IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


මාස 9 කදී එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් බිලියන 10.3ක පෙරබදු ලාභයක්

ස්පෙන්ස් සමාගම 2022 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මාස නවයක කාලයේදී රුපියල් බිලියන 10.3 ක වාර්තාගත පෙර බදු ලාභයක් පෙන්වා තිබේ. එය ඊට කලින් වසරට (2021 වර්ෂයේ එම කාලසීමාවට) වඩා සියයට 213.7 ක සැලකිය යුතු වර්ධනයකි. එයිට්කන් ස්පෙන්ස් සමාගම විසින් වාර්තා කරන ලද මෙම පෙරබදු ලාභයට ඉහළම දායකත්වය සපයා ඇත්තේ සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන අංශයයි. මෙම කොටස එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සම්පූර්ණ පෙරබදු ලාභයෙන් සියයට 68.4 කි.

2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ අනෙකුත් ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික සමාගම් අතර ප්‍රමුඛතම සමාගමක් වන එයිට්කන් ක්‍රමානුකූල ක්‍ෂයවීම්වලට පෙර සමූහයේ ඉපැයීම් රුපියල් බිලියන 24.0 ක් විය. එය පැහැදිලිවම සියයට 144.9 ක වර්ධනයක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, මෙම කාලය ඇතුළත පැවති ඉහළ පොලී අනුපාතවලට අනුගත වන පරිදි මූල්‍ය වියදම් රුපියල් බිලියන 8.3 ක් දක්වා වැඩිවීම හේතුවෙන් පෙරබදු ලාභාංශ ප්‍රතිශතය සියයට 182.2 ක් දක්වා පහළ බැස තිබිණ.

වසර 2022 අවසන් මාස නවය සඳහා ආදායම් බදු සියයට 192.7 ක් දක්වා වැඩි වුවද, ව්‍යාපාර සමූහයේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 7.3 දක්වා වැඩි වූයේය. එය ද සියයට 223.1 ක වර්ධනයකි.

ප්‍රධාන වශයෙන් 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වූ ආයතනික බදු අනුපාත සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා ආදායම් බදු වියදම රුපියල් බිලියන 2.9 දක්වා ඉහළ ගියේය.

එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන සේවා අංශයේ සමස්ත පෙරබදු ලාභය රුපියල් බිලියන 7.0 කි. සේවකයන්ගේ විශිෂ්ට කාර්ය සාධනය, සමුද්‍රීය භාණ්ඩ ප්‍රවාහනය, ගුවන් සේවා භාණ්ඩ ප්‍රවාහනය, ඒකාබද්ධ බහාලු‍ම් සහ නැව් නියෝජිතායතන අංශ විසින් පෙන්නුම් කරන ලද වර්ධනය එවන් ලාභයක් අත්පත් කරගැනීම සඳහා විශිෂ්ට දායකත්වයක් සපයන ලදී.

එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ උපාය මාර්ගික ආයෝජන අංශයෙන් ගෙනෙන ලද පෙර බදු ලාභය රුපියල් බිලියන 3.6 කි. එය සියයට 395.1 ක වර්ධනයක් පෙන්නුම් කරයි. සමූහයේ ඇඟලු‍ම් නිෂ්පාදන මෙන්ම මුද්‍රණ සහ ඇසුරුම් අංශවල වැඩිදියුණු වූ කාර්ය සාධනයත්, හිමිකාර සමාගම විසින් වාර්තා කරන ලද විදේශ විනිමය ලාභයත් ඒ සඳහා ප්‍රධාන වශයෙන් පාදක විය.

කෙසේ වෙතත්, විදුලිබල උත්පාදන අංශය සඳහා රජයෙන් අයවිය යුතු මුදල් පියවීමේදී මුහුණ දුන් අධික ප්‍රමාදය හේතුවෙන් ව්‍යාපාර සමූහයේ මූල්‍ය කටයුතුවලට බාධා එල්ල විය. ඒ වෙනුවෙන් එම අංශයට  අනවශ්‍ය මූල්‍ය පිරිවැයක් දැරීමට ද සිදුවිය. එසේ තිබියදීත් එයිට්කන් ස්පෙන්ස් සමාගම, කෙරවලපිටිය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවා ඇති මෙගා වොට් 10 ක බලශක්ති නිෂ්පාදනාගාරයේ කටයුතු දිගින් දිගටම පවත්වාගෙන ගියේය.

මෙම බලශක්ති නිෂ්පාදනාගාරයේදී, බලශක්තිය බවට පරිවර්තනය කෙරෙන්නේ එදිනෙදා මුදාහැරෙන අපද්‍රව්‍ය බැවින්, යම් හෙයකින් බලාගාරය ක්‍රියාත්මක නොවූයේ නම් හෝ එහි කටයුතු නවතා දැමුවේ නම්, කොළඹ දිස්ත්‍රික්කය යළිත් වරක් බරපතළ සමාජ හා පාරිසරික ගැටලු‍වලට තුඩු දිය හැකි උග්‍ර කසළ අර්බුදයකට මුහුණ දීමට ඉඩ තිබිණ.

එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සේවා අංශය රුපියල් මිලියන 566.9 ක සමස්ත පෙරබදු ලාභයක් පෙන්නුම් කළේය.

එක් අංශයකින් ලාභ ලබන අතරේ තවත් අංශයක පාඩු සිදුවීම්ද ව්‍යාපාර ලෝකයේ සාමාන්‍ය සිද්ධාන්තයකි. වසර 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සංචාරක අංශය රුපියල් මිලියන 944.1 ක අලාභයක් අත්වින්දේය. ඊට ප්‍රධාන හේතුකාරකයක් වූයේ ශ්‍රී ලංකාවේ හෝටල් අංශය මුහුණ දෙන අභියෝගවල තිබූ තීව්‍ර භාවයයි.

මේ අතර පසුගිය වසරේ තුන්වැනි කාර්තුවේදී පුනර්ජනනීය බලශක්තිය සහ හෝටල් අංශ මුහුණ දුන් බාධා හේතුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ ආදායම රුපියල් බිලියන 1.7 කින් පහත වැටුණි. එහෙත් ඒ සම්බන්ධයෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ නියෝජ්‍ය සභාපති සහ කළමණාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා දක්වන්නේ මහත් සුබවාදී ආකල්පයකි.

“විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති අංශයේ බොහෝ පසුබෑම්වලට මුහුණ දී තිබියදීත් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය ධනාත්මක ප්‍රතිඵල අත්කර ගෙන තිබෙනවා. සත්තකින්ම, පළමු මාස නවයේදී අපගේ කාර්යසාධනය අපේ අපේක්ෂා ඉක්මවා ගොස් තිබෙනවා. ඒ නිසා අපගේ ජනතාවට, ප්‍රජාවට සහ අපගේ පරිසරයට අපගේ ව්‍යාපාර ආකෘතී වඩාත් තිරසාර අකාරයෙන් බද්ධ කිරීමට අපි අඛණ්ඩව කැපවී සිටිනවා..” යයි එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ, ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පැවසීය.

මූල්‍යමය ලාභ නොවන සුවිශේෂතා සේවය කිරීමට වඩා හොඳ ස්ථානයක් බවට පත්කිරීම සඳහා එයිට්කන් ස්පෙන්ස් සමාගම නිරතව සිටින අඛණ්ඩ ගමනේ දී, සේවක අත්දැකීම්, චිත්ත ධෛර්යය සහ ප්‍රමුඛ පෙළේ සේවා යෝජකයකු වෙමින්, ඔවුන්ගේ සංජානනය වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා සේවක සම්බන්ධීකරණ සමීක්ෂණයක් කරනු ලැබේ.

විවිධත්වය, සමානාත්මතාව සහ සියලු‍ දෙනාටම තිබෙන සමාන අවසරය අරමුණු කරගනිමින්, ස්පෙන්සෝනියන් සම්මුතියේදී “මට මා වීමට තිබෙන නිදහස” යන තේමාව ආරම්භ කරන ලදී. ඒ වෙනුවෙන් ගන්නා ලද ප්‍රගතිශීලී පියවරක් ලෙස, මාතෘ නිවාඩු කාලය දින 100 දක්වා දීර්ඝ කිරීමටත් පීතෘ නිවාඩු හඳුන්වාදීමටත් පියවර ගන්නා ලදී. සමස්තයක් වශයෙන් මාපිය නිවාඩු වැඩි කරන ලදී.

නව්‍ය මෙන්ම වඩාත් ක්‍රියාශීලී සේවා සංස්කෘතියක් පවත්වාගෙන යාම සඳහා පළමු වරට පරිගණක මෘදුකාංග ඔස්සේ විශාල සේවක කණ්ඩායමක් එකිනෙකා හා සම්බන්ධව අදහස් හුවමාරු කරගත්හ. එය “ස්පෙන්ස් හැකතන්” ලෙසින් හඳුන්වන ලද්දකි. එහිදී සමූහයේ කණ්ඩායම් හතක් - විදේශීය සමාගම් ද ඇතුළුව - හඳුනාගත් ව්‍යාපාරික ගැටළු සඳහා පරිවර්තනීය විසඳුම් නවයක් සංවර්ධනය කිරීමේ අභියෝගය භාර ගත්හ. ඒවා අදාළ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කරන ලදී.

ඉතාම මෑතකදී “ස්පෙන්ස්ඉනෝවා” ව්‍යාපෘතිය හඳුන්වා දෙන ලදී. ඒ සඳහා පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා මෙන්ම නවෝත්පාදන අදහස්, අභ්‍යන්තර සහ බාහිර විශේෂඥයින් විසින් ඇගයීමට ලක් කරනු ඇත. එවන් ශක්තිමත් පරිවර්තන සංස්කෘතියක් මගින් මෙහෙයවනු ලබන එයිට්කන් ස්පෙන්ස් සමාගම, අනාගතය සඳහා ඔවුන්ගේ දක්ෂතා විදාරණය කිරීමට මූලික පියවරක් තබා තිබේ.

තිරසාරත්වය සම්බන්ධයෙන්, එයිට්කන් ස්පෙන්ස් සමාගමට ඇත්තේ පතළ කීර්තියකි.

විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාර අංශයේ වරක් ජයග්‍රාහකයා වූ එයිට්කන් ස්පෙන්ස් සමාගම, ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද වසර 2022 හොඳම තිරසාර ව්‍යවසායකයට හිමි සම්මානයත් හිමිකරගත්තේය. කොවිඩ් -19 සඳහා ඔරෙත්තු දෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිරූපණය කිරීම සඳහා වූ සම්මානය ද හිමිකරගත් එයිට්කන් ස්පෙන්ස් සමාගම එම උත්සවයේදී ඉහළම සම්මාන සංඛ්‍යාවක් දිනාගනිමින් විශිෂ්ටතම ආයතන 10 අතරට ශ්‍රේණිගත විය.

වසර 17ක් පුරා, අඛණ්ඩව මෙම කීර්තිමත් ශ්‍රේණිගත කිරීම්වල සිටි ශ්‍රී ලංකාවේ එකම සමාගම එයිට්කන් ස්පෙන්ස් සමාගමයි.

1983 වසරේ සිටම, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති එයිට්කන් ස්පෙන්ස්’ සමාගම වසර 150 කට වැඩි විශිෂ්ටත්වයේ උරුමයකට හිමිකම් කියයි. ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමාන්, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශය යන රටවල් 8 ක, විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ආකෘති 16 ක් ඊට ඇතුළත් වෙයි. 12,500 කට අධික එයිට්කන් ස්පෙන්ස් පවුලේ සමස්ත සේවක සංඛ්‍යාව විසින් එහි කාර්ය සාධනය දිනෙන් දින වැඩි දියුණු කෙරෙනු ඇත.

595

දේශමාන්‍ය ඩී.එච්.එස්. ජයවර්ධන - සභාපති (එයිට්කන් ස්පෙන්ස් සමාගම)


ආචාර්ය පරාක්‍රම දිසානායක - නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ (එයිට්කන් ස්පෙන්ස් සමාගම)



අදහස් (0)

මාස 9 කදී එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් බිලියන 10.3ක පෙරබදු ලාභයක්

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 117 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 252 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්
2024 මැයි මස 02 256 0

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නි


ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක
2024 මැයි මස 01 69 0

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම්වලට නිරත විය හැ


ලංකා හොස්පිටල්ස් නව ස්ථුලතා පාලන මධ්‍යස්ථානය විවෘත කෙරේ
2024 අප්‍රේල් මස 30 194 0

ලංකා හොස්පිටල්ස් සිය නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය ඇරඹීම සහ අතිසාර්ථක ලෙස ස්ථුලතා පාලන (Bariatric)සැත්කම් 250 ක සන්ධිස්ථානය පසු කිරීම පිළිබඳව පසුගියදා නිව


අවුරුදු සමයේදී මහජන බැංකු‍වේ මිලියන 17කට අධික ගනුදෙනු
2024 අප්‍රේල් මස 29 66 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 568කට අධික වටිනාකමකින් යුත් මිලියන 17කට අධික ගනුදෙනු සංඛ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 495 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1942 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site