හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කර්මාන්ත කලාපයට .ප්ලග් ඇන්ඩ් ප්ලේ. පහසුකම් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කර්මාන්ත කලාපය තුළ Plug and Play (පිරිනිමි) ‘Park in Park (කලාපය තුළ කලාපයක්) සංකල්පයෙන්’ නිෂ්පාදන කම්හල් ජාලයක් පිහිටුවීමටල හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) ෂෙන්ෂෙන් ෂින්ජි සමූහය සමඟ අත්වැල් බැඳගෙන ඇත. 08 July 2021
JAT සමූහය ඉහළ ප්‍රතිඵල වාර්තා කරයි JAT Holdings, අභියෝගකාරී වෙළඳපොළ හා ආර්ථික තත්ත්වය හමුවේ පවා, 2020/21 මූල්‍ය වර්ෂය තුළ ශක්තිමත් හා ස්ථාවර ක්රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට සමත් වී තිබේ. 08 July 2021
ICTA සහ PWCඑක්වීමෙන් ණය ඇගයීම් නව වැඩසටහනක් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් (පුද්.) සමාගම (PWC ශ්‍රී ලංකාව) සමග එක්ව තාක්ෂණික සමාගම් සඳහා අවම ඇපකරයක් සහිත ණය පහසුකම් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වා දී තිබේ. 08 July 2021
කොමාර්ෂල් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට එංගලන්තයේ සුප්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසින් වාර්ෂිකව එළිදක්වන ‘ලෝකයේ හොඳම බැංකු 1000’ ලයිස්තුවට 2021 වසරේ දී පිට පිටම 11 වතාවටත් තේරී පත් වූ එකම ශ්‍රී ලාංකීය බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව නැවත වතාවක් ගෝලීය බැංකු ක්ෂේත්රයේ දැවැන්තයන් අතරට පැමිණ තිබේ. 08 July 2021
පීපල්ස් ලීසිං නව වෙබ් අඩවිය දියත් කෙරේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ නව වෙබ් අඩවිය මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යාපාර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අතින් මුදල් අමාත්‍යාංශයේදී පසුගියදා දියත් කෙරුණි. 06 July 2021
සිමෙන්ති ප්‍රධානතම වෙළඳ නාම 100 අතරට INSEE සංස්ථා, එක්සත් රාජධානියේ බ්‍රෑන්ඩ්ස් ෆිනෑන්ස් ආයතනය විසින් සම්පාදනය කරනු ලබන ’LMD Brands Annual’ වාර්ෂික සන්නාම විශ්ලේෂණය මගින් ශ්‍රී ලංකාව තුළ ඉහළම ජනාදරයක් දිනාගත් වෙළෙඳ නාම 100 අතරට නම් කෙරිණි. මෙම ජයග්‍රහණය මෙන්ම 2021 SLIM නීල්සන් ජනතා සම්මාන උළෙලෙහි දී අඛණ්ඩව 10 වන වරටත් ’වසරේ නිවාස හා ඉදිකිරීම් සන්නාමය’ ලෙස ජනතා සම්මානයට පාත්‍ර වීමෙන් INSEE සංස්ථා සන්නාමය වසර ගණනාවක් තිස්සේ රැකගත් පාරිභෝගික විශ්වාසය විදහා දක්වන බව එම සමාගම කියයි. 06 July 2021
SDB බැංකුව සහ ජල සම්පාදන මණ්ඩලයෙන් ‘නළ ජල දියවර’ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකත්වය සවිබල ගැන්වීමේ ශ්‍රී ලාංකික ප්‍රමුඛයා වනSDB බැංකුව පසුගියදා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට එළඹෙමින් නිවෙස්වලට සහ ව්‍යාපාර කටයුතු සඳහා ජල පහසුකම් ලබාගැනීමට අපේක්ෂා කරන ජනතාවට රුපියල් 50,000 සිට ඉහළට ණය මුදල් ලබා ගැනීමට හැකි ‘නළ ජල දියවර’ ණය යෝජනා ක්‍රමය හඳුන්වා දුන්නේය. 06 July 2021
අලියාන්ස්-Hutch එකතුවෙන් ජීවිත රක්ෂණාවරණයක් අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා හා එක්ව එහි පෙර ගෙවුම් හා පසු ගෙවුම් පාරිභෝගිකයන්ට ස්මාර්ට් ප්‍රොටෙක්ෂන් නමින් සුවිශේෂී ජීවිත රක්ෂණාවරණයක් ලබාදීම වෙනුවෙන් පසුගිය දා අත්වැල් බැඳ ගත්තේය. 06 July 2021
හම්බන්තොට රෝහලට HIPG වෙතින් අ.ඩො. 75000 ප්‍රධානයක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ PCR පරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් 75,000ක ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කර තිබේ. HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී මෙම පරිත්‍යාගය සිදු කෙරිණි. 29 June 2021
වැඩිම පිරිසකගේ ආදරය ලබන ළදරු නිෂ්පාදන සන්නාමය බේබි ෂෙරමි LMD Brands Annual 2021 ශ්‍රේණිගත කිරීම් අනුව හේමාස් කන්සියුමර්හි බේබි ෂෙරමි, වැඩිම ආදරය දිනාගත් ළදරු නිෂ්පාදන සන්නාමය (Most Loved Brand in the Baby Care sector) ලෙසින් ගෞරවාදරයට පත්ව තිබේ. 29 June 2021
ගංවතුරින් පීඩාවට පත්වූවන්ට ඩයලොග් මනුසත්කාර රටේ ජනතාව පීඩාවට පත්වූ සෑම අවස්ථාවකදීම පෙරට එන, මෙරට ප්රමුඛ සන්නිවේදන සම්පාදකයකු වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, ‘ඩයලොග් සමඟ මනුසත් දෙරණ’ ක්‍රියාන්විතයේ තවත් පියවරක් ක්‍රියාත්මක කළේය. දිවයිනට බලපෑ ගංවතුර තත්ත්වයෙන් විපතට පත් පවුල්වලට සහ පුද්ගලයන්ට සහන සැලසීම ඒ අනුව කටයුතු කළේය. 29 June 2021
මයිලෝ, කඩදාසි බීම බට භාවිතය අරඹයි නෙස්ලේ සමාගමේ ජනාදරයට පත් සන්නාමයක් වන මයිලෝ, තම සැකසූ පානය සමඟ ලබාදෙන ප්ලාස්ටික් බීම බටය වෙනුවට කඩදාසි බීම බටයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ මෙරට සැකසූ පාන අතුරින් වඩාත් තිaරසාර විසඳුමක් ලෙස කඩදාසි බීම බට හඳුන්වා දුන් පළමු නිෂ්පාදනය බවට පත්වෙමිනි. 29 June 2021
LOLC සමූහයට රු. බි. 57ක විශිෂ්ට බදු පෙර ලාභයක් LOLC සමාගම් සමූහය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වසර තුළ වාර්තාගත ක්‍රියාකාරිත්වයක් සටහන් කරමින්, පෙර නොවූ විරූ ලාභදායීතාවක් අත්කරගෙන තිබේ. සමූහය එහිදී රු. බි. 57ක බදු පෙර ලාභයක් සහ රු. බි. 53ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇත්තේ එම ඉලක්කය කරා ළඟා වූ දිවයිනේ ප්‍රථම පෞද්ගලික අංශයේ ආයතනය ලෙසිනි. 22 June 2021
පරිසරය සහ ශ්‍රී පාද උරුමය සුරැකීමට ක්ලෝගාඩ් අතහිත ක්ලෝගාඩ්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව ශ්‍රී පාද අඩවිය අවට පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සත්කාරයකට දායක වෙන ලදී. මෙහි දී වටිනා ජෛව විවිධත්වයකින් යුත් ශ්‍රී පාද අඩවිය අවට ප්ලාස්ටික් දූෂණය අවම කිරීම උදෙසා විවිධ ආකාරයේ මුල පිරීම් රාශියක් සිදු කළේය. 22 June 2021
සෙලින්කෝ ලයිෆ් වෙතින් කන්තලේ මූලික රෝහලට ශ්වසනාධාර උපකරණ ශ්වසන අපහසුතාවලට ගොදුරුවන රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් පහසුකම් ලබාදීමට අවශ්‍යතා ඇති තවත් රෝහලක් වන කන්තලේ මූලික රෝහල සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම පසුගියදා High Flow Nasal Cannula (HFNC) උපකරණ පරිත්‍යාග කළේය. 22 June 2021
PickMe වෙතින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නව යෙදවුමක් PickMeආයතනය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් නවතම යෙදුමක් හඳුන්වා දී ඇත. මෙම යෙදුම මඟින් එම ව්‍යාපාරවලට තම ප්‍රවාහන ගාස්තු සියයට 40කින් අඩු කරගැනීමට හැකි බව එම ආයතනය සඳහන් කරයි. 22 June 2021
ඩයලොග් එන්ටප්‍රයිස් Dialog Sekur හඳුන්වා දෙයි ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනය සහ ප්රමුඛ පෙළේ ස්විස් ආරක්ෂක දත්ත කළමනාකරණ හා ක්ලවුඩ් සන්නිවේදන සමාගමක් වන Globex Data සමඟ එක්ව ව්‍යාපාර සඳහා සුරක්ෂිත සන්නිවේදන මාධ්‍යයක් ලෙස Dialog Sekur හඳුන්වා දෙන දුන්නේය. ආයතනයේ කාර්යභාරය පහසුවෙන් ඉටුකළ හැකි තත්ත්වයකට අනුගතවීමට උනන්දු වන සමාගම්, සිය සමාගම්වල කීර්තිනාමයට හානියක් නොවන පරිදි සේවකයන්ගේත් පාරිභෝගිකයන්ගේත් දත්ත වඩා හොඳින් සුරක්ෂිත කළ හැකි ආරක්ෂිත උපාංග පිළිබඳ අභියෝගයට බොහෝවිට මුහුණපායි. 16 June 2021
කොමර්ෂල් බැංකුවෙන් සෞඛ්‍ය අංශයට දිගටම සහයෝගය කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූවන් සඳහා සහයෝගය දැක්වීමට කොමර්ෂල් බැංකුව ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ මේ දක්වා දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල 16 කට වැඩි සංඛ්‍යාවකට වෛද්‍ය සහ සෙසු පෞද්ගලික ආරක්ෂණ උපකරණ පරිත්‍යාග කර තිබෙන බව එම බැංකුව කියයි. 16 June 2021
මෝටර් රථ ක්ෂේත්රයේ වඩාත්ම වටිනා සන්නාමය සියැට් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ටයර් සන්නාමය වන සියැට් 2021 වසරේදි ශ්‍රී ලංකාවේ Motor අංශයේ වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාමය ලෙසින් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වර්ගීකරණයේ දී තේරී පත්වී තිබේ. මේ අනුව, මෙම වර්ගීකරණයේ දී සියැට් සන්නාමය සමස්තයක් ලෙස ස්ථාන 05 ක් ඉදිරියට පැමිණ ඇත. 16 June 2021
මැලිබන් සමාගමෙන් ගම්පහ දිස්ත්‍රික් රෝහලට අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ පරිත්‍යාගයක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට මැලිබන් සමාගම පසුගියදා කටයුතු කළේ ය. මේ වන විට රට තුළ වේගයෙන් පැතිර යන කොරෝනා රෝගය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ අතිශයින් වැදගත් වනු ඇතැයි එම සමාගම කියයි. 16 June 2021
ඩයලොග් Diriya.lk වෙතින් ව්‍යවසායකයන්ට දැනුම ශ්‍රී ලාංකේය ජන ජීවිත සහ ව්‍යාපාර දිරිගන්වමින් සවිබල ගැන්වීමේ සිය දැක්මට අනුව යමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් භාෂා ත්‍රිත්වයෙන්ම නොමිලේ ව්‍යාපාරික දැනුම ලබාදෙන www.diriya.lkවෙබ් අවකාෂය හඳුන්වා දෙන ලදී. මෙම වෙබ් අඩවිය, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (ලෝක බැංකු සමූහයේ සාමාජික) සහ පිළිගත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සම්පත් දායකත්වයෙන් ක්‍රියාත්මක වේ. 07 June 2021
අප්ෆීල්ඩ් ලංකා සමගම ICU ඇඳන් 10ක් පරිත්‍යාග කරයි මෙම අභියෝගාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ඇස්ට්‍රා සහ ෆ්ලෝරා නිෂ්පාදන සඳහා හිමිකම් කියන ලොව විශාලතම ශාකමය ආහාර නිෂ්පාදන ආයතනය වන අප්ෆීල්ඩ් ලංකා සමාගම, ශ්‍රී ලංකා හමුදා සේවා වනිතා ඒකකය හරහා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට ඉලෙක්ට්‍රික් ICU ඇඳන් 10ක් පරිත්‍යාග කිරීමට පියවර ගත්තේය. 07 June 2021
නිවසේ සිට ඉගෙන ගන්න Samsung Tabs අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන පන්ති මගින් පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ට නිසි සාධාරණයක් ඉෂ්ට කිරීමේ අරමුණෙන් Samsung සමාගම S pen හඳුන්වා දී තිබේ. 07 June 2021
ඩයලොග් මනුසත්කාරයෙන් රෝහල්වලට අත්‍යවශ්‍ය උපකරණ ජනතාවට වියළි ආහාර මලුත් බෙදාදෙයි මෙරට ජනතාව පීඩාවට පත්වූ සෑම අවස්ථාවකදීම පෙරට එමින්, ඔවුන්ට සහායවීම සඳහා සිය ප්‍රජා සේවාවන් ඉදිරියට ගෙනයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, රෝහල් සඳහා අත්‍යවශ්‍ය උපකරණ සහ හුදකලා කළ ප්‍රදේශවල ජනතාවට වියළි ආහාර මළු බෙදාදීම වෙනුවෙන් ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග්’ ක්‍රියාන්විතයේ තෙවන අදියර පසුගියදා ආරම්භ කරන ලදී. 02 June 2021
සිංගර් යළිත් ජාත්‍යන්තර සම්මාන ලබයි සිංගර්, Global Banking and Financial Awards 11 වෙනි උළෙලේදී, ශ්‍රී ලංකාවේ Retail Brand of the Year ලෙසින්, දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබ තිබේ. 02 June 2021
‘ස්වදේශී’ සමාගමට Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ස්වදේශී, Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ලබාගත් පළමු ශාකසාර පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන පෞද්ගලික ආයතනය ලෙසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙතින් පසුගියදා පිදුම් ලැබීය. 02 June 2021
සියැට් කැලණි වෙතින් කරාපිටිය ශික්ෂණ රෝහලට ඔක්සිජන් උපකරණ පරිත්‍යාගයක් දකුණු පළාතේ විශාලතම රෝහල වන කරාපිටිය රෝහල සඳහා High Flow Nasal Oxygen (HFNO) යන්ත්‍ර දෙකක් පසුගියදා සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් පරිත්‍යාග කරන ලදී. 02 June 2021
කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයෙන් කොරෝනා නසන උපකරණ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ කොරෝනා මර්ධන කටයුතුවලයෙදී සිටින සෞඛ්‍ය අංශවල සාමාජිකයන්ගේ ප්‍රයෝජනය සඳහා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේය. 28 May 2021
නව ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සැකැසීමට ඊ-සමීක්ෂණයක් අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි තිරසාර කර්මාන්තයක් ගොඩනැගීමේ අරමුණින් සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ නව ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමට කර්මාන්ත පාර්ශ්වකරුවන්ගෙන් අදහස් ලබාගැනීම සඳහා සමීක්ෂණයක් ආරම්භ කර තිබේ. 2020 නොවැම්බරයේ සංචාරක පාර්ශ්වකරුවන් වෙත යෝජනා සඳහා යවන ලද ලිඛිත ඉල්ලීමට අමතරව මෙම සමීක්ෂණය සිදුකිරීමට කටයුතු යොදා තිබේ. 25 May 2021
සෙලාන් බැංකුවට රු. බි. 1ක ලාභයක් කොරෝනා 19 වසංගතය මඟින් ඇති කරන ලද සාර්ව ආර්ථික අභියෝග මධ්‍යයේ වුව ද 2021 වසරේ පළමු කාර්තුවේදී රු. බි. 1ක බදු ගෙවීමෙන් පසු ලාභයක් (PAT) වාර්තා කරමින් සෙලාන් බැංකුව මේ වසරේ දී ස්ථාවර ආරම්භයක් ලබාගැනීමට සමත් වී ඇතැයි එම බැංකුව සඳහන් කරයි. 25 May 2021
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026