නිෂ්පාදන සැපයීම වේගවත් කරමින් අපනයන ඉලක්කද වර්ධනය කර ගනිමින් ව්‍යාපාර ජාලය පුළුල් කිරීමට පියවර ගත්තේය.
DSI ටයර්ස් නිෂ්පාදන සඳහා ඇති ජාත්‍යන්තර ඉල්ලුම වර්ධනය වීම සුවිශේෂත්වයකි. ජාත්‍යන්තර විශ්වාසය ඉහළින්ම තහවුරු කරමින් DSI ටයර්ස් රටවල් 85කට අධික ප්‍රමාණයකට සිය නිෂ්පාදන අපනයනය කරයි. ලොව ප්‍රමුඛතම අලෙවි ජාලයන් රැසක් ඔස්සේද සිය නිෂ්පාදන අලෙවි කරන DSI ටයර්ස් මීට පෙරද අපනයනය විශිෂ්ටතා සම්මාන සහ ජනාධිපති සම්මාන අඛණ්ඩව දිනා ඇත.
595
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
DSI ටයර්ස් NCE විශිෂ්ටතා සම්මාන ලබයි