IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


නෝර්වීජියානු උපාධි ශිෂ්‍යයන් හම්බන්තොට වරායේ චාරිකාවක

නෝර්වේ ඇග්ඩර් විශ්වවිද්‍යාලයේ ‘සංවර්ධන අධ්‍යයන’ උපාධි පාඨමාලාව හදාරන ශිෂ්‍යයෝ 25 දෙනෙක් පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) අධ්‍යාපන චාරිකාවක නිරත වූහ. විවිධ ප්‍රායෝගික සංවර්ධන ගැටලු‍ මෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් දැනට පවත්නා අභියෝග පිළිබඳව ඉගෙනීම, සංචාරයේ අරමුණු විය.

හම්බන්තොට වරායේ විවිධ ක්‍රියාදාම මෙන්ම එහි උපායමාර්ගික වටිනාකම, අනාගත සැලසුම්, වත්මන් සහ අනාගත ආයෝජන ව්‍යාපෘති පිළිබඳව උපාධි අපේක්ෂකයන් දැනුවත් කරන ලදී. එමෙන්ම ඉංජිනේරු සහ තාක්‍ෂණ කළමනාකරණයේ කාර්යයන්, වරාය විසින් අනුගමනය කරන හරිත ක්‍රමවේද සහ හරිතාගාර වායු අවම කිරීමේ ක්‍රියාවලි, ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය, යටිතල පහසුකම්, කොළඹ වරාය සහ HIP  විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලබා දෙන  දායකත්වය, පිළිබඳවද දළ විශ්ලේෂණයක් සිදු කෙරිණි.

“හම්බන්තොට ජාත්‍යන්තර වරාය පිළිබඳ වර්තමාන තරුණ කැල අතර වැඩෙමින් පවතින වෘත්තීමය උනන්දුව අපගේ සතුටට කරුණක්. වරාය ක්‍රියාකාරකම්වලින් ඔබ්බට ගිය අපගේ සැලැස්ම සහ උපාය මාර්ග ඔවුන්ට වටහාදීමට අප සැමවිටම සූදානම්. වරායට යාබද මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය දක්වා විසිර  ඇති නිෂ්පාදන සහ සැපයුම් දෙඅංශයේම කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම අපගේ එක් අරමුණක්. අධ්‍යාපන හා ප්‍රායෝගික දෘෂ්ටිකෝණයෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය වැදගත් වන්නේ, එහි උපායමාර්ගික පිහිටීම මෙන්ම ජාත‍්‍යන්තර රීතීන්ට අනුකූල සේවා සහ ක්‍රියාපටිපාටි, රට තුළ කර්මාන්ත අංශය සහ සමස්ත ආර්ථිකයේ දියුණුව සඳහා ලබාදෙන සහය වැනි හේතු නිසා. වරායේ වර්ධනය, ප්‍රාදේශීය ප්‍රජාව සමඟ සමීපව සම්බන්ධ වී ඇති අතර, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක්, හරිත පරිසරයක් සඳහා රුක් සිටුවීම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරවිල ප්‍රදේශයේ අත්හළ රජයේ පාසලක් නැවත ගොඩනැගීම, හම්බන්තොට මහ රෝහලට අංගසම්පූර්ණ PCR පරීක්ෂණ මධ්‍යස්ථානයක් ලබා දීම, අපේක්ෂාවේ ගම්මානය පිහිටුවීම, අලි මිනිස් සාම අරමුදල ආරම්භ කිරීම ඇතුළු  ක්‍රියාකාරකම් රාශියක් දැනටමත් සිදු කර තිබෙනවා.” යැයි  හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පැවසීය.  

595



අදහස් (0)

නෝර්වීජියානු උපාධි ශිෂ්‍යයන් හම්බන්තොට වරායේ චාරිකාවක

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 121 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 253 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්
2024 මැයි මස 02 256 0

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නි


ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක
2024 මැයි මස 01 69 0

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම්වලට නිරත විය හැ


ලංකා හොස්පිටල්ස් නව ස්ථුලතා පාලන මධ්‍යස්ථානය විවෘත කෙරේ
2024 අප්‍රේල් මස 30 194 0

ලංකා හොස්පිටල්ස් සිය නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය ඇරඹීම සහ අතිසාර්ථක ලෙස ස්ථුලතා පාලන (Bariatric)සැත්කම් 250 ක සන්ධිස්ථානය පසු කිරීම පිළිබඳව පසුගියදා නිව


අවුරුදු සමයේදී මහජන බැංකු‍වේ මිලියන 17කට අධික ගනුදෙනු
2024 අප්‍රේල් මස 29 66 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 568කට අධික වටිනාකමකින් යුත් මිලියන 17කට අධික ගනුදෙනු සංඛ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 495 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1943 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site